ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ඔබදියා 1:21 - Sinhala Revised Old Version

තවද ඒසව්ගේ කඳුකරය විනිශ්චයකරන්ට ගැළවුම්කාරයෝ සියොන් කන්දෙහි නැගිටින්නෝය; රාජ්‍යයද ස්වාමීන්වහන්සේගේ වන්නේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඒසව් කන්ද පාලනය කරන පිණිස ජයග්‍රාහික ව ඔව්හු සියොන් කන්දට නඟින්නෝ ය. රාජ්‍යය ද සමිඳාණන් වහන්සේගේ වන්නේ ය.”

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඒසව් කන්ද පාලනය කරන පිණිස ජයග්‍රාහික ව ඔව්හු සියොන් කන්දට නඟින්නෝ ය. රාජ්‍යය ද සමිඳාණන් වහන්සේගේ වන්නේ ය.”

පරිච්ඡේදය බලන්න



ඔබදියා 1:21
37 හුවමාරු යොමු  

ස්වාමීන්වහන්සේ: නුඹේ කුසේ ජාති දෙකක් සිටිති, සෙනඟ දෙ වර්ගයක් නුඹේ උදරයෙන් බෙදී යන්නෝය. එක් සෙනඟක් අනික් සෙනඟට වඩා බලවත් වන්නේය; වැඩිමලා බාලයාට මෙහෙකරන්නේයයි ඈට කීසේක.


(තවද ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල්වරුන් සිරියවරුන්ගේ අත යටතින් නිදහස්වෙන ලෙස ඔවුන්ට ගැළවුම්කාරයෙකු දුන්සේක. ඉශ්‍රායෙල් පුත්‍රයෝ පළමු ලෙස තමුන්ගේ කූඩාරම්වල වාසයකළෝය.


එහෙයින් ඔබ ඔවුන්ගේ එදිරිකාරයන් අතට ඔවුන් පාවාදුන්සේක, ඔව්හු ඔවුන්ට පීඩාකළෝය. ඔවුන්ගේ පීඩා කාලයේදී ඔවුන් ඔබට මොරගැසූ කල ඔබ ස්වර්ගයේ සිට අසා, ඔබගේ මහත් අනුකම්පාව නිසා ඔවුන්ගේ එදිරිකාරයන්ගේ අතින් ඔවුන් ගළවාගත් ගැළවුම්කාරයන් ඔවුන්ට දුන්සේක.


එහෙයින් ජාතීහු ස්වාමීන්ගේ නාමයටත් පොළොවේ සියලු රජවරු ඔබගේ මහිමයටත් භයවන්නෝය.


මක්නිසාද රාජ්‍යය ස්වාමීන්වහන්සේගේය. උන්වහන්සේ ජාතීන් කෙරෙහි ආණ්ඩුකාරයාණෝය.


පොළොවේ පුෂ්ටිමත් සියල්ලෝ අනුභවකොට නමස්කාරකරන්නාහුය. ධූලියට බසින්නෝ, එනම් තමුන්ගේ දිවි රැකගත නොහැකි අය, උන්වහන්සේ ඉදිරියෙහි වැඳ වැටෙන්නාහුය.


මක්නිසාද දෙවියන්වහන්සේ මුළු පොළොවට රජ්ජුරුවෝය. අර්ථ දැන ප්‍රශංසා ගී කියව්.


ජාතීහු සන්තෝෂව ප්‍රීතියෙන් ගී කියත්වා. මක්නිසාද ඔබ යුක්තියෙන් මනුෂ්‍ය වර්ගයන් විනිශ්චයකරනසේක, පොළොවේ ජාතීන් පාලනය කරනසේක.


තවද ඔවුන් පීඩාකාරයින් නිසා ස්වාමීන්වහන්සේට යාච්ඤා කරන විට උන්වහන්සේ බලවත් ගැළවුම්කාරයෙකු ඔවුන් වෙතට යවා ඔවුන් ගළවනවා ඇත. සේනාවල ස්වාමීන්වහන්සේ උදෙසා එය මිසර දේශයෙහි ලකුණක්ද සාක්ෂියක්ද වන්නේය.


එකල චන්ද්‍රයා වියවුල්වන්නේය, සූර්යයා ලජ්ජාවන්නේය; මක්නිසාද සේනාවල ස්වාමීන්වහන්සේ සියොන් කන්දෙහිද යෙරුසලමෙහිද උන්වහන්සේගේ පුරාතනයන් ඉදිරියෙහිද මහිමයෙන් රජකම්කරනසේක.


නුවණ ඇත්තෝ ආකාශයේ දීප්තිය මෙන්ද බොහෝ දෙනෙකු ධර්මිෂ්ඨකමට හරවාගන්නෝ තාරකාවන් මෙන්ද සදාකාලේටම බැබළෙන්නෝය.


එකල යකඩද මැටිද පිත්තලද රිදීද රත්රන්ද එකවිටම පොඩිවී, ග්‍රීෂ්ම කාලයේ පාවරවල බොල් මෙන් වී, ඒවා කිසිම ස්ථානයක නොතිබෙන ලෙස සුළඟට ගසාගනගියේය. රූපයට ගැසූ ගලද මහත් කන්දක් වී, මුළු පොළොව එයින් පිරුණේය.


