ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ක්‍රියා 20:33 - Sinhala Revised Old Version

කිසිවෙකුගේ රිදීයටවත් රනටවත් ඇඳුම්වලටවත් ආශා නොවීමි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මම කාගේ වත් රන් රිදීයට හෝ ඇඳුම් පැළඳුම්වලට හෝ ආශාවක් නොදැක්වීමි.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

කාගේවත් රිදී හෝ රන් හෝ ඇඳුම්වලට හෝ මා ගිජු වූයේ නැහැ;

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මම කාගේ වත් රන් රිදීයට හෝ ඇඳුම් පැළඳුම්වලට හෝ ආශාවක් නොදැක්වීමි.

පරිච්ඡේදය බලන්න



ක්‍රියා 20:33
13 හුවමාරු යොමු  

මෝසෙස් ඉතා උදහස්ව ස්වාමීන්වහන්සේට කථාකොට: ඔබවහන්සේ ඔවුන්ගේ පූජාව නොසැලකුව මැනව. මම ඔවුන්ගෙන් එක කොටළුවෙක්වත් නොගතිමි, ඔවුන්ගෙන් එක්කෙනෙකුටවත් පාඩුවක් නොකෙළෙමියි කීවේය.


අන්‍යයෝ නුඹලා කෙරෙහි මේ බලයට හවුල්වෙත් නම් ඊට වඩා අපට යුතු නොවේද? එසේවී නුමුත් අපි මේ බලය නොපවත්වා, ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියට කිසි බාධාවක් නොකරන පිණිස සියල්ල දරාගනිමුව.


නුමුත් මා මේ දේවලින් කිසිවක් ව්‍යවහාරකළේ නැත. මේ කාරණා මා ලියන්නේ මට එසේ ලබාගන්නා අදහසින් නොවේ. යමෙකු විසින් මාගේ පාරට්ටුව හිස්කිරීමට වඩා මරණය මට හොඳය.


එසේවී නම් මාගේ විපාකය කිමෙක්ද? ඒ විපාකය නම් ශුභාරංචිය දේශනාකරන කල මට තිබෙන බලය සම්පූර්ණයෙන්ම පාවිච්චි නොකොට ශුභාරංචිය නොමිලයේ පිහිටුවීමය.


කන්ටත් බොන්ටත් අපට අවසර නැද්ද?


නොහොත් නුඹලා උසස්වෙන ලෙස මා විසින් මාම පහත්කරගනිමින්, දෙවියන්වහන්සේගේ ශුභාරංචිය නිකමට දේශනාකළ නිසා පාපයක් කළෙම්ද?


තවද මම නුඹලා ළඟ සිටියදී හිඟවූ කල කිසිවෙකුට බරක් නොවීමි; මක්නිසාද සහෝදරයෝ මකිදෝනියෙන් ආ කල මාගේ හිඟකම පිරිමැසුවෝය. සියලු කාරණාවලදී නුඹලාට බරක් නොවී සිටියෙමි, එසේම සිටින්නෙමි.


නුඹලාගේ සිත් අපට විවරකරන්න. අපි කිසිවෙකුට අයුත්තක් නොකළෙමුව, කිසිවෙකු නරක් නොකළෙමුව, කිසිවෙකුගෙන් වාසි නොගතිමුව.


මක්නිසාද නුඹලා දන්නා හැටියට අප විසින් කිසිකලක ඉච්චා වචනවත් තණ්හාවේ උපායක්වත් ව්‍යවහාරකළේ නැත–දෙවියන්වහන්සේ සාක්ෂිය.


නුඹලා අතරෙහි සිටින දෙවියන්වහන්සේගේ රැළ බලාගනිමින්, බලහත්කාරය නිසා නොව දේව කැමැත්ත ලෙස සතුටු සිතින්ද නින්දිත ලාභය නිසා නොව මනාප සිතකින්ද,


කෙසේදයත්, ඔවුන් අන්‍යජාතීන්ගෙන් කිසිත් නොගෙන, උන්වහන්සේගේ නාමය නිසා පිටත්ව ගිය බැවින්ය.