ගීතාවලිය 31:20 - Sinhala Revised Old Version මනුෂ්‍යයාගේ කුමන්ත්‍රණවලින් ඔබ හමුවෙහිවූ අප්‍රකාශස්ථානයෙහි ඔබ ඔවුන් සඟවනසේක. මුඛ විවාදයෙන් ඔවුන් විමානයෙක්හි රහස්ලෙස ආරක්ෂාකරනසේක. Sinhala New Revised Version මිනිසුන්ගේ කුමන්ත්‍රණවලින් ඔබ ආරක්ෂාවෙහි ඔබ ඔවුන් සඟවන සේක; කලහකාරි අයගෙන් ඔවුන් වෙන් කොට ඔබේ මැදුරෙහි සුරැකි ව තබන සේක. Sinhala New Revised Version 2018 මිනිසුන්ගේ කුමන්ත්‍රණවලින් ඔබ ආරක්ෂාවෙහි ඔබ ඔවුන් සඟවන සේක; කලහකාරි අයගෙන් ඔවුන් වෙන් කොට ඔබේ මැදුරෙහි සුරැකි ව තබන සේක. |
දුෂ්ටයාගේ අහංකාරකමෙන් දිළිඳා දැවෙන්නේය; ඔවුන් විසින් යොදන ප්‍රයෝගවලින් තුමූම අසුවෙත්වා.
මක්නිසාද පොළොවට උඩින් අහස උස්ව තිබෙන්නාක්මෙන් උන්වහන්සේ කෙරෙහි භය ඇත්තන්ට උන්වහන්සේගේ කරුණාව මහත්ය.
ස්වාමීන්වහන්සේ අනුකම්පාවෙන් හා දයාවෙන් පිරී සිටිනසේක, කෝපවීමට ප්‍රමාදය, අතිශයින් කරුණාවන්තය.
පුත්‍රයාණන් සිඹිව්, නැතහොත් උන්වහන්සේ උදහස්වනසේක, නුඹලාද මාර්ගයේදී විනාශවන්නහුය, මක්නිසාද උන්වහන්සේගේ උදහස වහාම ඇවිලෙන්නේය. උන්වහන්සේ සරණකොට ගන්න සියල්ලෝ ආශීර්වාදලද්දෝය.
මක්නිසාද විපත්ති දවසේදී උන්වහන්සේ ස්වකීය විමානයෙහි මා වසා තබනසේක, ස්වකීය මණ්ඩපයෙහි වූ අප්‍රකාශ ස්ථානයෙහි මා සඟවනසේක; උන්වහන්සේ පර්වතයක් පිට මා ඔසවා තබනසේක.
මාගේ සැඟවෙන ඉඩම නම් ඔබය; දුකට නොපැමිණෙන ලෙස ඔබ මා ආරක්ෂාකරනසේක; මිදීමේ ගීතිකාවලින් ඔබ මා වටකරනසේක.
ඔබගේ ධර්මිෂ්ඨකම දෙවියන්වහන්සේගේ කඳු මෙනි; ඔබගේ විනිශ්චයෝ මහමුහුද මෙන් ගැඹුරුය. ස්වාමිනි, ඔබ මනුෂ්‍යයාද මෘගයාද ආරක්ෂාකරනසේක.
ඔව්හු ඔබගේ ගෘහයේ පූර්ණකමෙන් බොහෝසේ තෘප්තියට පැමිණෙන්නෝය; ඔබගේ ප්‍රීතිය නමැති ගංගාවෙන් ඔබ ඔවුන්ට පානයකරවනසේක.
ස්වාමීන් කෙරෙහි විශ්වාසකරන්නෝය. ස්වාමීන් කෙරෙහි විශ්වාසකරන්නාවූ, උඩඟුකාරයන්වත් බොරුවලට හැරෙන්නන්වත් නොසලකන්නාවූ තැනැත්තේ ආශීර්වාදලද්දෙක්ය.
දෙවියන්වහන්ස, උදාරම්කාරයෝ මට විරුද්ධව නැගිට සිටිති, බාලාත්කාරකරන්නන්ගේ සභාව මාගේ ප්‍රාණය සෙවීය, ඔවුන් තමුන් ඉදිරියෙහි ඔබ තබාගන නැත.
ස්වාමීන්වහන්සේ සියලු දෙවිවරුන්ට වඩා උතුම් බව දැන් දනිමි. එසේය, ඔවුන් උඩඟු ලෙස මොවුන්ට විරුද්ධව හැසුරුණු කාරණයේදී උන්වහන්සේ එසේම වූසේකැයි කීයේය.
ක්‍රීඩා ඝෝෂාව සහ බීමත්කමෙන් හෝ සල්ලාලකම සහ අනාචාරයෙන් හෝ ඩබර සහ ඊර්ෂ්‍යාවෙන් හෝ නොහැසිර, දවාලෙහි මෙන් ඔබින ලෙස හැසිරෙමු.
මක්නිසාද මා ආකල යම් විධියකින් නුඹලා මා කැමති ආකාර නොවන බවත්, මා නුඹලා කැමති ආකාර නොවන බවත් පෙනේදෝ කියාද, යම් විධියකින් විවාද, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, පක්ෂවාදිකම්, කේලාම්, කනට කෙඳිරීම්, උඩඟුකම්, කෝලාහල පවතිනවා ඇද්දෝ කියාද,
ඔහු කිසිවක් නොදැන, වචන ගැන ප්‍රශ්නකිරීමෙන්ද වාදකිරීමෙන්ද උමතුව අහංකාරව සිටියි; එයින් ඊර්ෂ්‍යාවද විවාදයද අපහාසයද නපුරුයයි සිතීම්ද දූෂ්‍යවුණ සිත් ඇත්තාවූ,
නුමුත් උන්වහන්සේ වඩා කරුණව දෙනසේක. ඉන්නිසා: දෙවියන්වහන්සේ උඩඟුවූවන්ට විරුද්ධව සිට, යටහතුන්ට කරුණාව දෙනසේකැයි ලියවිල්ල කියන්නේය.