Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 74:15 - Sinhala Revised Old Version

15 ඔබ උල්පතට හා ජලධාරාවටත් මාර්ගය දැදුරුකළසේක. මහත් ගංගා වියළවූසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 උල්පත් සහ ජල ධාරා මුදා හැරියේ ඔබ වහන්සේ ය; ගලන ගංගා වියළී යෑමට සැලසුවේත් ඔබ වහන්සේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 උල්පත් සහ ජල ධාරා මුදා හැරියේ ඔබ වහන්සේ ය; ගලන ගංගා වියළී යෑමට සැලසුවේත් ඔබ වහන්සේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 74:15
15 හුවමාරු යොමු  

තමාගේ අත ඔසවා සැරයටියෙන් දෙවරක් පර්වතයට ගැසීය. එවිට වතුර බොහෝසෙයින් ගලාආයේය, සභාවද ඔවුන්ගේ සිව්පාවෝද එයින් බීවෝය.


උන්වහන්සේ ඔවුන් කාන්තාරය මැදින් ගෙනගිය විට ඔවුන්ට පිපාසාවුණේ නැත. උන්වහන්සේ ඔවුන් උදෙසා පර්වතයකින් වතුර ගලන්ට සැලැස්වූසේක. උන්වහන්සේ පර්වතය විවරකළ විට වතුර ගලා ආයේයයි කියන්න.


උන්වහන්සේ පර්වතය විවරකළසේක, ජලය පැනනැගී, ගංගාවක් මෙන් වියළි ස්ථානවල ගලාගියේය.


මක්නිසාද නුඹලා මිසරයෙන් පිටතට එන කල ස්වාමීන්වහන්සේ නුඹලා ඉදිරියෙහි රතු මුහුදේ වතුර සිඳෙවු හැටිද නුඹලා විසින් සිඳදමනලද යොර්දානෙන් එතර සිටිය අමෝරිවරුන්ගේ රජවරුන් දෙදෙනාවූ සීහොන්ටත් ඕග්ටත් නුඹලා කළ දේද ඇසීමුව.


සවෙනියා තමාගේ පාත්‍රය මහ ගඟෙහි, එනම් එප්‍රාත් ගඟෙහි වැගිරෙවුවේය; එවිට නැගෙනහිර දිසාවෙන් එන රජුන්ගේ මාර්ගය සාදනු ලබන පිණිස එහි වතුර සිඳීගියේය.


ගෝත්‍රවලට දුන් දිවුරුම් වචනය ප්‍රකාරයට, ඔබගේ දුන්නේ වැස්ම ඇරලාම තිබුණේය. ගංගා සෑදෙන ලෙස ඔබ පොළොව පැළූසේක.


ගැඹුරට: හිඳෙන්න කියාද, මම නුඹේ ගංගා හිඳවන්නෙමියි කියාද කියන තැනන්වහන්සේය.


ඉශ්‍රායෙල් මිසර දේශයෙන් ආ දවසේදී මෙන් අෂූරෙන් ඉතුරුවන්නාවූ උන්වහන්සේගේ සෙනඟට මහ මාවතක් වන්නේය.


වනාන්තරයෙහිදී පර්වත පළා, ගැඹුරුවලින් මෙන් බොහෝකොට ඔවුන්ට වතුර බොන්ට දුන්සේක.


එවිට එලියා තමාගේ උතුරු සළුව රැගෙන අකුළා වතුරට ගැසීය, වතුර දෑතට බෙදී ගියේය, ඒ දෙදෙනා වියළි බිම පිට එගොඩවූවෝය.


එලියාගෙන් වැටුණු ඔහුගේ සළුව අරගෙන: එලියාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කොයිද කියා වතුරට ගැසුවේය. ඔහුත් වතුරට ගැසූවිට එය දෑතට බෙදී ගියේය. එලිෂා එගොඩවුණේය.


මුහුද ඒ දැක පලාගියේය; යොර්දාන් ගඟ ආපසු හරවනු ලැබුවාය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්