Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හොෂෙයා 4:14 - Sinhala Revised Old Version

14 නුඹලාගේ දූවරුන් වේශ්‍යාකම් කරන නිසාත් නුඹලාගේ යෙහෙළියන් කාමමිථ්‍යාචාරයකරන නිසාත් මම ඔවුන්ට දඬුවම් නොකරන්නෙමි; මක්නිසාද ඔව්හුම වේශ්‍යාවන් සමඟ අහක්ව යති, දේවාල වේශ්‍යාවන් සමඟ යාගකරති. තේරුම් නැති සෙනඟද හෙළාදමනු ලබන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 නුඹලාගේ දූවරුන්ගේ වේශ්‍යාකම්වලටත්, ලේලියන්ගේ කාමමිථ්‍යාචාරකම්වලටත් දඬුවම් නොකරමි. මන්ද, පුරුෂයන් ද දේවාල වෙසඟනක් සමඟ පුද පූජා කරන බැවිනි. මෙසේ සිහිනුවණ නැති සෙනඟ විනාශ වන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 නුඹලාගේ දූවරුන්ගේ වේශ්‍යාකම්වලටත්, ලේලියන්ගේ කාමමිථ්‍යාචාරකම්වලටත් දඬුවම් නොකරමි. මන්ද, පුරුෂයන් ද දේවාල වෙසඟනක් සමඟ පුද පූජා කරන බැවිනි. මෙසේ සිහිනුවණ නැති සෙනඟ විනාශ වන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හොෂෙයා 4:14
23 හුවමාරු යොමු  

ඉශ්‍රායෙල් පුත්‍රයෙනි, ස්වාමීන්වහන්සේගේ වචනය අසන්න. මක්නිසාද සැබෑකමවත් කරුණාවවත් දෙවියන්වහන්සේ ඇඳිනගැනීමවත් දේශයෙහි නැති හෙයින් දේශයේ වැසියන් සමඟ ස්වාමීන්වහන්සේට පැමිණිල්ලක් තිබේ.


එහෙත් සියල්ලන් ලබන දඬුවමට නුඹලා පංගුකාරයෝ නොවන්නහු නම්, නුඹලා පුත්‍රයෝ නොව අවජාතකයෝය.


ඔව්හු තමුන්ගේ තේරුම්ගැනීමෙන් අඳුරුව, තමුන් තුළ ඇත්තාවූ අඥානකම නිසාද තමුන්ගේ සිත් දැඩිවීම නිසාද දෙවියන්වහන්සේ කෙරෙන්වූ ජීවනයට විදේශීව සිටිති.


නොහොත් වේශ්‍යාවියෙකුට එක්වූ තැනැත්තේ එකම ශරීරය වන බව නොදනිවුද? මක්නිසාද: දෙදෙනම එක මාංසය වන්නෝයයි උන්වහන්සේ කියනසේක.


තේරුම්ගන්නාවූ කිසිවෙක් නැත, දෙවියන්වහන්සේ සොයන්නාවූ කෙනෙක් නැත;


මාගේ කථාව නුඹලාට නොතේරෙන්නේ මක්නිසාද? මාගේ වචනය නුඹලාට අසන්ට බැරි නිසාමය.


මේවා තේරුම්ගැනීමට ප්‍රඥාවන්තව, මේවා දැනගැනීමට බුද්ධිමත්ව සිටින්නේ කවුද? මක්නිසාද ස්වාමීන්වහන්සේගේ මාර්ග හරිය, ධර්මිෂ්ඨයෝ එහි ඇවිදින්නෝය; නුමුත් අපරාධකාරයෝ එහිදී වැටෙන්නාහුය.


එප්‍රායිම් දේවරූපවලට බැඳි සිටියි; ඔහු නිකම් සිටියාවේ.


බොහෝ දෙනෙක් තමුන්ම ශුද්ධ පවිත්‍රකරගෙන පිරිසිදුවන්නෝය; දුෂ්ටයෝ දුෂ්ටකම්කරන්නෝය; දුෂ්ටයන්ගෙන් කිසිවෙක් තේරුම් නොගන්නෝය. නුමුත් නුවණ ඇත්තෝ තේරුම්ගනිති.


එසේය, ඒ බල්ලෝ ගිජුව, කිසිකලක තෘප්තියට නොපැමිණෙති; ඔව්හු විමසන්ට නොදන්න එඬේරුය. ඔවුන් එකිනෙකා තම තමාගේ ප්‍රයෝජනය පිණිස තම තමාගේම මාර්ගයට තීන්දුවටම හැරීගියෝය.


නුඹලා වඩ වඩා කැරළිගසා තව පහර ලබන්නේ මක්නිසාද? මුළු හිස රෝගාතුරව, මුළු සිත දුර්වලව තිබේ.


නපුරු මනුෂ්‍යයෝ යුක්තිය තේරුම් නොගනිති. එහෙත් ස්වාමීන්වහන්සේගෙන් විභාගකරන්නෝ සියල්ල තේරුම්ගනිති.


ස්වාමීන්වහන්සේගේ ගෘහය ළඟ තිබුණාවූ සොදොමියයන්ගේ ගෙවලුත් ඔහු බිඳදැම්මේය. එහි ස්ත්‍රීහු අෂේරා රූපවලට තිර වියුවෝය.


ඔහු සොදොමියයන් දේශයෙන් පහකොට තමාගේ පියවරුන් සෑදූ සියලු දේවරූපද අහක්කර දැමුවේය.


ඉශ්‍රායෙල් දූවරුන්ගෙන්වත් ඉශ්‍රායෙල් පුත්‍රයින්ගෙන්වත් කිසිවෙක් වේශ්‍යාකමට කැප නොවේවා.


තමුන්ගේ දෙවියන්වහන්සේ වෙතට හැරීඑන්ට ඔවුන්ගේ ක්‍රියාවලින් අවකාශ නොලැබේ. මක්නිසාද වේශ්‍යා ආත්මය ඔවුන් තුළ තිබේ, ඔව්හු ස්වාමීන්වහන්සේ නෑඳින සිටිති.


දුප්පතාගේ හිසේ පොළොවේ ධූලි තිබෙනවා දකින්ට ඔව්හු ආශාවෙති, යටහත් අයගේ මාර්ගය පෙරළති. මාගේ ශුද්ධවූ නාමය කෙලහෙන ලෙස පුරුෂයෙක්ද ඔහුගේ පියාද එම තරුණිය කරා එළෙඹති.


එබැවින් ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹේ භාර්යාව නුවරදී වේශ්‍යාවක් වන්නීය, නුඹේ පුත්‍රයෝද දූවරුද කඩුවෙන් වැටෙන්නෝය, නුඹේ භූමිය ලනුවෙන් බෙදනු ලබන්නේය; නුඹම අපිරිසිදු රටකදී මැරෙන්නෙහිය, ඉශ්‍රායෙල්ද සැබවින්ම තමුන්ගේ දේශයෙන් වහල්කමට යනවාම ඇතැයි අමශියාට කීවේය.


තවද ඉශ්‍රායෙල් බාල්පෙයෝර්ට බැඳුණේ විය. ස්වාමීන්වහන්සේගේ උදහසද ඉශ්‍රායෙල්වරුන්ට විරුද්ධව ඇවුළුණේය.


ඒකේ අතු වේළුණාම කඩාදමනු ලැබේ; ස්ත්‍රියෝ ඇවිත් ඒවා දවන්නෝය. මක්නිසාද ඔව්හු නුවණ නැති සෙනඟක්ය; එබැවින් ඔවුන්ගේ මැවුම්කාරයාණෝ ඔවුන්ට අනුකම්පා නොකරනසේක, ඔවුන් සෑදූ තැනන්වහන්සේ ඔවුන්ට කරුණා නොකරනසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්