මාගේ විපතේදී ස්වාමීන්ට අයැදීමි, එසේය, මාගේ දෙවියන්වහන්සේට මොරගැසීමි. උන්වහන්සේ තමන් මාලිගාවේ සිට මාගේ හඬ ඇසූසේක, මාගේ හඬ උන්වහන්සේගේ කණෙහි වැටුණේය.
ගීතාවලිය 18:6 - Sinhala Revised Old Version මාගේ විපත්තියේදී ස්වාමීන්ට හඬගැසීමි, මාගේ දෙවියන්වහන්සේට මොරගැසීමි. උන්වහන්සේ තමන් මාලිගාවෙහි සිට මාගේ හඬ ඇසූසේක, උන්වහන්සේ ඉදිරියෙහි මාගේ මොරගැසීමද උන්වහන්සේගේ කණෙහි වැටුණේය. Sinhala New Revised Version මාගේ විපතේ දී සමිඳුන්ට අයැදීමි, මාගේ දෙවිඳුන්ට මොරගැසීමි. එතුමාණෝ සිය මාලිගාවේ සිට මා හඬට සවන් දුන් සේක. මා යාදිනි එතුමන් වෙත නැඟිණි. Sinhala New Revised Version 2018 මාගේ විපතේ දී සමිඳුන්ට අයැදීමි, මාගේ දෙවිඳුන්ට මොරගැසීමි. එතුමාණෝ සිය මාලිගාවේ සිට මා හඬට සවන් දුන් සේක. මා යාදිනි එතුමාණෝ වෙත නැඟිණි. |
මාගේ විපතේදී ස්වාමීන්ට අයැදීමි, එසේය, මාගේ දෙවියන්වහන්සේට මොරගැසීමි. උන්වහන්සේ තමන් මාලිගාවේ සිට මාගේ හඬ ඇසූසේක, මාගේ හඬ උන්වහන්සේගේ කණෙහි වැටුණේය.
එවිට ලෙවීවරුවූ පූජකයෝ නැගිට සෙනඟට ආශීර්වාදකළෝය. ඔවුන්ගේ හඬ අසනු ලැබ, ඔවුන්ගේ යාච්ඤාව උන්වහන්සේගේ පිරිසිදු වාසස්ථානය වන ස්වර්ගයට නැංගේය.
ස්වාමීන්වහන්සේ ස්වකීය ශුද්ධ මන්දිරයෙහි වැඩ සිටිනසේක, ස්වාමීන්ගේ සිංහාසනය ස්වර්ගයෙහිය; උන්වහන්සේගේ ඇස්වලින් මනුෂ්‍ය පුත්‍රයන් බලා ඇසිපියවලින් ඔවුන් පරීක්ෂාකරනසේක.
මම වනාහි ඔබගේ අධික කරුණා ගුණය පෙරදැරිකොට ඔබගේ ගෘහයට ඇතුල්වන්නෙමි. ඔබ කෙරෙහි භයින් යුක්තව ඔබගේ ශුද්ධවූ මන්දිරය දෙසට නමස්කාර කරන්නෙමි.
ඉක්බිති කල් යාමේදී මිසරයේ රජ මළේය. ඉශ්‍රායෙල් පුත්‍රයෝ වහල්වැඩ නිසා සුසුම්ලමින් මොරගැසුවෝය. වහල් වැඩ නිසා ඔවුන්ගේ මොරගැසීම දෙවියන්වහන්සේ වෙතට පැමුණුණේය.
ස්වාමීන්වහන්සේ තමන්ගේ ශුද්ධ මාළිගාවෙහි සිටිනසේක. මුළු පොළොව උන්වහන්සේ ඉදිරියෙහි නිශ්ශබ්දවේවා.
අබ්බා පියාණෙනි, ඔබට සියල්ලම පුළුවන; මේ කුසලාන මාගෙන් පහකළ මැනව. එසේ වී නුමුත් මා කැමති දේ නොව ඔබ කැමති දේ වේවයි කීසේක.
එබැවින් පේතෘස් හිරගෙයි රැකවල්කරනලද්දේය. නුමුත් සභාව ඔහු උදෙසා දෙවියන්වහන්සේට උදක්ම යාච්ඤාකළාය.
එවිට ස්වර්ගයෙහි තිබෙන දෙවියන්වහන්සේගේ මාළිගාව අරිනලද්දේය. උන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටියද උන්වහන්සේගේ මාළිගාවෙහි පෙනුණේය; එවිට විදුලිද ශබ්දද ගර්ජනාද භූමිකම්පාවක්ද මහත් ගල්වර්ෂාවක්ද විය.