Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 119:15 - Sinhala Revised Old Version

15 ඔබගේ නියෝග භාවනාකරන්නෙමි, ඔබගේ මාර්ග සලකන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 ඔබේ නියෝග ගැන භාවනා කරන්නෙමි; ඔබේ මාර්ග කෙරෙහි මාගේ සිත යොමු කරන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 ඔබේ නියෝග ගැන භාවනා කරන්නෙමි; ඔබේ මාර්ග කෙරෙහි මාගේ සිත යොමු කරන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 119:15
12 හුවමාරු යොමු  

ස්වාමීන්ගේ ව්‍යවස්ථාවෙහි ප්‍රීතිවන්නාවූ, උන්වහන්සේගේ ව්‍යවස්ථාව රෑ දාවල් මෙනෙහිකරන්නාවූ, මනුෂ්‍යයා ආශීර්වාදලද්දේය.


නුමුත් නිදහස්කමේ සම්පූර්ණ ව්‍යවස්ථාව දෙස බලාගන, මතක නැතිකරන අසන්නෙක් නොවී, ක්‍රියාකරන කෙනෙක්ව, එසේ පවතින්නාවූ තැනැත්තේම තමාගේ ක්‍රියාකිරීමෙහිදී ආශීර්වාද ලබන්නේය.


ඔබගේ වචනය භාවනාකරන පිණිස රෑ යාම්වලට පළමුවෙන් මාගේ ඇස් ඇරුණේය.


ඔබගේ ව්‍යවස්ථාවට මම කොපමණ ප්‍රේමකරම්ද! දවස මුළුල්ලේම ඒක මාගේ භාවනාවය.


උඩඟු අය අයුතුලෙස මා හෙළාදැමූ බැවින් ඔව්හු ලජ්ජාවෙත්වා. නුමුත් මම ඔබගේ නියෝග භාවනා කරන්නෙමි.


මා ප්‍රේමකළාවූ ඔබගේ ආඥාවන් දෙස මාගේ අත් ඔසවමින්, ඔබගේ පනත් භාවනාකරන්නෙමි.


මම ඔබගේ ආඥාවලට ආශාවූ නිසා කට ඇර හතිදැමීමි.


මා දැරුව මැනව, එවිට මම සුරක්ෂිතව සිට, ඔබගේ පනත් නිතරම සලකන්නෙමි.


අධිපතියෝද හිඳගෙන මට විරුද්ධව කථාකළෝය. නුමුත් ඔබගේ මෙහෙකරුවා ඔබගේ පනත් භාවනාකෙළේය.


ඔබගේ ආඥා සියල්ල සලකන විට මම ලජ්ජා නොවන්නෙමි.


ඊසාක් සවස් වේලෙහි කෙතේ මෙනෙහිකරන පිණිස ගියේය. තවද ඔහු ඇස් ඔසවා බලා, ඔටුවන් එනවා දුටුවේය.


මාගේ සියලු ගුරුවරුන්ට වඩා මට නුවණ ඇත්තේය; මක්නිසාද මාගේ භාවනාව ඔබගේ ශික්ෂා ගැනය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්