ගණන් කථාව 25:3 - Sinhala Revised Old Version තවද ඉශ්‍රායෙල් බාල්පෙයෝර්ට බැඳුණේ විය. ස්වාමීන්වහන්සේගේ උදහසද ඉශ්‍රායෙල්වරුන්ට විරුද්ධව ඇවුළුණේය. Sinhala New Revised Version මෙසේ ඉශ්රායෙල්වරුන් පෙයෝර්හි බාල් නම් දෙවියාට කැප වූ බැවින්, ඔවුන්ට විරුද්ධ ව සමිඳාණන් වහන්සේගේ උදහස ඇවිළිණි. Sinhala New Revised Version 2018 මෙසේ ඉශ්රායෙල්වරුන් පෙයෝර්හි බාල් නම් දෙවියාට කැප වූ බැවින්, ඔවුන්ට විරුද්ධ ව සමිඳාණන් වහන්සේගේ උදහස ඇවිළිණි. |
මා විසින් නුඹට දුන් නුඹේ උරුමයෙන් නුඹ අහක්වන්නෙහිය; නුඹ නොදන්නා දේශයකදී නුඹේ සතුරන්ට සේවයකරන්ට නුඹට සලස්වන්නෙමි; මක්නිසාද නුඹලා මාගේ උදහසින් ගින්නක් දල්වා තිබේ, එය සදාකාලේටම ඇවිළී යනවා ඇත.
නුඹලාගේ දූවරුන් වේශ්‍යාකම් කරන නිසාත් නුඹලාගේ යෙහෙළියන් කාමමිථ්‍යාචාරයකරන නිසාත් මම ඔවුන්ට දඬුවම් නොකරන්නෙමි; මක්නිසාද ඔව්හුම වේශ්‍යාවන් සමඟ අහක්ව යති, දේවාල වේශ්‍යාවන් සමඟ යාගකරති. තේරුම් නැති සෙනඟද හෙළාදමනු ලබන්නෝය.
කාන්තාරයෙහි මුද්‍රිකඵල මෙන් ඉශ්‍රායෙල් මට සම්බවිය; අත්තික්කා ගසේ පළමු සෘතුවේ නාඹුල් ඵල මෙන් නුඹලාගේ පියවරුන් දුටිමි. නුමුත් ඔව්හු බාල්-පෙයෝර්ට අවුත්, නින්දිතයාට කැපවී, තමුන්ගේ ඒ ප්‍රේමවන්තයා මෙන් පිළිකුල්වූවෝය.
මෝසෙස් ඉශ්‍රායෙල්වරුන්ගේ විනිශ්චයකාරයන්ට කථාකොට: නුඹලා එකිනෙකා බාල්පෙයෝර්ට එක්වූ තම තමාගේ මිනිසුන් මරන්නැයි කීය.
බලව, මොව්හු බාලාම්ගේ මන්ත්‍රණය කරණකොටගෙන පේයොර්ගේ කාරණයේදී ඉශ්‍රායෙල් පුත්‍රයන් විසින් ස්වාමීන්වහන්සේට විරුද්ධව අපරාධ කරන්ට සැලැස්සුවෝය, ඒ නිසා ස්වාමීන්වහන්සේගේ සභාව අතරෙහි වසංගතය විය.
පෙයෝර් පිළිබඳ අපරාධය මදිද? ස්වාමීන්වහන්සේගේ සභාව පිටට වසංගතයක් පැමිණි නුමුත් අද දක්වා අපි ඒ අපරාධයෙන් පවිත්‍ර නොවීමුව.
ඉශ්‍රායෙල් පුත්‍රයෝ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නපුරුව තිබෙන දේ කොට බාල් දේවතාවුන්ට සේවයකළෝය.
ස්වාමීන්වහන්සේගේ උදහසද ඉශ්‍රායෙල්ට විරුද්ධව ඇවිළ උන්වහන්සේ ඔවුන් කොල්ලකාරයන් අතට පාවාදුන්සේක, ඔව්හු ඔවුන්ගෙන් කොල්ලකෑවෝය. තමුන්ගේ සතුරන්ට විරුද්ධව සිටින්ට තවත් ඔවුන්ට බැරිවෙන හැටියට උන්වහන්සේ ඔවුන් වටකර සිටිය සතුරන්ගේ අතට ඔවුන් පාවාදුන්සේක.
ස්වාමීන්වහන්සේගේ උදහස ඉශ්‍රායෙල්ට විරුද්ධව ඇවිළ: මේ ජාතිය මාගේ හඬට ඇහුම්කන්නොදී මා විසින් ඔවුන්ගේ පියවරුන්ට අණකළ මාගේ ගිවිසුම කඩකළ බැවින්,