නුමුත් ඒ කාරණය රජු ඉදිරියට පැමිණි කල, රජ හාමාන් විසින් යුදෙව්වරුන්ට විරුද්ධව කළ නපුරු යෝජනාව ඔහුගේම හිස පිටට හැරෙන හැටියට අණකර ලියා ඇරියේය; ඔහු සහ ඔහුගේ පුත්‍රයෝ ගහේ එල්ලා තබනලද්දෝය.
ඔබදියා 1:15 - Sinhala Revised Old Version මක්නිසාද සියලු ජාතීන්ට විරුද්ධව තිබෙන ස්වාමීන්වහන්සේගේ දවස ළංව තිබේ. නුඹ කළ හැටියටම නුඹට කරනවා ඇත; නුඹේ ක්‍රියාව නුඹේම හිස පිටට හැරී එනවා ඇත. Sinhala New Revised Version “සියලු ජාතීන්ට විරුද්ධ ව එන සමිඳාණන් වහන්සේගේ දවස ළං වී තිබේ. නුඹ කර තිබෙන හැටියට ම නුඹටත් කරනු ලැබේ. නුඹ අනුන්ට කළ දේ නුඹටත් පල දේ. Sinhala New Revised Version 2018 “සියලු ජාතීන්ට විරුද්ධ ව එන සමිඳාණන් වහන්සේගේ දවස ළං වී තිබේ. නුඹ කර තිබෙන හැටියට ම නුඹටත් කරනු ලැබේ. නුඹ අනුන්ට කළ දේ නුඹටත් පල දේ. |
නුමුත් ඒ කාරණය රජු ඉදිරියට පැමිණි කල, රජ හාමාන් විසින් යුදෙව්වරුන්ට විරුද්ධව කළ නපුරු යෝජනාව ඔහුගේම හිස පිටට හැරෙන හැටියට අණකර ලියා ඇරියේය; ඔහු සහ ඔහුගේ පුත්‍රයෝ ගහේ එල්ලා තබනලද්දෝය.
සර්වපරාක්‍රමයාණන් විසින් කාලයන් නියමකර නැත්තේ මන්ද? උන්වහන්සේ අඳුනන අය උන්වහන්සේගේ දවස් නොදකින්නේ මන්ද?
විනාශයට කැපවූ බබිලොන් දියණියෙනි, නුඹ අපට කළාක්මෙන් නුඹට විපාකදෙන තැනැත්තේ වාසනාවන්තවන්නේය.
මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල්ට මා හිමිකරදුන් උරුමයට අතගහන මාගේ සියලුම නපුරු අසල්වාසීන්ට විරුද්ධව ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, මම ඔවුන්ගේ දේශයෙන් ඔවුන් උදුරාදමන්නෙමි, යූදා වංශයද ඔවුන් අතරෙන් උදුරාදමන්නෙමි,
මක්නිසාද ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: බලව, කුසලානෙන් බොන්ට නියම නැති අය බොනවාම ඇත; එසේවීනම් නුඹ කිසි දඬුවමක් නොලැබ සිටින්නෙහිද? නුඹ දඬුවම් නොලැබ නොසිට බොනවාම ඇත.
බබිලෝනියට විරුද්ධව දුනුකාරයන් වන දුනු තැත්කවන සියල්ලන් අඬගසන්න; ඈට විරුද්ධව වටකරින් අන්දායම් බැඳ, කිසිවෙකුට ගැළවීයන්ට ඉඩනෑර, ඇගේ ක්‍රියාකිරීමේ හැටියට ඈට ප්‍රතිඵලදී, ඈ කළ සියල්ල ලෙස ඈට කරන්න, මක්නිසාද ඈ ස්වාමීන්වහන්සේ වන ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේට විරුද්ධව එඩිතරවූවාය.
මක්නිසාද ඈට එනම් බබිලෝනියට විරුද්ධව නාස්තිකරන්නා පැමිණියේය, ඇගේ බලවන්තයෝ අසුවුණෝය, ඔවුන්ගේ දුනුද කඩාදමනු ලැබුවේය. මක්නිසාද ස්වාමීන්වහන්සේ විපාකදෙන දෙවියන්වහන්සේය, උන්වහන්සේ ප්‍රතිඵලදෙනවාම ඇත.
