ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසා වේවා. මක්නිසාද උන්වහන්සේ ස්වකීය මුඛයෙන් මාගේ පියවූ දාවිත්ට කථාකරමින්–
ගීතාවලිය 138:2 - Sinhala Revised Old Version ඔබගේ ශුද්ධ මාළිගාව දෙසට නමස්කාරකරමින්, ඔබගේ කරුණාගුණය සහ සත්‍යය නිසා ඔබගේ නාමයට ස්තුතිකරන්නෙමි. මක්නිසාද ඔබගේ මුළු නාමයට ඉහළින් ඔබගේ වචනය උතුම්කළසේක. Sinhala New Revised Version ඔබේ ශුද්ධ මාලිගාව දෙස බලා නමස්කාර කරමින් ඔබේ කරුණා ගුණය සහ විශ්වාසවන්තභාවය නිසා ඔබේ නාමයට තුති පුදන්නෙමි. ඔබේ නාමයත්, ආඥාත් උත්තරීතර බව ඔබ පෙන්වූ සේක. Sinhala New Revised Version 2018 ඔබේ ශුද්ධ මාලිගාව දෙස බලා නමස්කාර කරමින් ඔබේ කරුණා ගුණය සහ විශ්වාසවන්තභාවය නිසා ඔබේ නාමයට තුති පුදන්නෙමි. ඔබේ නාමයත්, ආඥාත් උත්තරීතර බව ඔබ පෙන්වූ සේක. |
ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසා වේවා. මක්නිසාද උන්වහන්සේ ස්වකීය මුඛයෙන් මාගේ පියවූ දාවිත්ට කථාකරමින්–
ස්වාමීන්වහන්සේ තමන් කී වචනය ඉෂ්ටකර තිබේ; මක්නිසාද ස්වාමීන්වහන්සේ කී හැටියට මම මාගේ පියවූ දාවිත් වෙනුවෙන් නැගිට ඉශ්‍රායෙල් සිංහාසනයේ හිඳ ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමයට ගෘහය ගොඩනැගුවෙමි.
ඔබගේ මෙහෙකරුවූ මාගේ පියවූ දාවිත්ට ඔබ පොරොන්දුවූ දේ ඔහුට ඉෂ්ටකර දුන්සේක. එසේය, ඔබ ස්වකීය මුඛයෙන් ඒක කියා අද දවසේ තිබෙන ප්‍රකාරයට ස්වකීය හස්තයෙන් එය ඉෂ්ටකළසේක.
ස්වාමිනි, අපට නොව, අපට නොව, ඔබගේ කරුණාව නිසාත් සැබෑකම නිසාත් ඔබගේ නාමයට ගෞරවය දුන මැනව.
මා ඔබට හඬගසන කලද ඔබගේ ශුද්ධ වාග්භූමිය දෙසට මාගේ අත් ඔසවන කලද මාගේ කන්නලව් ශබ්දය ඇසුව මැනව.
මම වනාහි ඔබගේ අධික කරුණා ගුණය පෙරදැරිකොට ඔබගේ ගෘහයට ඇතුල්වන්නෙමි. ඔබ කෙරෙහි භයින් යුක්තව ඔබගේ ශුද්ධවූ මන්දිරය දෙසට නමස්කාර කරන්නෙමි.
ස්වාමිනි, මාගේ සතුරන් නිසා ඔබගේ ධර්මිෂ්ඨකමෙහි මා ගෙනගිය මැනව; මා ඉදිරියෙහි ඔබගේ මාර්ගය සමතලා කළ මැනව.
මම දෙවියන්වහන්සේ තුළ, උන්වහන්සේගේ වචනය වර්ණනා කරන්නෙමි. ස්වාමීන්වහන්සේ තුළ උන්වහන්සේගේ වචනය වර්ණනාකරන්නෙමි.
මම දෙවියන්වහන්සේ තුළ, උන්වහන්සේගේ වචනය වර්ණනා කරන්නෙමි. දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබා සිටිමි, භය නොවන්නෙමි; මාංසමයවූ මනුෂ්‍යයා මට කුමක් කරයිද?
එහෙත් ස්වාමිනි, ඔබ අනුකම්පාවෙන්ද කරුණාවෙන්ද පූර්ණවූ, කෝපවීමට ප්‍රමාදවන්නාවූ, දයාවෙන් හා සත්‍යයෙන් මහත්වූ දෙවිකෙනෙක්ය,
අපේ දෙවිවූ ස්වාමීන් උසස්කරව්, උන්වහන්සේගේ පාපුටුව වෙත නමස්කාරකරව්. උන්වහන්සේ ශුද්ධසේක.
අපේ දෙවිවූ ස්වාමීන් උසස්කරව්, උන්වහන්සේගේ ශුද්ධ කන්දේදී නමස්කාරකරව්; මක්නිසාද අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ශුද්ධසේක.
මම ස්වාමීන්වහන්සේගේ කරුණාවල්ද, ස්වාමීන්වහන්සේ අපට ගෙන දුන් සියල්ල ලෙස ස්වාමීන්වහන්සේගේ ප්‍රශංසාවල්ද, උන්වහන්සේගේ අනුකම්පාවල හැටියටත් උන්වහන්සේගේ කරුණා රාශියේ හැටියටත් ඉශ්‍රායෙල් වංශයට පැවැත්වූ මහත් යහපත්කමද සඳහන්කරන්නෙමි.
ඒ පත්‍රය අත්සන් කළ බව දානියෙල් දැනගත් විට, තමාගේ ගෙදරට ගොස්, තමාගේ උඩුමහලේ කවුළු යෙරුසලම දෙසට ඇරී තිබියදී, තමා ඊට පළමු කළාක්මෙන් දවසට තුන්වරක් දණින් හිඳ තමාගේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි යාච්ඤාකොට ස්තුතිකෙළේය.
සැබවක් නුඹලාට කියමි: අහසත් පොළොවත් පහව යන තෙක්, සියල්ල සිදුවන තුරු, ව්‍යවස්ථාවෙන් එක අකුරක්වත් බින්දුවක්වත් කිසිසේත් පහව නොයන්නේය.
මක්නිසාද ව්‍යවස්ථාව මෝසෙස් කරණකොටගෙන දෙනලද්දේය; අනුග්‍රහයද සත්‍යයද පැමුණුණේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙනය.