Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 2:11 - Sinhala Revised Old Version

11 ඉශ්‍රායෙල් පුත්‍රයෝ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි නපුරුව තිබෙන දේ කොට බාල් දේවතාවුන්ට සේවයකළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 ඉශ්රායෙල් ජනයා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි නපුරු දේ කර බාල් දේවතාවන්ට වැඳුම්පිදුම් කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 ඉශ්රායෙල් ජනයා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි නපුරු දේ කර බාල් දේවතාවන්ට වැඳුම්පිදුම් කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 2:11
34 හුවමාරු යොමු  

ඉශ්‍රායෙල් පුත්‍රයෝ නැවතත් ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණ දේ කොට බාල්දේවතාවුන්ටත් අෂ්ටාරොත්ටත් සිරියේ දෙවිවරුන්ටත් ශීදොන්හි දෙවිවරුන්ටත් මෝවබ්හි දෙවිවරුන්ටත් අම්මොන් පුත්‍රයන්ගේ දෙවිවරුන්ටත් පිලිස්තිවරුන්ගේ දෙවි වරුන්ටත්, සේවයකළෝය; ස්වාමීන්වහන්සේට සේවය නොකොට උන්වහන්සේ අත්හැරියෝය.


ඉශ්‍රායෙල් පුත්‍රයෝ වනාහි ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කළෝය. ස්වාමීන්වහන්සේ ඔවුන් මිදියන්වරුන් අතට සත් අවුරුද්දකට පාවාදුන්සේක.


ඒහුද් මැරුණායින් පසු ඉශ්‍රායෙල් පුත්‍රයෝ නැවත ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කළෝය.


ඉශ්‍රායෙල් පුත්‍රයෝ ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණුදේ කළෝය, ඔව්හු තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සිහිනැතිකොට බාල් දේවතාවුන්ටත් අෂේරීන්ටත් සේවයකළෝය.


තවද ගිඩියොන් මැරුණු වහාම ඉශ්‍රායෙල් පුත්‍රයෝ නැවතත් බාල් දේවතාවන් අනුව අනාචාරයෙන් හැසිරෙමින් බාල්බෙරීත් තමුන්ට දෙවිකොට තබාගත්තෝය.


ඔහුද: මා නොව නුඹ සහ නුඹේ පියාගේ වංශය ස්වාමීන්වහන්සේගේ ආඥා අත්හැර බාල් දේවතාවන් පස්සේ ගිය කාරණයෙන් නුඹලා ඉශ්‍රායෙල් කැලඹුවහුය.


ඉශ්‍රායෙල් පුත්‍රයෝ නැවතත් ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කළෝය; ස්වාමීන්වහන්සේද ඔවුන් පිලිස්තිවරුන්ගේ අතට සතළිස් අවුරුද්දකට පාවාදුන්සේක.


එහි නොහැසිර, තමුන්ගේ සිතේ මුරණ්ඩුකමේ හැටියටත් ඔවුන්ගේ පියවරුන් ඔවුන්ට ඉගැන්නූ ලෙස බාල් දේවතාවුන් පස්සෙත් ගිය නිසායයි කියනසේක.


මම අපවිත්‍ර නොවීමි, මම බාල්වරුන් පස්සේ නොගියෙමියි නුඹ කියන්නේ කොහොමද? මිටියාවතෙහි තිබෙන නුඹේ හැසිරීම බලන්න, නුඹ කළේ මොකද කියා දැනගන්න. නුඹ එහා මෙහා දුවන ශීඝ්‍ර ඔටුදෙනකි;


අස්ගාද්ගේ පුත්‍රයන්ගෙන් හක්කාටාන්ගේ පුත්‍රවූ යෝහානාන් සහ ඔහු සමඟ පිරිමි එකසිය දහදෙනෙක්ය.


