Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එස්තර් 9:25 - Sinhala Revised Old Version

25 නුමුත් ඒ කාරණය රජු ඉදිරියට පැමිණි කල, රජ හාමාන් විසින් යුදෙව්වරුන්ට විරුද්ධව කළ නපුරු යෝජනාව ඔහුගේම හිස පිටට හැරෙන හැටියට අණකර ලියා ඇරියේය; ඔහු සහ ඔහුගේ පුත්‍රයෝ ගහේ එල්ලා තබනලද්දෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

25 එහෙත්, ඒ බව රජුට සැළ වූ කල, එස්තර්ගේ ඉල්ලීම පරිදි රජතුමා හාමාන් විසින් ජුදෙව්වරුන්ට විරුද්ධ ව කරන ලද නපුරු යෝජනාව ඔහුට ම විරුද්ධ ව හැරෙන හැටියටත්, ඔහු සහ ඔහුගේ පුත්‍රයන් එල්ලුම් ගසේ එල්ලා තබන හැටියටත් අණ කර ලියා යැව්වේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්තර් 9:25
19 හුවමාරු යොමු  

ඔහුගේ නපුරුකම ස්වකීය හිස පිටට හැරෙන්නේය, ඔහුගේ බලාත්කාරකම ස්වකීය ඉස් මුදුනෙහි වැටෙන්නේය.


මේ ගල පිට වැටෙන්නා පොඩිවී යන්නේය. නුමුත් ඒක යමෙකු පිට වැටුණොත්, ඒක ඔහු ධූලි මෙන් සුනුකර දමන්නේයයි කීසේක.


මා ගැළවීයන අතර දුෂ්ටයෝ තමුන්ගේම දැල්වල වැටෙත්වා.


මා වටකරගන සිටින්නන්ගේ හිස තමුන්ගේම තොල්වල නපුරුකමින් වැසේවා.


එවිට අහෂ්වේරොෂ් රජ එස්තර් බිසවට කථාකොට: මෙසේ කරන්ට සිතින් නිර්භීතව සිටින තැනැත්තා කවුද? ඔහු කොතැනදැයි ඇසීය.


නුමුත් මොර්දෙකයි කෙරෙහි පමණක් අත් හෙළීම ඔහුට ඉතා සුළුව පෙනුණේය; මක්නිසාද මොර්දෙකයිගේ ජාතිය ගැන ඔහුට දන්වනලද්දේය. එබැවින් හාමාන් අහෂ්වේරොෂ්ගේ මුළු රාජ්‍යයෙහි සිටි මොර්දෙකයිගේ සෙනඟවූ සියලු යුදෙව්වරුන් නැතිකරන්ට සෙවුවේය.


මක්නිසාද මමත් මාගේ ජාතියත් නාස්තියටද මරාදැමීමටද විනාශයටද විකුණනු ලැබීමුව. දාස දාසීන් කොට අප වික්කා පමණක් නම් නිශ්ශබ්දව සිටින්නෙමි, නුමුත් එදිරිකාරයාට රජුගේ අලාභය පිරිමසාදෙන්ට නුපුළුවනැයි කීවාය.


ස්වාමිනි, දුෂ්ටයාගේ ආශාව ඉෂ්ට නොකළ මැනව; ඔහුගේ නපුරු උපා දියුණු නොකළ මැනව; කළහොත් ඔව්හු උඩඟු වන්නෝය.


ඒ දවසෙහි සවි තැනක පිහිටුවා තිබුණු ඇණය පහවන්නේය; එය කපා දමනු ලැබ වැටෙන්නේය, ඒ පිට තිබුණ බර සිඳදමනු ලබන්නේයයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක; මක්නිසාද ස්වාමීන්වහන්සේ එසේ වදාළසේක.


නාබල් මැරුණු බව දාවිත් අසා: නාබල් අතින් මට වුණ නින්දාව ගැන යුක්තිය කළාවූ, තමන්ගේ මෙහෙකරුවා නපුරෙන් වැලැක්වුවාවූ ස්වාමීන්වහන්සේට ප්‍රශංසා වේවා. ස්වාමීන්වහන්සේ නාබල්ගේ නපුරුකම් ඔහුගේ හිස පිටටම හැරවූසේකැයි කීය. දාවිත් අබීගායිල් තමාට භාර්යාව කොට පාවාගන්නා පිණිස ඈ සමඟ කථාකරන්ට පණිවිඩකාරයන් හැරියේය.


ඔබ ස්වර්ගයෙහි සිට අසා ක්‍රියාකරමින්, දුෂ්ටයා වරදට පත්කර, ඔහුගේ මාර්ගය ඔහුගේ හිස පිටට පමුණුවා, ධර්මිෂ්ඨයා නිදොස්කර, ඔහුගේ ධර්මිෂ්ඨකමේ හැටියට ඔහුට විපාක දෙමින්, ඔබගේ මෙහෙකරුවන් විනිශ්චය කළමැනව.


එසේ හාමාන් විසින් මොර්දෙකයිට සෑදූ එල්ලුම්ගහේම හාමාන් එල්ලා දැමුවෝය. ඉක්බිති රජුගේ කෝපය සංසිඳුණේය.


ස්වාමීන්ගේ ධර්මිෂ්ඨකම පරිද්දෙන් උන්වහන්සේට ස්තුතිකරන්නෙමි. මහෝත්තමවූ ස්වාමීන්ගේ නාමයට ප්‍රශංසා ගී කියන්නෙමි.


උන්වහන්සේ ඔවුන්ගේ අයුතුකම ඔවුන් පිටට පෙරළූසේක, ඔවුන්ගේම නපුරුකමෙහි ඔවුන් සිඳ දමනසේක; අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔවුන් සිඳදමනසේක.


දුෂ්ටයා තමාගේ අපරාධවලින්ම අසුවන්නේය, තමාගේ පාප නමැති ලනුවලින් බඳිනු ලබන්නේය.


වළක් හාරන්නා එහි වැටෙන්නේය; ගලක් පෙරළාගන යන්නා පිටටම ඒක හැරී එන්නේය.


මක්නිසාද සියලු ජාතීන්ට විරුද්ධව තිබෙන ස්වාමීන්වහන්සේගේ දවස ළංව තිබේ. නුඹ කළ හැටියටම නුඹට කරනවා ඇත; නුඹේ ක්‍රියාව නුඹේම හිස පිටට හැරී එනවා ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්