ඒ රජුන්ගේ දවස්වලදී ස්වර්ගයේ දෙවියන්වහන්සේ කිසිකලක නැති නොවන්නාවූ රාජ්‍යයක් පිහිටුවනසේක, ඒකේ ආණ්ඩුව අන් සෙනඟකට අත්අරිනු නොලබන්නේය;


සියලු ජනයන්ද ජාතීන්ද භාෂාවන්ද උන්වහන්සේට සේවයකරන පිණිස ආණ්ඩු බලයද ගෞරවයද රාජ්‍යයක්ද උන්වහන්සේට දෙනලද්දේය. උන්වහන්සේගේ ආණ්ඩුව පහ නොවන සදාකාල ආණ්ඩුවක්ය, උන්වහන්සේගේ රාජ්‍යයද නැති නොවන්නේය.


මුළු අහස යට තිබෙන රාජ්‍යවල රජකමද ආණ්ඩුවද මහත්කමද මහෝත්තමයාණන්ගේ ශුද්ධවන්තයන්වන සෙනඟට දෙනවා ඇත. උන්වහන්සේගේ රාජ්‍යය සදාකාල රාජ්‍යයක්ය, සියලුම ආණ්ඩුද උන්වහන්සේට සේවයකර කීකරුවෙනවා ඇතැයි කීවේය.


තවද ස්වාමීන්වහන්සේගේ නම කියා යාච්ඤාකරන කවුරුනුමුත් ගැළවෙනවා ඇත. මක්නිසාද ස්වාමීන්වහන්සේ කී ලෙස, ගැළවෙන අයද ඉතිරි අය අතරේ ස්වාමීන්වහන්සේ කැඳවන අයද සියොන් කන්දෙහිත් යෙරුසලමෙහිත් සිටිනවා ඇත.


මම කොරගසගසා යන්නන් ඉතුරුවෙන්ට සලස්වා, ඈත්කරනු ලැබූ අය බලවත් ජාතියක් කරන්නෙමි. ස්වාමීන්වහන්සේ සියොන් කන්දේ ඔවුන් කෙරෙහි මෙතැන් පටන් සදාකාලයටම රජකම්කරනසේක.


ස්වාමීන්වහන්සේ මුළු පොළොව කෙරෙහි රජව සිටිනවා ඇත. ඒ කාලයෙහි ස්වාමීන්වහන්සේ පමණක්ම දෙවිව සිටිනවා ඇත, උන්වහන්සේගේ නාමය පමණක්ම ඇතිවන්නේය.


ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද කරනු ලැබේවා.


අප පරීක්ෂාවට නොපමුණුවා, නපුරාගෙන් අප ගැළවුව මැනව.


මාගේ රාජ්‍යයෙහිදී මාගේ මේසයේ කන්ටද බොන්ටද නුඹලාට රාජ්‍යයක් නියමකරමි; නුඹලා ඉශ්‍රායෙල්ගේ ගෝත්‍ර දොළොස විනිශ්චය කරමින් සිංහාසනවල හිඳින්නහුය.


නුඹ ගැනත් නුඹේ ඉගැන්වීම ගැනත් ප්‍රවේසම්වෙන්න. ඒවායේ පවතින්න; මක්නිසාද නුඹ එසේ කිරීමෙන් නුඹද නුඹේ වචන අසන්නන්ද ගළවාගන්නෙහිය.


පව්කාරයෙකු තමාගේ මාර්ගයේ මුළාවෙන් හරවාගන්න තැනැත්තා ප්‍රාණයක් මරණයෙන් ගළවා, පව් රාශියක් වසන බව ඔහු දැනගනීවා.


සත්වෙනි දේවදූතයාද පිම්බේය; එවිට: ලෝකයේ අධිපතිකම අපගේ ස්වාමීන්වහන්සේටද තමන් ක්‍රිස්තුස්වහන්සේටද වූයේය. උන්වහන්සේ සදාකාලේටම රජකම්කරනසේකැයි කියන මහත් ශබ්ද ස්වර්ගයෙහි විය.


එවිට මහත් සමූහයකුගේ හඬ මෙන්ද බොහෝ ජලඝෝෂාවක් මෙන්ද බලවත් ගර්ජනාවල ශබ්දය මෙන්ද හඬක් මට ඇසුණේය. එනම්: සර්වපරාක්‍රමවූ අපගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ රජකම්කරන බැවින්,


තවද සිංහාසන දුටිමි, ඔව්හු එහි හිඳගත්තෝය, විනිශ්චයද ඔවුන්ට දෙනලද්දේය. තවද යේසුස්වහන්සේගේ සාක්ෂිය නිසාද දෙවියන්වහන්සේගේ වචනය නිසාද හිස් කපාදමනු ලැබූවන්ගේද, මෘගයාටවත් උගේ රූපයටවත් නමස්කාර නොකළාවූ, උගේ සලකුණ තමුන්ගේ නළල්වලත් අත්වලත් නොලැබුවාවූ තැනත්තන්ගේද ආත්මයන් දුටිමි; ඔව්හු ජීවත්ව ක්‍රිස්තුස්වහන්සේ සමඟ අවුරුදු දහසක් රජකම්කළෝය.


එවිට ඔවුන්ගෙන් කොල්ලකෑ අයගෙන් ඔවුන් ගළවාගන්න පිණිස ස්වාමීන්වහන්සේ විනිශ්චයකාරයන් නැගුටුවාදුන්සේක.


ඉශ්‍රායෙල් පුත්‍රයන් ස්වාමීන්වහන්සේට මොරගැසූකල ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන්ට ගැළවුම්කාරයෙකු නැගුටුවා දී ඔවුන් ගැළවූසේක, ඒ වනාහි කාලෙබ්ගේ බාල සහෝදරයා වන කෙනස්ගේ පුත්‍රවූ ඔත්නියෙල්ය.