ආබෙල්ද තමාගේ රැළේ කුලුඳුලන්ගෙන්ද උන්ගේ තෙලින්ද ගෙනායේය. ස්වාමීන්වහන්සේ ආබෙල් සහ ඔහුගේ පඬුර සැලකූසේක;
ගීතාවලිය 20:3 - Sinhala Revised Old Version නුඹේ පූජා සියල්ල සිහිකරනසේක්වා, නුඹේ දවන පූජාව පිළිගන්නාසේක්වා; Sinhala New Revised Version ඔබේ පුද පූජා සියල්ල සිහි කරන සේක් වා! ඔබේ දවන යාග පූජා පිළිගන්න සේක් වා! Sinhala New Revised Version 2018 ඔබේ පුද පූජා සියල්ල සිහි කරන සේක් වා! ඔබේ දවන යාග පූජා පිළිගන්න සේක් වා! |
ආබෙල්ද තමාගේ රැළේ කුලුඳුලන්ගෙන්ද උන්ගේ තෙලින්ද ගෙනායේය. ස්වාමීන්වහන්සේ ආබෙල් සහ ඔහුගේ පඬුර සැලකූසේක;
එහි දාවිත් ස්වාමීන්වහන්සේට පූජාසනයක් ගොඩනගා, දවන පූජාද ශාන්ති පූජාද ඔප්පුකොට, ස්වාමීන්වහන්සේට යාච්ඤාකෙළේය; උන්වහන්සේද දවන පූජාසනය පිටට අහසෙන් ගිනි එවා ඔහුට උත්තරදුන්සේක.
සාලමොන් යාච්ඤාකොට නිමකළ විට අහසින් ගිනි බැස ඇවිත් දවන පූජාවද යාගයන්ද දවාදැම්මේය; ස්වාමීන්වහන්සේගේ තේජසින් ගෘහය පිරීගියේය.
ස්වාමීන්වහන්සේ සියොන්හි සිට නුඹට ආශීර්වාදකරනසේක. නුඹේ ජීවිතයේ සියලු දවස්වල යෙරුසලමේ යහපත දක්නෙහිය.
ස්වාමීන්වහන්සේ, එසේය, අහසත් පොළොවත් මැවූ තැනන්වහන්සේ, සියොන්හි සිට නුඹට ආශීර්වාදකරන සේක්වා.
එකල ධර්මිෂ්ඨකමේ පූජාවලට, එනම් දවන පූජාව හා මුළු දවන පූජාවට, ඔබ ප්‍රියවනසේක. එවිට ඔව්හු ඔබගේ පූජාසනය පිට ගොනුන් පූජාකරන්නාහුය.
කේදාර්හි සියලු එළු බැටළු රැළවල් නුඹ වෙතට රැස්කරනු ලැබෙත්, නෙබායොත්හි බැටළුවෝ නුඹට සේවයකරත්. උන් මාගේ පූජාසනය පිටට පැමිණ පිළිගනු ලැබෙත්. මමද මාගේ තේජසේ ගෘහය අලංකාරකරන්නෙමි.
ස්වාමීන්වහන්සේ ඉදිරියෙන් ගිනි නික්ම අවුත් පූජාසනය පිට දවන පූජාවද තෙල්ද දවා දැමුවේය. මුළු සෙනඟ ඒ දැක ශබ්ද පවත්වා මුහුණින් වැටුණෝය.
ඔහු දෙස ඇස් යොමා බලා, භයපත්ව: ස්වාමිනි, කිමෙක්දැයි ඇසීය. ඔහු කථාකොට: නුඹේ යාච්ඤාද දානද සිහිවීමක් කොට දෙවියන්වහන්සේ ඉදිරියට පැමුණුණේය.
ක්‍රිස්තුස්වහන්සේ නුඹලාට ප්‍රේමකොට, මිහිරි සුවඳක් පිණිස දෙවියන්වහන්සේට පූජාවක්ද යාගයක්ද කොට අප වෙනුවට තමන්ම පාවාදුන්නාක්මෙන්ම, නුඹලාත් ප්‍රේමයෙන් හැසිරින්න.
නුඹලාත් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන දෙවියන්වහන්සේට ප්‍රසන්නවූ ආත්මික පූජා ඔප්පුකරන පිණිස ශුද්ධ පූජක සමූහයක් වීමට ආත්මික ගෘහයක් කොට ජීවමාන ගල් මෙන් ගොඩනගනු ලබන්නහුය,