Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 කොරින්ති 9:18 - Sinhala Revised Old Version

18 එසේවී නම් මාගේ විපාකය කිමෙක්ද? ඒ විපාකය නම් ශුභාරංචිය දේශනාකරන කල මට තිබෙන බලය සම්පූර්ණයෙන්ම පාවිච්චි නොකොට ශුභාරංචිය නොමිලයේ පිහිටුවීමය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 එසේ නම් මාගේ වැටුප කුමක් ද? ඒ වැටුප නම්, අය කිරීමක් නැති ව, සුබ අස්නේ සේවය වෙනුවෙන් වැටුපක් ලැබීමේ අයිතිය පැහැර හැර, සුබ අස්න දේශනා කිරීමයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

18 එසේ නම් මාගේ ත්‍යාගය කුමක් ද? ඒ මා දේශනා කරන ශුභාරංචිය තුළ මට හිමි අයිතිය මුළුමනින්ම ප්‍රයෝජනයට නො ගෙන, අය කිරීමක් නැතිව ශුභාරංචිය පිළිගැන්වීමයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 එසේ නම් මාගේ වැටුප කුමක් ද? ඒ වැටුප නම්, අය කිරීමක් නැති ව, සුබ අස්නේ සේවය වෙනුවෙන් වැටුපක් ලැබීමේ අයිතිය පැහැර හැර, සුබ අස්න දේශනා කිරීමයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 කොරින්ති 9:18
16 හුවමාරු යොමු  

අප ක්‍රිස්තුස්වහන්සේගේ ප්‍රේරිතයන් හැටියට නුඹලාට බරක්වෙන්ට අපට පුළුවන්කම තිබුණු නුමුත්, නුඹලාගෙන්වත් අන්‍යයන්ගෙන්වත් මනුෂ්‍ය ගෞරවය නොසෙවුවෙමුව.


නුමුත් නුඹලාගේ මේ නිදහස යම් අන්දමකින් දුර්වලයන්ට බාධා හේතුවක් නොවන ලෙස බලාගන්න.


මක්නිසාද අපි අප ගැනම නොව, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ ස්වාමීන්වහන්සේය කියාද යේසුස්වහන්සේ නිසා අපි නුඹලාගේ දාසයෝ කියාද ප්‍රකාශකරමුව.


එසේම නුඹලාත් යුදෙව්වරුන්ටවත් ග්‍රීක්වරුන්ටවත් දෙවියන්වහන්සේගේ සභාවටවත් බාධා හේතු නොවී සිටින්න.


මේ ලෝකය භුක්තිවිඳින්නෝ අධිකලෙස භුක්ති නොවිඳින්නන් මෙන්ද සිටිය යුත්තෝයයි කියමි. මක්නිසාද මේ ලෝකයේ අන්දම පහවෙවී යන්නේය.


කෑම නිසා නුඹේ සහෝදරයා දුකට පැමිණේ නම්, නුඹ තවත් ප්‍රේමයෙන් යුක්තව හැසිරෙන්නේ නැත. යමෙකු නිසා ක්‍රිස්තුස්වහන්සේ මළසේක්ද ඔහු නුඹේ කෑමෙන් විනාශ නොකරන්න.


වපුරන්නාත් කපන්නාත් එක්ව සන්තෝෂවන පිණිස, කපන්නා කුලී ලැබ සදාකාල ජීවනයට අස්වැන්න එකතුකරගන්නේය.


දෙගොල්ලම එම කර්මාන්තය කරන්නෝ බැවින්, ඔවුන් සමඟ නැවතී සිට වැඩකළේය; ඔවුන්ගේ කර්මාන්තය කූඩාරම් සෑදීමය.


හිටවන තැනැත්තෙත් වතුර වත්කරන තැනැත්තෙත් එකය. එක් එක්කෙනා තම තමාගේ වැඩේ හැටියට තම තමාගේ විපාකය ලබන්නේය.


අන්‍යයෝ නුඹලා කෙරෙහි මේ බලයට හවුල්වෙත් නම් ඊට වඩා අපට යුතු නොවේද? එසේවී නුමුත් අපි මේ බලය නොපවත්වා, ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචියට කිසි බාධාවක් නොකරන පිණිස සියල්ල දරාගනිමුව.


නුමුත් මා මේ දේවලින් කිසිවක් ව්‍යවහාරකළේ නැත. මේ කාරණා මා ලියන්නේ මට එසේ ලබාගන්නා අදහසින් නොවේ. යමෙකු විසින් මාගේ පාරට්ටුව හිස්කිරීමට වඩා මරණය මට හොඳය.


මක්නිසාද මේක මාගේ කැමැත්තෙන්ම කරම් නම්, මට විපාකයක් තිබේ. කැමැත්තක් නැතුව කළත් ගබඩාකාරකමක් මට භාරදී තිබේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්