ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගීතාවලිය 105:36 - Sinhala Revised Old Version

උන්වහන්සේ ඔවුන්ගේ සකල ශක්තියේ මුලවූ ඔවුන්ගේ දේශයෙහි සියලු කුලුඳුලන්ට පහරදුන්සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එතුමාණෝ ඔවුන්ගේ පුරුෂ ශක්තියේ නිධානයන් වූ ප්‍රථම ඵලයන් වූ මිසර දේශයේ සියලු කුලුඳුලන් මරාදැමූ සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එතුමාණෝ ඔවුන්ගේ පුරුෂ ශක්තියේ නිධානයන් වූ ප්‍රථම ඵලයන් වූ මිසර දේශයේ සියලු කුලුඳුලන් මරාදැමූ සේක.

පරිච්ඡේදය බලන්න



ගීතාවලිය 105:36
9 හුවමාරු යොමු  

රූබෙන්, නුඹ මාගේ කුලුඳුලාය, මාගේ බලයය, මාගේ ශක්තියේ නාඹුල් ඵලයය; ශ්‍රේෂ්ඨ භාවයේ උතුම්කමය, පරාක්‍රමයේ උතුම්කමය.


උන්වහන්සේ මිසරයේ මනුෂ්‍යයන්ගෙත් මෘගයන්ගෙත් කුලුඳුලන්ට පහරදුන්සේක.


කුලුඳුලන් නැසීමෙන් මිසරයට පහර දුන් තැනන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.


හාම්ගේ කූඩාරම්වල සිටි ඔවුන්ගේ ශක්තියේ ප්‍රථමඵලවූ මිසරයේ සියලු කුලුඳුලන්ට පහරදුන්සේක.


මක්නිසාද ඒ රාත්‍රියේදී මිසර දේශය මැදින් යන්නෙමි, මිසර දේශයෙහි මනුෂ්‍යයන්ගේද සිව්පාවුන්ගේද සියලු කුලුඳුලන්ට පහරදෙන්නෙමි; මිසරයේ සියලු දෙවිවරුන්ට විරුද්ධව විනිශ්චයයන් ඉෂ්ටකරන්නෙමි. මම ස්වාමීන්වහන්සේය.


මට මෙහෙකරන පිණිස මාගේ පුත්‍රයා යන්ට හරින්නැයි නුඹට කීමි; නුඹ ඔහුට යන්ට නුදුන්නෙහිය. බලව, මම නුඹේ පුත්‍රයා එනම් නුඹේ කුලුඳුලා නසන්නෙමියි කියනසේකැයි කියන්නැයි කීසේක.


කුලුඳුලන් විනාශකළ තැනැත්තා ඔවුන්ට අත නොගසන පිණිස පාස්කුවද ලේ ඉසීමද ඇදහිල්ලෙන් ඔහු පැවැත්තුවේය.