Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 4:23 - Sinhala Revised Old Version

23 මට මෙහෙකරන පිණිස මාගේ පුත්‍රයා යන්ට හරින්නැයි නුඹට කීමි; නුඹ ඔහුට යන්ට නුදුන්නෙහිය. බලව, මම නුඹේ පුත්‍රයා එනම් නුඹේ කුලුඳුලා නසන්නෙමියි කියනසේකැයි කියන්නැයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 එබැවින් මට පුද පූජා ඔප්පු කරන පිණිස මාගේ පුතුට යන්න අවසර දෙන්නට මම ඔබට කියමි. එහෙත්, ඔබ ඔවුන්ට යන්න අවසර නොදෙන්නෙහි නම් මෙන්න, මම ඔබේ කුලුඳුල් පුත්‍රයා මරාදමන්නට යමි’යි කියන්නැ”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 එබැවින් මට පුද පූජා ඔප්පු කරන පිණිස මාගේ පුතුට යන්න අවසර දෙන්නට මම ඔබට කියමි. එහෙත්, ඔබ ඔවුන්ට යන්න අවසර නොදෙන්නෙහි නම් මෙන්න, මම ඔබේ කුලුඳුල් පුත්‍රයා මරාදමන්නට යමි’යි කියන්නැ”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 4:23
22 හුවමාරු යොමු  

තවද මධ්‍යම රාත්‍රියේදී ස්වාමීන්වහන්සේ, සිංහාසනය පිට හුන් ඵාරාවෝගේ කුලුඳුලා පටන් හිරගෙයි සිටි වහලාගේ කුලුඳුලා දක්වා මිසරයෙහි සියලු කුලුඳුලන්ටත් සිව්පාවුන්ගේ සියලු කුලුඳුලන්ටත් පහර දුන්සේක.


එවිට සිංහාසනයේ හිඳින ඵාරාවෝගේ කුලුඳුලා පටන් ඇඹරුම් ගල පිටිපස්සේ සිටින දාසියගේ කුලුඳුලා දක්වා මිසර දේශයෙහි සියලු කුලුඳුලෝද සිව්පාවුන්ගේ සියලු කුලුඳුලෝද නසින්නෝය.


උන්වහන්සේ මිසරයේ මනුෂ්‍යයන්ගෙත් මෘගයන්ගෙත් කුලුඳුලන්ට පහරදුන්සේක.


උන්වහන්සේ ඔවුන්ගේ සකල ශක්තියේ මුලවූ ඔවුන්ගේ දේශයෙහි සියලු කුලුඳුලන්ට පහරදුන්සේක.


හාම්ගේ කූඩාරම්වල සිටි ඔවුන්ගේ ශක්තියේ ප්‍රථමඵලවූ මිසරයේ සියලු කුලුඳුලන්ට පහරදුන්සේක.


වනාන්තරයෙහිදී මට මෙහෙකරන පිණිස මාගේ සෙනඟ යන්ට හරින්නැයි කියන පිණිස හෙබ්‍රෙව්වරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔබ වෙතට මා එවූසේක. ඔබ මේ දක්වා ඇහුම්කන් නුදුන්නෙහිය.


ඉන්පසු මෝසෙස් සහ ආරොන් ඵාරාවෝ වෙතට අවුත්: මට වනාන්තරයෙහිදී මංගල්‍යයක් පවත්වන පිණිස මාගේ සෙනඟ යන්ට හරින්නැයි ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවෝය.


ඉශ්‍රායෙල් පුත්‍රයන් තමන් දේශයෙන් යන්ට හරින ලෙස මිසරයේ රජවූ ඵාරාවෝට කථාකරන්නැයි කීසේක.


එවිට ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: ඵාරාවෝ වෙතට ගොස්, ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේකැයි ඔහුට කියන්න–මට මෙහෙකරන පිණිස මාගේ සෙනඟ යන්ට හරින්න.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: අලුයම නැගිට ඵාරාවෝ ඉදිරියෙහි සිටුව; බලව, ඔහු වතුර ළඟට පිටත්ව එන්නේය; ඔහුට කථාකරමින්: ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–මට මෙහෙකරන පිණිස මාගේ සෙනඟ යන්ට හරින්න.


