ස්වාමීන්ගේ ව්‍යවස්ථාවෙහි ප්‍රීතිවන්නාවූ, උන්වහන්සේගේ ව්‍යවස්ථාව රෑ දාවල් මෙනෙහිකරන්නාවූ, මනුෂ්‍යයා ආශීර්වාදලද්දේය.
ගීතාවලිය 119:97 - Sinhala Revised Old Version ඔබගේ ව්‍යවස්ථාවට මම කොපමණ ප්‍රේමකරම්ද! දවස මුළුල්ලේම ඒක මාගේ භාවනාවය. Sinhala New Revised Version ඔබේ ව්‍යවස්ථාවට මම කොපමණ ප්‍රේම කරම් ද? එය මාගේ දෛනික භාවනාව වේ. Sinhala New Revised Version 2018 ඔබේ ව්‍යවස්ථාවට මම කොපමණ ප්‍රේම කරම් ද? එය මාගේ දෛනික භාවනාව වේ. |
ස්වාමීන්ගේ ව්‍යවස්ථාවෙහි ප්‍රීතිවන්නාවූ, උන්වහන්සේගේ ව්‍යවස්ථාව රෑ දාවල් මෙනෙහිකරන්නාවූ, මනුෂ්‍යයා ආශීර්වාදලද්දේය.
ඔබගේ නියෝගවලට මා ප්‍රේම කරන හැටි කල්පනාකළ මැනව. ස්වාමිනි, ඔබගේ කරුණාගුණය පරිද්දෙන් මා ප්‍රාණවත්කළ මැනව.
ඔබගේ ව්‍යවස්ථාවට ප්‍රේමකරන්නන්ට මහත් සමාදානයක් ඇත; පැකිලීමට කිසිවක්ද ඔවුන්ට නැත්තේය.
තමාම වෙන්ව සිටින තැනැත්තේ තමාගේම ආශාව පස්සේ යමින්, සියලු යහපත් ප්‍රඥාවට විරුද්ධව ඇවිස්සෙන්නේය.
තමා ළඟ තබාගත යුතුය. ඔහුගේ හෘදය තමාගේ සහෝදරයන් කෙරේ උඩඟුනොවී, ඔහු ආඥාවෙන් දකුණට හෝ වමට හැරී නොගොස්, මේ ව්‍යවස්ථාවේ සියලු වචනද මේ නියෝගද පවත්වා රක්ෂාකරන හැටියට,
මේ ව්‍යවස්ථා පොත නුඹේ මුඛයෙන් පහනොවේවා, එහි ලියා තිබෙන සියල්ල කරන්ට බලාගන්න පිණිස රෑ දාවල් ඒ ගැන මෙනෙහි කරන්න. එවිට නුඹේ මාර්ගය සඵලවී නුඹට ශුභ සිද්ධවන්නේය.