ගීතාවලිය 39:6 - Sinhala Revised Old Version සැබවින් කොයි මනුෂ්‍යයාත් නිෂ්ඵල භාවයෙන් හැසිරෙයි. සැබවින් ඔව්හු නිෂ්කාරණයේ කැලඹෙති. ඔහු වස්තු රැස්කරයි, ඒවා හිමිකර ගන්නේ කවුදැයි නොදනියි. Sinhala New Revised Version හැම මිනිසා ම සෙවණැල්ලක් වැනි ය; ඔහු කොයි දේ කළත් එය නිෂ්ඵල ය. ඔහු වස්තු රැස් කරතත්, ඒවා කාට හිමි වේ දැ යි නොදනියි. Sinhala New Revised Version 2018 හැම මිනිසා ම සෙවණැල්ලක් වැනි ය; ඔහු කොයි දේ කළත් එය නිෂ්ඵල ය. ඔහු වස්තු රැස් කරතත්, ඒවා කාට හිමි වේ දැ යි නොදනියි. |
මම ක්ෂයවී ඉඳිමි; මම සෑමකල්ම ජීවත් නොවන්නෙමි. මාගේ දවස් හුස්මක්ව තිබෙන නිසා මාගෙන් ඔබගේ අත අහකට ගත මැනව.
වේලාසනින් නැගිටීමත්, බොහෝ රෑවෙනකල්ම නිවාඩු නොගැනීමත්, වෙහෙසව සපයාගත් භෝජන බුදීමත් නුඹලාට නිෂ්ඵලවේ. මක්නිසාද උන්වහන්සේ තමන් ප්‍රිය තැනැත්තාට එසේ නින්ද දෙනසේක.
සත්පුරුෂයා තමාගේ දරුවන්ගේ දරුවන්ට උරුමයක් තබා යයි; පාපිෂ්ඨයාගේ වස්තුව ධර්මිෂ්ඨයන්ට තැන්පත්කොට තබා තිබේ.
නැතිවීයන දේට නුඹේ ඇස් යොමු කරන්නෙහිද? වස්තුව පියාපත් සාදාගෙන රාජාලියෙකු මෙන් අහස දෙසට ඉගිලී යන්නේමය.
එසේ නුඹේ සිතෙන් ශෝකය පහකර නුඹේ මාංසයෙන් දුක දුරුකරන්න. මක්නිසාද යෞවන කාලයත් පුරුෂ අවස්ථාවත් නිෂ්ඵලකමය.
සියල්ල අසනලදී, මුළු කාරණයේ තීන්දුව නම් මේය: දෙවියන්වහන්සේට භයව උන්වහන්සේගේ ආඥා පවත්වන්න; මේ වනාහි සියලු මනුෂ්‍යයන්ගේ යුතුකමය.
දෙවියන්වහන්සේ තමන් ඉදිරියෙහි යහපත්ව සිටින මනුෂ්‍යයාට ප්‍රඥාවත් දැනගැන්මත් ප්‍රීතියත් දෙනසේක. නුමුත් පව්කාරයාට, දෙවියන්වහන්සේ ඉදිරියෙහි යහපත්ව සිටින අයට දෙන පිණිස, [වස්තු] රැස්කර තැබීමේ වෙහෙසය දෙනසේක. මේකත් නිෂ්ඵලකමක්ව, හිස්වූ උත්සාහයක්ව තිබේ.
මම රන් රිදීද රජවරුන්ගෙත් දේශවලත් වස්තුද රැස්කරගතිමි. මම ගායනාකාරයන් හා ගායනාකාරියන්ද මනුෂ්‍ය පුත්‍රයන්ගේ ප්‍රීතිය වන බොහෝ භාර්යාවන්ද සපයාගතිමි.
ඒ වස්තු යම් නපුරු සිද්ධියකදී නැතිවෙයි; මෙසේ ඔහුට දාව පුත්‍රයෙක් සිටියත් ඔහු අතේ කිසිත් නැත.
කෑම නොවන දේට මුදල්ද තෘප්තියට නොපමුණුවන දේට නුඹලාගේ වස්තුවද වියදම්කරන්නේ මක්නිසාද? හොඳාකාරයෙන් මට ඇහුම්කන්දී හොඳව තිබෙන දේ කන්න, නුඹලාගේ ප්‍රාණයද තරකම භුක්තිවිඳීවා.
ඉඳින් සුළු දෙයක්වත් කරගන්ට නුඹලාට බැරි නම්, නුඹලා අනික් කාරණා ගැන කනස්සලුවන්නේ මක්නිසාද?
මේ ලෝකය භුක්තිවිඳින්නෝ අධිකලෙස භුක්ති නොවිඳින්නන් මෙන්ද සිටිය යුත්තෝයයි කියමි. මක්නිසාද මේ ලෝකයේ අන්දම පහවෙවී යන්නේය.
මක්නිසාද හෙට මක්වේද කියා නුඹලා දන්නේ නැත. නුඹලාගේ ජීවිතය මොකක්ද? නුඹලා ස්වල්ප වේලාවක් පෙනී පසුව නොපෙනී යන මීදුමක්ය.
නුඹලාගේ රන්රිදී මලකඩකා තිබේ; ඒ මලකඩ නුඹලාට විරුද්ධව සාක්ෂියක් වී, ගිනි මෙන් නුඹලාගේ මාංස දවනවා ඇත. අන්තිම දවස්වලදී නුඹලා වස්තු රැස්කොට තැබුවහුය.
කුමක්හෙයින්ද: මාංසමයවූ සියල්ලෝම තණකොළ මෙන්ය, ඔවුන්ගේ මුළු තේජස තණමල මෙන්ය. තණකොළ වියළීයයි, මල් වැටේ.