තවද ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: නුඹ ඵාරාවෝ වෙතට ගොස් ඔහුට මෙසේ කියව–හෙබ්‍රෙව්වරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මට මෙහෙකරන පිණිස මාගේ සෙනඟ යන්ට හරින්න.


තවද ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: අලුයම නැගිට ඵාරාවෝ ඉදිරිපිට සිට හෙබ්‍රෙව්වරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේකැයි කියව: මට මෙහෙකරන පිණිස මාගේ සෙනඟ යන්ට හරින්න.


මෝසෙස් සහ ආරොන් ඵාරාවෝ වෙතට ගොස්: හෙබ්‍රෙව්වරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹ කොතෙක් කල් මා ඉදිරියෙහි යටත්නොවී සිටින්නෙහිද? මට මෙහෙකරන පිණිස මාගේ සෙනඟ යන්ට හරින්න.


මෝසෙස් ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් උදෙසා ඵාරාවෝටද මිසරවරුන්ටද කළ සියල්ල සහ මාර්ගයෙහිදී ඔවුන්ට පැමිණි සියලු අමාරුකම්ද ස්වාමීන්වහන්සේ ඔවුන් ගැළෙවු ප්‍රකාරයද ඔහුගේ මාමාට කීවේය.


කුලුඳුලන් නැසීමෙන් මිසරයට පහර දුන් තැනන්වහන්සේට [ස්තුතිකරව්]; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.


ඉශ්‍රායෙල් බාලව සිටි කල මම ඔහුට ප්‍රේමකොට, මාගේ පුත්‍රයාවූ ඔහු මිසරයෙන් කැඳවාගතිමි.


ඔවුන් නුඹේ හඬට ඇහුම්කන්දෙනවා ඇත. නුඹද ඉශ්‍රායෙල් වැඩිමහල්ලෝද මිසරයේ රජු වෙතට ගොස්:-හෙබ්‍රෙව්වරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අපට සම්මුඛවූසේක: එබැවින් අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේට පූජා ඔප්පුකරන පිණිස තුන් දවසක ගමන් වනාන්තරයට යන්ට අපට අවසරදෙන ලෙස ඉල්ලමුයයි ඔහුට කියන්න.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: නුඹේ සැරයටිය දිගුකොට පොළොවේ දූවිල්ල මිසර දේශය මුළුල්ලෙහි කිනිතුල්ලන් වෙන පිණිස ඊට ගසවයි ආරොන්ට කියන්නැයි කීසේක.


ඔව්හු එසේ කළෝය; ආරොන් තමාගේ සැරයටිය රැගෙන අත දිගුකොට පොළොවේ දූවිල්ලට ගැසුවේය, එවිට මනුෂ්‍යයන්ද මෘගයන්ද පිට කිනිතුල්ලෝ වූවෝය; පොළොවේ දූවිලි සියල්ල මිසර දේශය මුළුල්ලෙහි කිනිතුල්ලෝ විය.


නුඹ ඔවුන්ට යන්ට නොදී තවදුරටත් වලක්වන්නෙහිනම්,


එසේ හරින්ට අකැමැති වන්නෙහිනම්, බලව, මම හෙට නුඹේ සීමාව ඇතුළට පළඟැටියන් පමුණුවන්නෙමි.


තවද ඵාරාවෝ අප නාරින ලෙස සිත දැඩිකරගන සිටි කල්හි ස්වාමීන්වහන්සේ මිසර දේශයේ සියලු කුලුඳුලන් එනම් මනුෂ්‍යයන්ගේද මෘගයන්ගේද සියලු කුලුඳුලන් මැරූසේක. එබැවින් ගර්භයෙහි ප්‍රථම ඵලවූ සියලු පිරිමින් මම ස්වාමීන්වහන්සේට පූජාකරමි; එහෙත් මාගේ පුත්‍රයන් අතරේ සියලු කුලුඳුලන් මුදාගනිමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්