Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 7:34 - Sinhala Revised Old Version

34 මක්නිසාද මම ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ ශාන්ති පූජා යාගවලින් තේව ළැපැත්තද එසවීමේ කළවයද ගෙන ඉශ්‍රායෙල් පුත්‍රයන් කෙරෙන් පූජකයාවූ ආරොන්ටත් ඔහුගේ පුත්‍රයන්ටත් සදාකාලයටම අයිතියක් කොට දුනිමියි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

34 මෙලෙස මම ඉශ්රායෙල් ජනයාගේ සහභාගිකමේ පූජා පඬුරුවලින් පිළිගැන්වීමේ පිළිවෙත කළ සතුන්ගේ ළපැත්ත සහ විශේෂයෙන් පිදූ දකුණු ගාතය පූජක ආරොන්ට සහ ඔහුගේ පුතුන්ට දෙමි. මෙය ඉශ්රායෙල් ජනයා අතර සදහට ම වලංගු නියෝගයකි.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

34 මෙලෙස මම ඉශ්රායෙල් ජනයාගේ සහභාගිකමේ පූජා පඬුරුවලින් පිළිගැන්වීමේ පිළිවෙත කළ සතුන්ගේ ළපැත්ත සහ විශේෂයෙන් පිදූ දකුණු ගාතය පූජක ආරොන්ට සහ ඔහුගේ පුතුන්ට දෙමි. මෙය ඉශ්රායෙල් ජනයා අතර සදහට ම වලංගු නියෝගයකි.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 7:34
12 හුවමාරු යොමු  

සෙනඟගෙන් එනම් ගොනෙකු හෝ බැටළුවෙකු හෝ යාගයක් පිණිස ඔප්පුකරන තැනැත්තන්ගෙන් පූජකයන්ට ලැබිය යුතු කොටස මේය: ඉස්සරහ ගාතයක්ද දෙකන්සද ආමාශයද පූජකයාට දිය යුතුය.


නුඹලා විසින් තෙලවත් ලේවත් නොකෑ යුතුය යනු නුඹලාගේ පරම්පරාවල නුඹලාගේ සියලු වාසස්ථානවල නිරන්තර පනතක් වන්නේය.


ආරොන් සහ ඔහුගේ පුත්‍රයන්ට ඉඟපටිද දමා ඔවුන්ට හිස වැසුම් බඳින්න. නිරන්තර පනතකින් පූජක තනතුර ඔවුන්ට වන්නේය. මෙසේ නුඹ ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් පත්කරන්න.


ආරොන්ගේ පත්වීමේ බැටළුවාගේ ළැපැත්ත ගෙන තේව පූජාවක් පිණිස වනා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තේවකරන්න. එය නුඹේ කොටස වන්නේය.


ආරොන්ගේ පුත්‍රයන් අතරෙන් ශාන්ති පූජාවල ලේද තෙලද ඔප්පු කරන්නාට ඔහුගේ කොටස වශයෙන් දකුණු කළවය දෙනු ලැබේවා.


ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ සියලු ශුද්ධ දේවලින් පූජකයා වෙතට ගෙනෙන එසවීමේ පූජා සියල්ලත් ඔහුට වන්නේය.


ආරොන්ද ලෙවීවරුන් ස්වාමීන්වහන්සේගේ මෙහෙය කිරීමට සිටින පිණිස ඉශ්‍රායෙල් පුත්‍රයන් උදෙසා තේව පූජාවක් වශයෙන් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔවුන් ඔප්පුකරන්නේය.


ඒවා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තේව පූජාවක් පිණිස තේවකෙරේවා; තේව ළැපැත්ත සහ එසවීමේ කළවයද සමඟ මේකත් පූජකයාට ශුද්ධය. එයින් පසු නසරීයයාට මුද්‍රිකපානය බොන්ට පුළුවන.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්