ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගණන් කථාව 6:20 - Sinhala Revised Old Version

ඒවා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තේව පූජාවක් පිණිස තේවකෙරේවා; තේව ළැපැත්ත සහ එසවීමේ කළවයද සමඟ මේකත් පූජකයාට ශුද්ධය. එයින් පසු නසරීයයාට මුද්‍රිකපානය බොන්ට පුළුවන.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මෙසේ පූජකවරයා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඒවායින් පිළිගැන්වීමේ පිළිවෙත ඉටු කරනු ඇත. පිළිගැන්වූ ළැපැත්තට හා පිදූ ගාතයට අමතර ව, මෙය පූජකවරයාට හිමි වන ශුද්ධ පඬුරකි. මින්පසු මිදියුස පානය කරන්නට නාසරීයයාට අවසර ඇත.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මෙසේ පූජකවරයා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඒවායින් පිළිගැන්වීමේ පිළිවෙත ඉටු කරනු ඇත. පිළිගැන්වූ ළැපැත්තට හා පිදූ ගාතයට අමතර ව, මෙය පූජකවරයාට හිමි වන ශුද්ධ පඬුරකි. මින්පසු මිදියුස පානය කරන්නට නාසරීයයාට අවසර ඇත.

පරිච්ඡේදය බලන්න



ගණන් කථාව 6:20
24 හුවමාරු යොමු  

නුඹ ගොස් ප්‍රීතියෙන් නුඹේ කෑම කා තුෂ්ටිමත් සිතින් නුඹේ මුද්‍රිකපානය බොන්න; මක්නිසාද දෙවියන්වහන්සේ නුඹේ වැඩවලට දැන් ප්‍රසන්නව සිටිනසේක.


සේනාවල ස්වාමීන්වහන්සේද මේ කන්දේදී සියලු ජනයන්ට සාරවූ දෙයින් මංගල්‍යයක්, එනම් රසවත් මුද්‍රිකපානයෙන්ද ප්‍රණීත ආහාරයෙන්ද පෙරූ රසවත් මුද්‍රිකපානයෙන්ද මංගල්‍යයක් සාදනසේක.


ස්වාමීන්වහන්සේ විසින් නිදහස්කරනලද අය ගී කියමින් සියොන්ට හැරී එන්නෝය; සදාකාල ප්‍රීතිය ඔවුන්ගේ ඉස් පිට තිබෙන්නේය. ඔව්හු ප්‍රීතිය හා සන්තෝෂය ලබන්නෝය, දුකද සුසුම්ලෑමද පලායන්නේය.


ඔව්හු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තේව පූජාවකට තේවකරන පිණිස ඔසවන කළවයද තේව ළැපැත්තද ගින්නෙන් කළ පූජාව වන තෙල සමඟ ගෙනෙත්වා. ඒක ස්වාමීන්වහන්සේ අණකළ ලෙස නුඹටද නුඹ සමඟ නුඹේ පුත්‍රයන්ටද සදාකාලේටම අයිතිවන්නාවූ කොටසක්යයි කීවේය.


ඒ මිටිය නුඹලා උදෙසා පිළිගනු ලබන පිණිස ඔහු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි එය තේවකරන්නේය. සබත් දවසට පසුවදා පූජකයා එය තේවකෙරේවා.


ස්වාමීන්වහන්සේට ගින්නෙන් කළ පූජාව ඔහු තමාගේම අතින් ගෙනේවා; ළැපැත්ත ස්වාමීන්වහන්සේ ඉදිරියේ තේව පූජාවක් කොට තේවකරන පිණිස ළැපැත්ත සමඟ තෙල ගෙනේවා;


පූජකයාද තෙල පූජාසනය පිට දවන්නේය. එහෙත් ළැපැත්ත ආරොන්ටත් ඔහුගේ පුත්‍රයන්ටත් හිමිවන්නේය.


නුඹලාගේ ශාන්ති පූජා යාගවලින් එසවීමේ පූජාවක් පිණිස දකුණු කළවය පූජකයාට දෙන්න.


මක්නිසාද මම ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ශාන්ති පූජා යාගවලින් තේව ළැපැත්තද එසවීමේ කළවයද ගෙන ඉශ්‍රායෙල් පුත්‍රයන් කෙරෙන් පූජකයාවූ ආරොන්ටත් ඔහුගේ පුත්‍රයන්ටත් සදාකාලයටම අයිතියක් කොට දුනිමියි කීසේක.


මෝසෙස් අණකළ ලෙස ආරොන් තේව පූජාවක් පිණිස ළැපැත්ත හා දකුණු කළවයද රැගෙන ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තේව කෙළේය.


එප්‍රායිම්වරු බලවන්තයෙකු මෙන් වන්නෝය, ඔවුන්ගේ සිත්ද මුද්‍රිකපානයෙන් මෙන් ප්‍රීතිවන්නේය. එසේය, ඔවුන්ගේ දරුවෝත් ඒ දැක ප්‍රීතිවන්නෝය; ඔවුන්ගේ සිත් ස්වාමීන්වහන්සේ තුළ සන්තෝෂවන්නේය.


සේනාවල ස්වාමීන්වහන්සේ ඔවුන් ආරක්ෂාකරනසේක; ඔව්හුද කාදමා ගල්පටියේ ගල් පාගාදමන්නෝය; ඔව්හු බී මුද්‍රිකපානය බීවාක්මෙන් ඝෝෂාකරන්නෝය. පාත්‍රාද පූජාසනයේ කොන්ද මෙන් ඔව්හු පුරවනු ලබන්නෝය.


එසේය, උන්වහන්සේගේ යහපත්කම කොපමණ මහත්ද! උන්වහන්සේගේ අලංකාරකම කොපමණ මහත්ද! ධාන්‍යයෙන් තරුණයෝද අලුත් මිදිරසින් තරුණියෝද සමෘද්ධවන්නෝය.


එහෙත් උන්ගේ මාංස නුඹට වන්නේය, තේව ළැපැත්ත හා දකුණු කළවය නුඹට වන්නාක්මෙන් ඒවාත් නුඹට වන්නේය.


පූජකයාද ඒ ශංකා ආහාර පූජාව ස්ත්‍රියගේ අතින් ගෙන ස්වාමීන්වහන්සේ ඉදිරිපිට තේවකොට පූජාසනය ළඟට ගෙනවුත්,


තමා විසින් සපයා දිය හැකි දෙය හැර තමාගේ කැපවීම ගැන ස්වාමීන්වහන්සේට පූජාවක් කරන හැටියට භාරයක් වෙන්නාවූ නසරීයයා ගැන තිබෙන ව්‍යවස්ථාව මේය. ඔහු වෙන්නාවූ භාරය ලෙස තමාගේ කැපවීමේ ව්‍යවස්ථාව ප්‍රකාර ඔහු විසින් කළ යුතුමයයි කීසේක.


එහෙත් මාගේ පියාණන්ගේ රාජ්‍යයෙහිදී මා නුඹලා සමඟ අලුත් මුද්‍රිකපානය බොන දවස දක්වා මෙතැන් පටන් මේ මිදිඵල යුස නොබොන්නෙමියි නුඹලාට කියමියි කීසේක.


සැබවක් නුඹලාට කියමි–දෙවියන්වහන්සේගේ රාජ්‍යයේදී මුද්‍රිකඵල අලුතෙන් බොන දවස දක්වා එය තවත් නොබොන්නෙමියි කීසේක.


යේසුස්වහන්සේ කාඩි ගත් පසු: තීන්දුවුණේය කියා හිස නමා, තමන් ආත්මය භාරදුන්සේක.