Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 රාජාවලිය 13:5 - Sinhala Revised Old Version

5 (තවද ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල්වරුන් සිරියවරුන්ගේ අත යටතින් නිදහස්වෙන ලෙස ඔවුන්ට ගැළවුම්කාරයෙකු දුන්සේක. ඉශ්‍රායෙල් පුත්‍රයෝ පළමු ලෙස තමුන්ගේ කූඩාරම්වල වාසයකළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 තවද, සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන් සිරියන්වරුන්ගේ පාලන බලයෙන් නිදහස් වන ලෙස ඔවුන්ට ගැළවුම්කාරයෙකු දුන් සේක. ඉශ්රායෙල් ජනයා පෙර ලෙස තමන්ගේ කූඩාරම්වල වාසය කළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 තවද, සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන් සිරියන්වරුන්ගේ පාලන බලයෙන් නිදහස් වන ලෙස ඔවුන්ට ගැළවුම්කාරයෙකු දුන් සේක. ඉශ්රායෙල් ජනයා පෙර ලෙස තමන්ගේ කූඩාරම්වල වාසය කළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 රාජාවලිය 13:5
13 හුවමාරු යොමු  

එහෙයින් ඔබ ඔවුන්ගේ එදිරිකාරයන් අතට ඔවුන් පාවාදුන්සේක, ඔව්හු ඔවුන්ට පීඩාකළෝය. ඔවුන්ගේ පීඩා කාලයේදී ඔවුන් ඔබට මොරගැසූ කල ඔබ ස්වර්ගයේ සිට අසා, ඔබගේ මහත් අනුකම්පාව නිසා ඔවුන්ගේ එදිරිකාරයන්ගේ අතින් ඔවුන් ගළවාගත් ගැළවුම්කාරයන් ඔවුන්ට දුන්සේක.


තවද ඉශ්‍රායෙල් යන නාමය අහස යටින් මකාදමන්නෙමියි ස්වාමීන්වහන්සේ නොකීසේක. එබැවින් උන්වහන්සේ යෝවාෂ්ගේ පුත්‍රවූ යෙරොබොවම් ලවා ඔවුන් ගැළෙවුසේක.


ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තමන්ගේ මෙහෙකරුවූ, ගාත්හෙපෙර්හි අනාගතවක්තෘවූ අමිත්තයිගේ පුත්‍රවූ යෝනා ලවා කියෙවු වචනය ලෙස හමාත්ට ඇතුල්වන තැන් පටන් අරබා සමභූමියේ මුහුද දක්වා ඉශ්‍රායෙල්වරුන්ගේ සීමාව ඔහු නැවත ලබාගත්තේය.


යෙහෝවාහාස්ගේ පුත්‍රවූ යෙහෝවාෂ් තමාගේ පියවූ යෙහෝවාහාස් අතින් හසායෙල් විසින් යුද්ධකොට අල්ලාගත් නුවරවල් ඔහුගේ පුත්‍රයාවූ බෙන්-හදද්ගේ අතින් නැවත අල්ලාගත්තේය. යෝවාෂ් තුන්වරක් ඔහුට පහරදී ඉශ්‍රායෙල් නුවරවල් දෙවනු ගත්තේය.


මක්නිසද ස්වාමිවූ ක්‍රිස්තුස් නම් ගැළවුම්කාරයෙක් නුඹලාට දාවිත්ගේ නුවර අද උපන්සේක.


තවද ඒසව්ගේ කඳුකරය විනිශ්චයකරන්ට ගැළවුම්කාරයෝ සියොන් කන්දෙහි නැගිටින්නෝය; රාජ්‍යයද ස්වාමීන්වහන්සේගේ වන්නේය.


තවද ඔවුන් පීඩාකාරයින් නිසා ස්වාමීන්වහන්සේට යාච්ඤා කරන විට උන්වහන්සේ බලවත් ගැළවුම්කාරයෙකු ඔවුන් වෙතට යවා ඔවුන් ගළවනවා ඇත. සේනාවල ස්වාමීන්වහන්සේ උදෙසා එය මිසර දේශයෙහි ලකුණක්ද සාක්ෂියක්ද වන්නේය.


පසුගිය කාලවල, සාවුල් රජව සිටියදී පවා, ඉශ්‍රායෙල් පිටතට ගෙන ගියෙත් ඇතුළට ගෙනාවෙත් ඔබය. ඔබගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ–නුඹ මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් පාලනයකරන්නෙහිය, නුඹ මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල් කෙරෙහි අධිපතියා වන්නෙහියයි ඔබට කීසේකැයි කීවෝය.


යොනාතාන් දාවිත්ට අඬගසා ඒ සියල්ල ඔහුට දන්වා, සාවුල් ළඟට ඔහු කැඳවාගන ගියේය, හෙතෙම පෙර ලෙස ඔහු ඉදිරියෙහි සිටියේය.


එහි පලාගොස් ජීවත්වෙන්ට සුදුසු වූ මිනීමරන්නා නම් පළමු තමාගේ අසල්වාසියා කෙරේ වෛරයක් නොතිබී අත් වැරුද්දෙන් ඔහු මරන තැනැත්තාය.


මෝසෙස්: අහෝ, ස්වාමීනි, මීට ප්‍රථමවත් ඔබ තමන් මෙහෙකරුවාට කථාකළාට පසුවවත් මම ව්‍යක්තයෙක් නොවෙමි. මක්නිසාද කථාවට අදක්ෂවූ අදක්ෂ දිවක් ඇත්තාවූ කෙනෙක්මියි ස්වාමීන්වහන්සේට කීයේය.


මක්නිසාද මේ ප්‍රස්තාවේදී නුඹ නිශ්ශබ්දවම සිටියොත් වෙන තැනකින් යුදෙව්වරුන්ට නිදහසත් ගැළවීමත් පැමිණෙනවා ඇත, නුමුත් නුඹ සහ නුඹේ පියවංශය නැතිවන්නේය. නුඹ රාජ්‍යයට පැමුණුණේ මෙවැනි ප්‍රස්තාවක් නිසාම නොවේද කියා දන්නේ කවුදැයි කියා කියන්ට අණකෙළේය.


ස්වාමීන්වහන්සේ යෙරුබ්බාල්ද බෙදාන්ද යෙප්තාද සාමුවෙල්ද එවා වටකර සිටි නුඹලාගේ සතුරන්ගේ අතින් ගැළවූසේක, එවිට නුඹලා සුරක්ෂිතව වාසයකළහුය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්