දෙවියන්වහන්ස, මාගේ සිත ස්ථිරය; මම ගී කියන්නෙමි, එසේය, මාගේ මහිමයෙන් ප්‍රශංසා ගී කියන්නෙමි.
ගීතාවලිය 16:9 - Sinhala Revised Old Version එබැවින් මාගේ සිත සන්තෝෂවේ, මාගේ ගෞරවය ප්‍රීතියෙන් පිනයි. මාගේ මාංසයද සුරැකිව වසන්නේය. Sinhala New Revised Version එබැවින් මසිත උදන් අනයි; මහද ප්‍රීතියෙන් පිනා යන්නේ ය; මා ගත සුරැකි ව ඇත්තේ ය. Sinhala New Revised Version 2018 එබැවින් මසිත උදන් අනයි; මහද ප්‍රීතියෙන් පිනා යන්නේ ය; මා ගත සුරැකි ව ඇත්තේ ය. |
දෙවියන්වහන්ස, මාගේ සිත ස්ථිරය; මම ගී කියන්නෙමි, එසේය, මාගේ මහිමයෙන් ප්‍රශංසා ගී කියන්නෙමි.
කුමටද? මාගේ මහිමය නිශ්ශබ්ද නොවී ඔබට ප්‍රශංසා ගී කියන පිණිසය. මාගේ දෙවිවූ ස්වාමිනි, සදාකල්ම ඔබට ස්තුතිකරන්නෙමි.
දුෂ්ටයා තමාගේ නපුරු ක්‍රියාවේදී හෙළාදමනු ලබයි; එහෙත් ධර්මිෂ්ඨයාට මරණයේදී ආරක්ෂාස්ථානයක් ඇත්තේය.
ඔබගේ මළාහු ජීවත්වන්නෝය; මාගේ මළකඳන් නැගිටිනවා ඇත. ධූලියෙහි වසන්නෙනි, පිබිදී ගී කියන්න. මක්නිසාද ඔබගේ පිනි පලාජාතිවල පිනි මෙන්ය, පොළොව සහ මළවුන් පිට ඔබ ඒවා බසින්ට සලස්වනසේක.
නුඹ ගොස් අන්තිමය වන තුරු සිටින්න. නුඹ සැතපී දවස්වල අන්තිමයේදී නුඹේ කොටස [භුක්තිවිඳීමට] නැගිටින්නෙහියයි කීවේය.
එහෙයින් මාගේ සිත සන්තෝෂවිය, මාගේ දිව ප්‍රීතිවිය; තවද මාගේ මාංසය බලාපොරොත්තුවෙන් වසන්නේය.