Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 සාමුවෙල් 22:16 - Sinhala Revised Old Version

16 එකල ස්වාමීන්ගේ තරවටුවෙන්ද උන්වහන්සේගේ නාසා වාතය නිසාද සමුද්‍ර පතුල් ප්‍රකාශවුණේය, පොළොවේ අත්තිවාරම්ද ප්‍රකාශ විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 එකල සමිඳුන්ගේ තරවටුවෙන් ද එතුමන්ගේ නාසයෙන් නික්මුණ වාත වේගයෙන් ද සමුද්‍ර පත්ල එළි පෙහෙළි විය; පොළො‍වේ පදනම් ද දිස් විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 එකල සමිඳුන්ගේ තරවටුවෙන් ද එතුමන්ගේ නාසයෙන් නික්මුණ වාත වේගයෙන් ද සමුද්‍ර පත්ල එළි පෙහෙළි විය; පොළො‍වේ පදනම් ද දිස් විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 22:16
12 හුවමාරු යොමු  

උන්වහන්සේ මුහුදට තරවටුකොට, හින්දවා, සියලු ගංගාද හින්දවනසේක. බාෂාන්ද කර්මෙල්ද මැලවෙති, ලෙබනොන්හි දළුත් මැලවෙති.


උන්වහන්සේ රතු මුහුදට තරවටුකළසේක, එය වියළුණේය. වනයක් මැදින් මෙන් ගැඹුර මැදින් ඔවුන් ගෙනගියසේක.


දෙවියන්වහන්ස, ඔබ සදාකාලයටම අප පහකළේ කුමටද? ඔබගේ ගොදුරු බිමේ බැටළුවන්ට විරුද්ධව ඔබගේ උදහසේ දුම නගින්නේ මක්නිසාද?


මෙතැන් දක්වා එන්නෙහිය, මින් එහා නොයන්නෙහිය; නුඹේ උඩඟු රැළ පතර මෙහි නවතින්නේයයි කීවෙමි.


උන්වහන්සේගේ නාස්පුටවලින් දුමක් නැංගේය. උන්වහන්සේගේ මුඛයෙන් ගිනි නික්ම විනාශකෙළේය. එයින් අඟුරු ඇවුළුණේය.


එම්බා කඳු සහ පොළොවේ සවි අත්තිවාරම්, ස්වාමීන්වහන්සේගේ නඩුව අසන්න. මක්නිසාද ස්වාමීන්වහන්සේට තමන්ගේ සෙනඟ සමඟ නඩුවක් තිබේ, උන්වහන්සේ ඉශ්‍රායෙල් සමඟ විවාදකරනසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්