Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 6:20 - Sinhala New Revised Version

20 මෙසේ පූජකවරයා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඒවායින් පිළිගැන්වීමේ පිළිවෙත ඉටු කරනු ඇත. පිළිගැන්වූ ළැපැත්තට හා පිදූ ගාතයට අමතර ව, මෙය පූජකවරයාට හිමි වන ශුද්ධ පඬුරකි. මින්පසු මිදියුස පානය කරන්නට නාසරීයයාට අවසර ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 මෙසේ පූජකවරයා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඒවායින් පිළිගැන්වීමේ පිළිවෙත ඉටු කරනු ඇත. පිළිගැන්වූ ළැපැත්තට හා පිදූ ගාතයට අමතර ව, මෙය පූජකවරයාට හිමි වන ශුද්ධ පඬුරකි. මින්පසු මිදියුස පානය කරන්නට නාසරීයයාට අවසර ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

20 ඒවා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තේව පූජාවක් පිණිස තේවකෙරේවා; තේව ළැපැත්ත සහ එසවීමේ කළවයද සමඟ මේකත් පූජකයාට ශුද්ධය. එයින් පසු නසරීයයාට මුද්‍රිකපානය බොන්ට පුළුවන.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 6:20
24 හුවමාරු යොමු  

ඔබ ගොස් ප්‍රීතියෙන් ඔබේ කෑම කා, තෘප්තිමත් සිතින් ඔබේ මුද්‍රික පානය බොන්න. මන්ද, දෙවියන් වහන්සේ ඔබේ කටයුතු ගැන සතුට ප්‍රකාශ කර ඇත.


පසුව පූජකවරයා ස්ත්‍රියගේ අතින් සැක දුරු කිරීමේ පූජාව ගෙන, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පිළිගැන්වීමේ පිළිවෙත ඉටු කොට, පූජාසනය මත එය පුද කළ යුතු ය.


ජේසුස් වහන්සේ විනාකිරි පිළිගත් පසු, “සියල්ල නිම වී ය”යි වදාරා, හිස නමා ස්වකීය ප්‍රාණය භාර දුන් සේක.


සැබැවින් ම මම ඔබට කියමි, දෙවියන් වහන්සේගේ රාජ්‍යයෙහි දී මම නැවත මිදියුස පානය කරන දිනය එන තෙක්, මම මේ මිදියුස යළිත් පානය නොකරන්නෙමි”යි වදාළ සේක.


මාගේ පියාණන්ගේ රාජ්‍යයෙහි දී මා ඔබ සමඟ අලුත් මිදියුස පානය කරන දවස එන තුරු මෙතැන් පටන් මේ මිදියුස තවත් නොබොන්නෙමි යි ඔබට කියමි”යි වදාළ සේක.


එප්‍රායිම් සෙනඟ බලවන්ත හේවායෙකු මෙන් වන්නෝ ය. ඔවුන් මිදියුස පානය කළ අය මෙන් ප්‍රීති වනු ඇත. ඔවුන්ගේ දරු පරම්පරාව මේ ජයග්‍රහණය සිහි කොට ප්‍රීති වන්නෝ ය. සමිඳාණන් වහන්සේ කෙරෙහි ඔව්හු සන්තෝෂ වන්නෝ ය.


එසේ ය, එය කොපමණ සාරවත්, අලංකාරවත් දේශයක් වන්නේ ද! ධාන්‍යයෙන් එහි වෙසෙන තරුණයෝ ද මිදියුසෙන් එහි වෙසෙන තරුණියෝ ද ශක්ති සම්පන්න වන්නෝ ය.”


සියලු බලැති සමිඳාණන් වහන්සේ සිය සෙනඟ ආරක්ෂා කොට, ඔවුන්ගේ සතුරන් ගල් පටියේ ගල් මෙන් පාගා දමන සේක. ඔව්හු මිදියුස මෙන් ලේ බොන්නෝ ය. සතුරන් මරාදමන්නෝ ය. ඔවුන්ගේ ලේ පූජාසනයේ කොන්වල නෙරා ගිය අං පෙඟී තිබෙන පරිදි ද භාජනයකින් ලේ උතුරා යන පරිදි ද ඔව්හු ලේවලින් වෙරිමත් වී සිටින්නෝ ය.


