Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 කොරින්ති 9:12 - Sinhala Revised Old Version

12 අන්‍යයෝ නුඹලා කෙරෙහි මේ බලයට හවුල්වෙත් නම් ඊට වඩා අපට යුතු නොවේද? එසේවී නුමුත් අපි මේ බලය නොපවත්වා, ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියට කිසි බාධාවක් නොකරන පිණිස සියල්ල දරාගනිමුව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 අනිත් අයට ඔබ කෙරේ මෙවැනි අයිතියක් ඇත්නම් ඊටත් වඩා ලොකු අයිතියක් අපට නැද් ද? එසේ වුව ද මේ අයිතියෙන් ප්‍රයෝජනයක් නොගෙන ක්‍රිස්තුන් වහන්සේගේ සුබ අස්නට කිසිදු බාධාවක් නොවන සේ අපි සියල්ල දරාගනිමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

12 ඔබගෙන් මේ අයිතියට වෙනත් අය පංගුකාර වේ නම්, ඊට වඩා වැඩි අයිතියක් අපට නැති ද? කෙසේ වෙතත්, අප ඒ අයිතියෙන් ප්‍රයෝජන ගත්තේ නැත. ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියට බාධකයක් වීමට වඩා, හැම දෙයක්ම අපි විඳ දරා ගන්නෙමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 අනිත් අයට ඔබ කෙරේ මෙවැනි අයිතියක් ඇත්නම් ඊටත් වඩා ලොකු අයිතියක් අපට නැද් ද? එසේ වුව ද මේ අයිතියෙන් ප්‍රයෝජනයක් නොගෙන ක්‍රිස්තුන් වහන්සේගේ සුබ අස්නට කිසිදු බාධාවක් නොවන සේ අපි සියල්ල දරාගනිමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 කොරින්ති 9:12
23 හුවමාරු යොමු  

නුමුත් මා කරන දේ, ප්‍රස්තාවක් සොයන්නවුන්ගේ ප්‍රස්තාව සිඳදමන පිණිස, මතුත් කරන්නෙමි; එසේ කරන්නේ ඔවුන් පාරට්ටුකරගන්නාවූ කාරණයේදී ඔවුන් අප වාගේ පෙනෙන පිණිසය.


එසේවී නම් මාගේ විපාකය කිමෙක්ද? ඒ විපාකය නම් ශුභාරංචිය දේශනාකරන කල මට තිබෙන බලය සම්පූර්ණයෙන්ම පාවිච්චි නොකොට ශුභාරංචිය නොමිලයේ පිහිටුවීමය.


නුමුත් මා මේ දේවලින් කිසිවක් ව්‍යවහාරකළේ නැත. මේ කාරණා මා ලියන්නේ මට එසේ ලබාගන්නා අදහසින් නොවේ. යමෙකු විසින් මාගේ පාරට්ටුව හිස්කිරීමට වඩා මරණය මට හොඳය.


මම අන්‍යයන්ට ප්‍රේරිතයෙක් නොවෙතත් නුඹලාට නම් ප්‍රේරිතයෙක්ය. මක්නිසාද ස්වාමීන්වහන්සේ තුළ මාගේ ප්‍රේරිතකමේ මුද්‍රාව නම් නුඹලාය.


යමෙක් නුඹලා වහල්කමට පමුණුවන්නේ නුමුත්, යමෙක් නුඹලා කාදමන්නේ නුමුත්, යමෙක් නුඹලා අසුකරගන්නේ නුමුත්, යමෙක් තමා උසස්කරගන්නේ නුමුත්, යමෙක් නුඹලාගේ මුහුණට පහරදෙන්නේ නුමුත්, නුඹලා ඉවසන්නහුය.


අපගේ සේවයට දෝෂ නොපැමිණෙන පිණිස, කිසිවකින් බාධාවට කිසි ප්‍රස්තාවක් නොදී,


ඉතින් එකිනෙකා සමඟ නුඹලාට නඩු ඇතුව තිබීම දැනටම මුළුමනින්ම නුඹලාට පාඩුවක්ය. ඒ වෙනුවට නුඹලා අයුක්තිය නොවිඳින්නේ මන්ද? ඒ වෙනුවට අලාභය නොවිඳින්නේ මන්ද?


නුඹලා ළඟට මාගේ ඊම කීප වරක් වැලකුණෙත් ඒ නිසාය.


දෙගොල්ලම එම කර්මාන්තය කරන්නෝ බැවින්, ඔවුන් සමඟ නැවතී සිට වැඩකළේය; ඔවුන්ගේ කර්මාන්තය කූඩාරම් සෑදීමය.


ව්‍යවස්ථාව උගන්වන්නෙනි, නුඹලාට දුක්වේ! නුඹලා දැනගැනීමේ යතුර රැගෙන ගියහුය. නුඹලාම ඇතුල්වුණේ නැත, ඇතුල්වන්නන්ද වැලැක්වුවහුයයි කීසේක.


ඔවුන් සියල්ලෝම යෙරුසලමට විරුද්ධව යුද්ධකර එහි වියවුලක් හටගන්වන්ට එක්ව කුමන්ත්‍රණයකළෝය.


ස්වාමීන්වහන්සේ මාගේ ගමන සඵලකළ බැවින් මා ප්‍රමාද නොකර මාගේ ස්වාමියා වෙතට යන පිණිස මා හරින්නැයි ඔහු ඔවුන්ට කීය.


එසේම ශුභාරංචිය ප්‍රකාශකරන්නන් විසින් ශුභාරංචිය කරණකොටගෙන ජීවිකාව ලබන්ට ස්වාමීන්වහන්සේ නියෝගකළසේක.


මක්නිසාද මම ශුභාරංචිය දේශනාකරම් නුමුත් පාරට්ටුකරගැනීමට මට කිසිත් නැත; මක්නිසාද එසේ කිරීමට බැඳී සිටිමි; ශුභාරංචිය දේශනා නොකළොත් මට දුක්වේ.


සියල්ල දරාගන්නේය, සියල්ල විශ්වාසකරන්නේය, සියල්ල බලාපොරොත්තුවන්නේය, සියල්ල ඉවසන්නේය.


තවද ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය ප්‍රකාශකරන්ට මා ත්‍රෝවසට පැමිණිකල ස්වාමීන්වහන්සේ තුළ මට දොරක් ඇර තිබෙද්දීත්,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්