මා ජීවමාන බව සැබෑවා සේම මෙසේ කියමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක. ඔවුන් කෙරෙහි තිබෙන නුඹේ වෛරයෙන් නුඹ පෑවාවූ නුඹේ උදහසේ හැටියටත් නුඹේ ඊර්ෂ්‍යාවේ හැටියටත් මම නුඹට කරන්නෙමි; මා නුඹ විනිශ්චයකරන කල ඔවුන් අතරෙහි ප්‍රකාශවන්නෙමි.
ඉශ්‍රායෙල් වංශයේ උරුමය පාළුවක් වුණ බැවින් නුඹ ඊට ප්‍රීති වුණාක්මෙන් මම නුඹට එසේම කරන්නෙමි. එම්බා සේයිර් කන්ද, නුඹ සහ මුළු ඒදොම් මුළුමනින්ම පාළුවක් වන්නේය. මෙසේ මා ස්වාමීන්වහන්සේ බව ඔවුන් දැනගන්නවා ඇත.
අහෝ ඒ දවසේ හැටි! මක්නිසාද ස්වාමීන්වහන්සේගේ දවස ළංව තිබේ, ඒක සර්වපරාක්‍රමයාණන්වහන්සේ එවන විනාශයක් මෙන් පැමිණෙන්නේය.
සියොන්හි හොරණෑව පිඹ, මාගේ ශුද්ධවූ කන්දෙහි මහත් ශබ්දයක් පවත්වන්න; දේශයේ සියලු වැසියෝ වෙවුලත්වා. මක්නිසාද ස්වාමීන්වහන්සේගේ දවස පැමිණෙයි, ඒක ළංව තිබේ;
ස්වාමීන්වහන්සේ තමන්ගේ සේනාවට පෙරටුවෙන් ස්වකීය හඬ පවත්වනසේක; මක්නිසාද උන්වහන්සේගේ හමුදාව ඉතා මහත්ය; උන්වහන්සේ තමන් වචන ඉෂ්ටකරමින් බලවත්ව සිටිනසේක. එසේය, ස්වාමීන්වහන්සේගේ දවස මහත්ව ඉතා භයංකරව තිබේ; එය දරන්ට කාට පුළුවන්ද?
ස්වාමීන්වහන්සේගේ දවසට ආශාවන්නෙනි, නුඹලාට දුක්වේ! ස්වාමීන්වහන්සේගේ දවස නුඹලාට ඕනෑකරන්නේ මක්නිසාද? එය ආලෝකය නොව අන්ධකාරයය.
ස්වාමීන්වහන්සේගේ දවස එළිය නොව අඳුර නොවන්නේද? දීප්තියක් නැතිව ඉතා කළුවරව නොතිබෙන්නේද?
නුඹ බොහෝ ජාතීන්ගෙන් කොල්ලකෑ බැවින්, මනුෂ්‍යයන්ගේ ලේ නිසාද දේශයටත් නගරයටත් එහි සියලු වැසියන්ටත් කළ බලාත්කාරය නිසාද ඉතිරිවූ සියලුම ජනයන් නුඹෙන් කොල්ලකනවා ඇත.
මක්නිසාද නුඹලා යම් විනිශ්චයකින් විනිශ්චයකරන්නහුද එයින්ම නුඹලාත් විනිශ්චයකරනු ලබන්නහුය. යම් මිම්මකින් නුඹලා මැනදෙන්නහුද එයින්ම නුඹලාටත් මැනදෙනු ලබන්නේය.
මක්නිසාද දයාව නොපෙන්වූ තැනැත්තාට විනිශ්චය දයාව නැතුව පැමිණෙන්නේය. දයාව වනාහි විනිශ්චයට විරුද්ධව ජයනාදකරන්නේය.
අදොනි-බෙශෙක් කථාකොට: අත්පාවල මාපට ඇඟිලි කපාදමනලද රජවරු සැත්තෑදෙනෙක් මාගේ මේසය යට කෑම ඇහිඳගත්තෝය. මා කළ ලෙස දෙවියන්වහන්සේ මට ප්‍රතිඵල දුන්සේකැයි කීවේය. ඔව්හු ඔහු යෙරුසලමට ගෙනගියෝය, ඔහු එහිදී මළේය.