ඔහු තමාගේ පුත්‍රයන් හින්නොම්ගේ පුත්‍රයාගේ මිටියාවතේදී ගින්නෙන් කැපකෙළේය. ඔහු නිමිති බැලීම්ද ශාස්ත්‍රකීම්ද මායම්ද ව්‍යවහාරකොට, ආත්ම බන්ධනකාරයන්ද අනවිනකාරයන්ද ආශ්‍රයකෙළේය. ස්වාමීන්වහන්සේ කෝපකරවන හැටියට උන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ ඔහු බොහෝසෙයින්ම කෙළේය.


ඔහු තමාගේ පියවූ දාවිත් කළාක් මෙන් ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි හරිව තිබුණු දේ නොකොට, ඉශ්‍රායෙල් රජුන්ගේ මාර්ගවල හැසිරෙමින්, බාල් දේවතාවුන්ට වාත්තු පිළිමද සෑදුවේය.


එවිට ඉශ්‍රායෙල් පුත්‍රයෝ බාල් දේවතාවන්ද අෂ්ටාරොත්ද පහකරදමා ස්වාමීන්වහන්සේට පමණක් සේවයකළෝය.


එවිට ඉශ්‍රායෙල් පුත්‍රයෝ ස්වාමීන්වහන්සේට මොරගසා: අපි අපේ දෙවියන්වහන්සේ අත්හැර බාල්දේවතාවුන්ට සේවයකිරීමෙන් ඔබවහන්සේට විරුද්ධව පව්කෙළෙමුයයි කීවෝය.


නැවත ඉශ්‍රායෙල් පුත්‍රයෝ ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කළෝය. ඔවුන් ස්වාමීන්වහන්සේගේ ඇස් හමුවෙහි නපුරුව තිබුණු දේ කළ නිසා උන්වහන්සේ ඔවුන්ට විරුද්ධව මෝවබ්හි රජවූ එග්ලොන් බලවත් කළසේක.


යූදාගේ කුලුඳුලාවූ ඒර් ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි දුෂ්ටව සිටිය බැවින් ස්වාමීන්වහන්සේ ඔහු නැසූ සේක.


සොදොමේ මනුෂ්‍යයෝ වනාහි දුෂ්ටව ස්වාමීන්වහන්සේට විරුද්ධව අතිශයින් පව්කාරව සිටියෝය.


ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: බලව, නුඹ නුඹේ පියවරුන් සමඟ සැතපෙන්නෙහිය; මේ සෙනඟද නැගිට ඔවුන් යන දේශයෙහි වූ අන්‍ය දෙවිවරුන් සමඟ වේශ්‍යාකම්කර, මා අත්හැර, මා ඔවුන් සමඟ කළ මාගේ ගිවිසුම කඩකරනවා ඇත.


තවද එදාම රෑ ස්වාමීන්වහන්සේ ඔහුට කථාකොට: නුඹේ පියාට අයිති ගොනා එනම් සත් අවුරුදු වයස් ඇති දෙවෙනි ගොනා ගෙන ගොස්, නුඹේ පියාට තිබෙන බාල්ගේ පූජාසනය කඩාදමා, ඒ ළඟ තිබෙන අෂේරා කණුව කපාදමා,


ඔහු බාල්ට සේවයකර ඔහුට නමස්කාරකරමින් තමාගේ පියා කළ ප්‍රකාරයටම ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කෝපකෙළේය.


එසේ වී නුමුත් ඔව්හු අකීකරුව ඔබට විරුද්ධව කැරළිගසා, ඔබගේ ව්‍යවස්ථාව තමුන් පිටිපස්සට දමා, ඔබ වෙතට ඔවුන් හරවාගන්ට ඔවුන්ට අවවාදකළ ඔබගේ ප්‍රොපේතවරුන් මරා, මහත් දේව අපහාසයන් කළෝය.


එසේවී නුමුත් ඔව්හු මහෝත්තමයාණන්වූ දෙවියන්වහන්සේ පරීක්ෂා කරමින්, උන්වහන්සේට විරුද්ධව කැරළිගැසුවෝය, උන්වහන්සේගේ ශික්ෂා රක්ෂා නොකළෝය.


