එකල ස්වාමීන්ගේ තරවටුවෙන්ද උන්වහන්සේගේ නාසා වාතය නිසාද සමුද්‍ර පතුල් ප්‍රකාශවුණේය, පොළොවේ අත්තිවාරම්ද ප්‍රකාශ විය.
ගීතාවලිය 18:15 - Sinhala Revised Old Version එවිට ස්වාමිනි, ඔබගේ තරවටුකිරීමෙන්ද ඔබගේ නාසා වාත වේගයෙන්ද ජල පාරවල් ප්‍රකාශවුණේය, ලෝකයේ අත්තිවාරම්ද ප්‍රකාශවිය. Sinhala New Revised Version සමිඳුනි, ඔබේ තරවටු කිරීමෙන් ද ඔබේ නාසයේ හුස්මේ වේගයෙන් ද සත් සමුදුර හෙළි පෙහෙළි විය. Sinhala New Revised Version 2018 සමිඳුනි, ඔබේ තරවටු කිරීමෙන් ද ඔබේ නාසයේ හුස්මේ වේගයෙන් ද සත් සමුදුර හෙළි පෙහෙළි විය. |
එකල ස්වාමීන්ගේ තරවටුවෙන්ද උන්වහන්සේගේ නාසා වාතය නිසාද සමුද්‍ර පතුල් ප්‍රකාශවුණේය, පොළොවේ අත්තිවාරම්ද ප්‍රකාශ විය.
ඔහු ආරංචියක් අසා තමාගේ දේශයට හැරීයන ලෙස මම ඔහු පිටට ආත්මයක් පමුණුවා, ඔහුගේ දේශයේදී ඔහු කඩුවෙන් වැටෙන්ට සලස්වන්නෙමියි කියනසේකැයි නුඹලාගේ ස්වාමියාට දන්වන්නැයි කීවේය.
දෙවියන්වහන්සේගේ හුස්මට ඔව්හු විනාශවන්නෝය, උන්වහන්සේගේ උදහස නමැති සුළං පහරින් ඔව්හු පහව යන්නෝය.
උන්වහන්සේ රතු මුහුදට තරවටුකළසේක, එය වියළුණේය. වනයක් මැදින් මෙන් ගැඹුර මැදින් ඔවුන් ගෙනගියසේක.
යාකොබ්ගේ දෙවියන්වහන්ස, ඔබගේ තරවටුකිරීමෙන් රථ සේනාව සහ අසරුවෝ බර නින්දට හෙළනු ලැබුවෝය.
ඔබගේ නාසිකා වාතයෙන් ජලය ගොඩක් මෙන් සිටියේය, ජලධාරාවෝ ගොඩක් මෙන් කෙලින් සිටියෝය; මුහුද මැද ජලස්කන්ධයෝ මිදුණෝය.
ධර්මිෂ්ඨකමෙන් දිළිඳුන් විනිශ්චය කොට, පොළොවේ යටහතුන් උදෙසා යුක්තියෙන් නිශ්චයකරනසේක. ස්වකීය මුඛය නැමති යෂ්ටියෙන් පොළොවට පහරදී, තමන්ගේ තොල්වල හුස්මෙන් දුෂ්ටයන් මරනසේක.
මක්නිසාද පුරාණයේ සිට තෝපෙත් ගින්න පිළියෙළකර තිබේ; එසේය, රජුට ඒක සූදානම්කොට ගැඹුරුකර පළල්කර තිබේ. ඒ ගොඩ වනාහි ගිනි සහ දර සෑයක්ය; ගෙන්දගම් ඔයක් වැනි ස්වාමීන්වහන්සේගේ හුස්මට එය ඇවිළීයයි.
ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: යමෙකුට ඉහළ අහස මනින්ටත් පහත පොළොවේ අත්තිවාරම් සොයා දැනගන්ටත් පුළුවන් නම් මමත් මුළු ඉශ්‍රායෙල් වංශය ඔවුන් කළ සියල්ල නිසා එපාකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.
කඳුවල පතුලට බැස්සෙමි; පොළොව ස්වකීය අගුල්වලින් සදාකාලේටම මා හිරකරගත්තේය. එහෙත්, මාගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබ මාගේ ප්‍රාණය වළෙන් ගොඩට ගත්සේක.
එම්බා කඳු සහ පොළොවේ සවි අත්තිවාරම්, ස්වාමීන්වහන්සේගේ නඩුව අසන්න. මක්නිසාද ස්වාමීන්වහන්සේට තමන්ගේ සෙනඟ සමඟ නඩුවක් තිබේ, උන්වහන්සේ ඉශ්‍රායෙල් සමඟ විවාදකරනසේක.
ස්වාමීන්වහන්සේ ඔවුන්ට ඉහළින් පෙනෙනසේක, උන්වහන්සේගේ ඊගහද විදුලිය මෙන් විහිදෙන්නේය. ස්වාමිවූ දෙවියන්වහන්සේ හොරණෑව පිඹ, දකුණු දිශාවේ කුණාටුව ඇතුව යනවා ඇත.
සාමුවෙල් දවන පූජාව ඔප්පුකරන කල්හිම පිලිස්තිවරු ඉශ්‍රායෙල්ට විරුද්ධව සටනට ළංවූහ. නුමුත් ස්වාමීන්වහන්සේ ඒ දවසේ මහත් ශබ්දයකින් පිලිස්තිවරුන් මත්තෙහි ගර්ජනාකොට ඔවුන් විසුරුවා දැමූසේක; ඔව්හු ඉශ්‍රායෙල් ඉදිරියෙහි පැරදුණෝය.