Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මීකා 6:2 - Sinhala Revised Old Version

2 එම්බා කඳු සහ පොළොවේ සවි අත්තිවාරම්, ස්වාමීන්වහන්සේගේ නඩුව අසන්න. මක්නිසාද ස්වාමීන්වහන්සේට තමන්ගේ සෙනඟ සමඟ නඩුවක් තිබේ, උන්වහන්සේ ඉශ්‍රායෙල් සමඟ විවාදකරනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

2 එම්බා කඳු! සමිඳාණන් වහන්සේගේ චෝදනාවට කන් දෙන්න. පොළොවේ ස්ථිර අත්තිවාරම්, මේ පැමිණිල්ල අසන්න. මන්ද, සමිඳාණන් වහන්සේ තමන් සෙනඟට විරුද්ධ ව කරන පැමිණිල්ලක් ඇත. උන් වහන්සේ ඉශ්රායෙල්ට විරුද්ධ ව චෝදනාවක් කරන්න යන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 එම්බා කඳු! සමිඳාණන් වහන්සේගේ චෝදනාවට කන් දෙන්න. පොළොවේ ස්ථිර අත්තිවාරම්, මේ පැමිණිල්ල අසන්න. මන්ද, සමිඳාණන් වහන්සේ තමන් සෙනඟට විරුද්ධ ව කරන පැමිණිල්ලක් ඇත. උන් වහන්සේ ඉශ්රායෙල්ට විරුද්ධ ව චෝදනාවක් කරන්න යන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මීකා 6:2
19 හුවමාරු යොමු  

ඒ නිසා යූදාට විරුද්ධව ස්වාමීන්වහන්සේට පැමිණිල්ලක් ඇත්තේය, උන්වහන්සේ යාකොබ්ට ඔහුගේ මාර්ගවල හැටියට දඬුවම්කරනසේක; ඔහුගේ ක්‍රියාවල හැටියට ඔහුට විපාකදෙනසේක.


ඉශ්‍රායෙල් පුත්‍රයෙනි, ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න. මක්නිසාද සැබෑකමවත් කරුණාවවත් දෙවියන්වහන්සේ ඇඳිනගැනීමවත් දේශයෙහි නැති හෙයින් දේශයේ වැසියන් සමඟ ස්වාමීන්වහන්සේට පැමිණිල්ලක් තිබේ.


ඉතින් එන්න, අපි කාරණා කථා කරගනිමුයයි ස්වාමීන්වහන්සේ කියනසේක. නුඹලාගේ පව් රතු පාට මෙන් තිබෙන නුමුත්, ඒවා හිම මෙන් සුදු වන්නේය; ඒවා ලාක්ෂා මෙන් රතුව තිබෙන නුමුත් සුදු ලොම් මෙන් වන්නේය.


පොළොව සදාකල්ම නොසෙලවෙන ලෙස උන්වහන්සේ ඒකේ අත්තිවාරම් ලූසේක.


එකල ස්වාමීන්ගේ තරවටුවෙන්ද උන්වහන්සේගේ නාසා වාතය නිසාද සමුද්‍ර පතුල් ප්‍රකාශවුණේය, පොළොවේ අත්තිවාරම්ද ප්‍රකාශ විය.


මක්නිසාද මාගේ උදහසින් ගින්නක් ඇවිළී, ගැඹුරු පාතාලය දක්වාම දැවී යන්නේය, එයින් පොළොවද ඒකේ අස්වැන්නද විනාශ වන්නේය, කඳුවල අත්තිවාරම්ද දැවී යන්නේය.


ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: යමෙකුට ඉහළ අහස මනින්ටත් පහත පොළොවේ අත්තිවාරම් සොයා දැනගන්ටත් පුළුවන් නම් මමත් මුළු ඉශ්‍රායෙල් වංශය ඔවුන් කළ සියල්ල නිසා එපාකරන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


මහත් ශබ්දයක් පොළොවේ කෙළවර දක්වා පැමිණෙන්නේය; මක්නිසාද ස්වාමීන්වහන්සේට ජාතීන් සමඟ නඩුවක් තිබේ, උන්වහන්සේ මාංසමයවූ සියල්ලන් සමඟ විනිශ්චයට පැමිණෙනසේක; දුෂ්ටයන් වනාහි කඩුවට පාවා දෙනසේකැයි ස්වාමීන්වහන්සේ කියනසේක.


එබැවින් නුඹලා සමඟ මම තවමත් කාරණා ගෙනහැර දක්වමි, නුඹලාගේ දරුවන්ගේ දරුවන් සමඟත් කාරණා ගෙනහැර දක්වන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.


මට මතක්කරන්න; අපි එක්ව කාරණා කියාගනිමු. නුඹ ධර්මිෂ්ඨ බව පෙනෙන පිණිස නුඹම නුඹේ විත්තිය කියන්න.


ඉතින්, යෙරුසලමේ වැසියෙනි, යූදාහි මනුෂ්‍යයෙනි, මා සහ මාගේ මිදිවත්ත අතරේ විනිශ්චයකරන්න.


මුහුදේ ජලය එහි ඉම පසුකර නේන ලෙස උන්වහන්සේ මායිම් තැබූ කලද, පොළොවේ අත්තිවාරම් ලකුණුකළ කලද,


එවිට පොළොව සෙලවී කම්පාවිය, අහසේ අත්තිවාරම්ද වෙවුලා සෙලවුණේය, මක්නිසාද උන්වහන්සේ උදහස් වූසේක.


නුඹලා හිමිකරගන්ට යොර්දානෙන් එතරට යන දේශය මතු පිටින් නුඹලා ඉක්මනට සහමුලින් විනාශවෙන බවට අද දවසේ නුඹලාට විරුද්ධව සාක්ෂි පිණිස අහසටද පොළොවටද හඬගසමි; එහි නුඹලාගේ දවස් වැඩිනොවී, නුඹලා සහමුලින්ම විනාශ වන්නහුය.


ස්වාමීන්වහන්සේ කාරණා කියන්ට නැගිට ජනයන් විනිශ්චයකරන්ට සිටිනසේක.


ඉතින් ස්වාමීන්වහන්සේ කියනදේ අසන්න. නැගිට කඳු ඉදිරියෙහි පැමිණිලිකරන්න, හෙල්ද නුඹේ හඬ අසාවා.


ගර්භයේදී ඔහු තමාගේ සහෝදරයාගේ විලුඹ අල්වාගත්තේය; පුරුෂ වයසේදී ඔහු දෙවියන්වහන්සේ වෙත බලපෑවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්