ඔව්හු මාගේ වචන අසන්ට අකැමැතිවූ ඔවුන්ගේ පළමු පියවරුන්ගේ අපරාධවලට හැරී, අන් දෙවිවරුන්ට සේවයකරන්ට ඒවා පස්සේ ගියෝය. ඉශ්‍රායෙල් වංශය සහ යූදා වංශයත් මා විසින් ඔවුන්ගේ පියවරුන් හා සමඟ කළ ගිවිසුම කඩකර තිබේ.


තවද ඉශ්‍රායෙල් බාල්පෙයෝර්ට බැඳුණේ විය. ස්වාමීන්වහන්සේගේ උදහසද ඉශ්‍රායෙල්වරුන්ට විරුද්ධව ඇවුළුණේය.


නුඹට දරුවන්ද දරුවන්ගේ දරුවන්ද ඉපද, නුඹලා දේශයෙහි බොහෝ කලක් සිටි කල්හි, නුඹලා දූෂ්‍යකම්කරමින්, කොයි දෙයකට නුමුත් සමානවූ රූපයක් සාදාගන, නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ උදහස්වන හැටියට උන්වහන්සේ ඉදිරියේ නපුරුව තිබෙන දෙය කළොත්,


සාමුවෙල් මුළු ඉශ්‍රායෙල් වංශයට කථාකොට: නුඹලාගේ මුළු සිතින් නුඹලා ස්වාමීන්වහන්සේ වෙතට හැරී එන්නහු නම්, නුඹලා අතරෙන් අන්‍ය දෙවිවරුන්ද අෂ්ටාරොත්ද පහකර දමා නුඹලාගේ සිත් ස්වාමීන්වහන්සේ දෙසටම යොමුකොට උන්වහන්සේට පමණක් සේවයකරන්න. උන්වහන්සේද පිලිස්තිවරුන්ගේ අතින් නුඹලා ගළවාගන්නවා ඇතැයි කීවේය.


එවිට ඔව්හු ස්වාමීන්වහන්සේට මොරගසමින්: අපි ස්වාමීන්වහන්සේ අත්හැර බාල් දේවතාවන්ටත් අෂ්ටාරොත්ටත් සේවයකිරීමෙන් පව්කෙළෙමුව. එහෙත් දැන් අපේ සතුරන්ගේ අතින් අප ගැළවුව මැනව, අපි ඔබවහන්සේට සේවයකරන්නෙමුයයි කීවෝය.


මක්නිසාද සාලමොන් ශීදොන්වරුන්ගේ දේවතාවීවූ අෂ්ටාරොත්ද අම්මොන්වරුන්ගේ පිළිකුලවූ මිල්කොම්ද අනුව ගොස්,


ඇරත් ඔහු හින්නොම්ගේ පුත්‍රයාගේ මිටියාවතෙහි සුවඳ දුම් ඔප්පුකොට, ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරියෙන් පන්නාදැමූ ජාතීන්ගේ පිළිකුල්වල හැටියට තමාගේ පුත්‍රයන් ගින්නෙහි දැවුවේය.


මක්නිසාද පුරාණයේ සිට නුඹ නුඹේ වියගහ බිඳ, නුඹේ බැමි කඩාදමා: මම සේවය නොකරන්නෙමියි කීයෙහිය. මෙසේ උස්වූ සියලු හෙල් පිටද සියලු අමුගස් යටද නුඹ නැඹුරුව වේශ්‍යාකම්කෙළෙහිය.


නුඹලාගේ පියවරුන් මා අත්හැර, අන් දෙවිවරුන් පස්සේ ගොස්, ඔවුන්ට සේවයකර, නමස්කාරකර, මා අත්හැර, මාගේ ව්‍යවස්ථාවද නොපවත්වා සිටින්ටත්,


ඔව්හුද ඇතුල්වී ඒක හිමිකරගත්තෝය; නුමුත් ඔවුන් ඔබගේ හඬට කීකරුවුණේවත් ඔබගේ ව්‍යවස්ථාවේ ප්‍රකාරයට හැසුරුණේවත් ඔවුන්ට කරන්ට ඔබ අණකළ සියල්ල කළේවත් නැත. ඉන්නිසා ඔබ මේ මුළු විපත්තිය ඔවුන්ට පැමිණෙවුසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්