කුමක්හෙයින්ද බිම වැගුරුණ වතුර එකතුකරගන්ට බැරුවාක්මෙන් අප මැරෙන්ටම ඕනෑය; දෙවියන්වහන්සේ වනාහි ප්‍රාණය හානි නොකොට, පන්නාදමනු ලැබූ අය තමන් වෙතින් තවත් පිටවහලෙකු නොවනලෙස යෝජනාකරගන්නාසේක.
ගණන් කථාව 35:25 - Sinhala Revised Old Version ඔව්හු ලේවල පළිය ගන්නා අතින් මිනීමරන්නා මුදා ඔහු පලාගිය තමාගේ ආරක්ෂා නුවරට ඔහු නැවත පමුණුවන්නෝය. ශුද්ධ තෙලින් ආලේපලත් උත්තම පූජකයා නසිනතෙක් ඔහු එහි වාසය කෙරේවා. Sinhala New Revised Version ජනතාව ඥාතියාගේ අතින් මිනීමරුවා බේරාගෙන, මොහු පැන ගිය අභය භූමි නගරයට ආපසු යැවිය යුතු ය. මොහු, ශුද්ධ තෙලින් තමා ආලේප කළ නායක පූජකයාගේ මරණය දක්වා එහි වසනු ඇත. Sinhala New Revised Version 2018 ජනතාව ඥාතියාගේ අතින් මිනීමරුවා බේරාගෙන, මොහු පැන ගිය අභය භූමි නගරයට ආපසු යැවිය යුතු ය. මොහු, ශුද්ධ තෙලින් තමා ආලේප කළ නායක පූජකයාගේ මරණය දක්වා එහි වසනු ඇත. |
කුමක්හෙයින්ද බිම වැගුරුණ වතුර එකතුකරගන්ට බැරුවාක්මෙන් අප මැරෙන්ටම ඕනෑය; දෙවියන්වහන්සේ වනාහි ප්‍රාණය හානි නොකොට, පන්නාදමනු ලැබූ අය තමන් වෙතින් තවත් පිටවහලෙකු නොවනලෙස යෝජනාකරගන්නාසේක.
තමාගේ හිස පිට ආලේප තෛලය වත්කරන ලද්දාවූ, ශුද්ධ වස්ත්‍ර හැඳීමට කැපකරන ලද්දාවූ, තමාගේ සහෝදරයන් අතරේ නායක පූජකයාවූ තැනැත්තේ තමාගේ හිසකේ ලිහානොගත යුතුය, තමාගේ වස්ත්‍රද ඉරා නොගත යුතුය;
සෙනඟ පිට වරද පැමිණෙන ලෙස ආලේපලත් පූජකයා පව්කළොත්, ඔහු කළාවූ ඒ පාපය ගැන ස්වාමීන්වහන්සේට පාප පූජාවක් පිණිස කැලල් නැති ගොන් නාම්බෙකු ඔප්පුකෙරේවා.
පහරදෙන්නා සහ ලේවල පළිය ගන්නා අතරේ මේ විනිශ්චයවල හැටියට සභාව විසින් විනිශ්චය කළ යුතුය.
මක්නිසාද උත්තම පූජකයා නසින තුරු ඔහු ආරක්ෂා නුවර සිටිය යුතු වූයේය. එහෙත් උත්තම පූජකයාගේ මරණින් පසු මිනීමරන්නාට තමාගේ උරුමය තිබෙන රටට හැරී එන්ට පුළුවන.
ඔහු විනිශ්චය පිණිස සභාව ඉදිරියෙහි සිටින තුරුද ඒ දවස්වල සිටින උත්තම පූජකයා නසින තුරුද ඒ නුවර වසන්නේය. ඉන්පසු මිනී මැරූ තැනැත්තා තමා හැරගිය තමාගේම නුවරටත් තමාගේම ගෙදරටත් හැරීයන්නේයයි කීසේක.