ගැළවීම ලැබූ ඔව්හු ප්‍රීති ඝෝෂා පවත්වමින් සතුටු සිතින් පිනා යමින් ජෙරුසලමට පැමිණෙති. දුකින් හා දොම්නසින් මිදී සදහට ම ප්‍රීති වෙමින් ඔව්හු එහි වෙසෙති.


සියලු බලැති සමිඳාණන් වහන්සේ මේ සියොන් කන්ද මත සියලු ජාතීන් හට ඉස්තරම් මුද්‍රික පානයෙන් හා රසමසවුලින් යුත් මංගල භෝජනයක් සූදානම් කරන සේක.


උන්ගේ මස් ද ළපැත්ත සහ දකුණු ගාතය ද නුඹේ ය.


නුඹලා උදෙසා එය පිළිගනු ලබන ලෙස ඔහු සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි එය පිදිය යුතු ය. ඔහු එය පිදිය යුත්තේ සබත් දවසට පසු දවසේ ය.


තෙල ගින්නේ දවා ඔප්පු කරන විට පිළිගැන්වීමේ පිළිවෙතින් පිදූ ළපැත්ත හා විශේෂයෙන් පිදූ ගාතය ඔවුන් ගෙනා යුතු ය. සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පිළිගැන්වීමේ පිළිවෙත ඉටු කළ පසු ඒවා ඔබටත්, ඔබ සමඟ ඔබේ පුත්‍රයන්ටත් අයිති වේ. සමිඳාණන් වහන්සේ අණ කළ පරිදි මෙය සදහට ම වලංගු නියෝගයකි”යි කීවේ ය.


පසුව මෝසෙස්ට අණ කළ පරිදි ඔහු ළපැත්ත සහ දකුණු ගාතය ගෙන සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පිළිගැන්වීමේ පිළිවෙත ඉටු කෙළේ ය.


මෙලෙස මම ඉශ්රායෙල් ජනයාගේ සහභාගිකමේ පූජා පඬුරුවලින් පිළිගැන්වීමේ පිළිවෙත කළ සතුන්ගේ ළපැත්ත සහ විශේෂයෙන් පිදූ දකුණු ගාතය පූජක ආරොන්ට සහ ඔහුගේ පුතුන්ට දෙමි. මෙය ඉශ්රායෙල් ජනයා අතර සදහට ම වලංගු නියෝගයකි.”


පූජකවරයා පූජාසනය මත තෙල දැවිය යුතු ය. සතාගේ ළපැත්ත ආරොන්ට සහ ඔහුගේ පුත්‍රයන්ට අයිති වේ.


ගින්නෙන් දවා සමිඳාණන් වහන්සේට පුදන පූජාව ඔහු සිය අතින් ම ගෙනා යුතු ය. ඔහු සතාගේ ළපැත්ත සමඟ තෙල ද ගෙනවුත්, එයින් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි පිළිගැන්වීමේ පිළිවෙත ඉටු කළ යුතු ය.


සහභාගිකමේ පූජාවේ විශේෂ පඬුරක් වශයෙන් සතාගේ දකුණු ගාතය නුඹ පූජකවරයාට දිය යුතු ය.


බාරයක් වූ නාසරීයයන් පිළිබඳ වලංගු නීතිය මෙය වේ. කැප වූ කාලය සඳහා සමිඳාණන් වහන්සේට පිදිය යුතු පඬුර හැර, ඊට අමතර වෙන යමක් ඔහු බාර විණි නම්, ඔහු කැප වූ කාල සීමාවෙන් පසු ඒ බාරය අකුරට ම ඉෂ්ට කළ යුතු වේ.’


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්