Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 6:21 - Sinhala Revised Old Version

21 තමා විසින් සපයා දිය හැකි දෙය හැර තමාගේ කැපවීම ගැන ස්වාමීන්වහන්සේට පූජාවක් කරන හැටියට භාරයක් වෙන්නාවූ නසරීයයා ගැන තිබෙන ව්‍යවස්ථාව මේය. ඔහු වෙන්නාවූ භාරය ලෙස තමාගේ කැපවීමේ ව්‍යවස්ථාව ප්‍රකාර ඔහු විසින් කළ යුතුමයයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 බාරයක් වූ නාසරීයයන් පිළිබඳ වලංගු නීතිය මෙය වේ. කැප වූ කාලය සඳහා සමිඳාණන් වහන්සේට පිදිය යුතු පඬුර හැර, ඊට අමතර වෙන යමක් ඔහු බාර විණි නම්, ඔහු කැප වූ කාල සීමාවෙන් පසු ඒ බාරය අකුරට ම ඉෂ්ට කළ යුතු වේ.’

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

21 බාරයක් වූ නාසරීයයන් පිළිබඳ වලංගු නීතිය මෙය වේ. කැප වූ කාලය සඳහා සමිඳාණන් වහන්සේට පිදිය යුතු පඬුර හැර, ඊට අමතර වෙන යමක් ඔහු බාර විණි නම්, ඔහු කැප වූ කාල සීමාවෙන් පසු ඒ බාරය අකුරට ම ඉෂ්ට කළ යුතු වේ.’

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 6:21
7 හුවමාරු යොමු  

නුමුත් යහපත්කම්කරන්ටත් අනුන්ට බෙදාදෙන්ටත් මතකනැති නොකරන්න. මක්නිසාද එයාකාර පූජාවලට දෙවියන්වහන්සේ ප්‍රසන්න වනසේක.


වාක්‍යය ඉගෙනගන්නා උගන්වන්නාට සියලු යහපත් දෙයින් දේවා.


ඔව්හු තමුන්ගේ පුළුවන්කමේ හැටියට රන් දරික් මිල සැට එක් දහසක්ද රිදී රාත්තල් පන්දහසක්ද පූජක වස්ත්‍ර සියයක්ද කර්මාන්ත ගබඩාවට දුන්නෝය.


කාමශංකාව පිළිබඳ ව්‍යවස්ථාව මේය: ස්ත්‍රියෙක් තමාගේ පුරුෂයා යටතේ සිටිනාතර අහක්ව ගොස් කිලුටුවූ කල හෝ,


ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කථාකරමින් ඔවුන්ට මෙසේ කියන්න–පුරුෂයෙක් හෝ ස්ත්‍රියෙක් හෝ ස්වාමීන්වහන්සේට කැපවී සිටීම පිණිස භාරයක් එනම් නසරීයයෙකුගේ භාරයක් වෙන කල,


ඒවා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තේව පූජාවක් පිණිස තේවකෙරේවා; තේව ළැපැත්ත සහ එසවීමේ කළවයද සමඟ මේකත් පූජකයාට ශුද්ධය. එයින් පසු නසරීයයාට මුද්‍රිකපානය බොන්ට පුළුවන.


තවද ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට කියනසේක්:


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්