Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ඔබදියා 1:14 - Sinhala Revised Old Version

14 ඔවුන්ගෙන් පලායන්නන් සිඳදමන්ට මංසන්ධියෙහි නොසිටින්න; විපත්ති දවසේදී ඔවුන්ගෙන් ඉතිරිවුණ අය පාවා නොදෙන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 ඔවුන්ගෙන් පලා යන්නන් සිඳ දැමීමට නුඹ මංසන්ධිවල රැක නොසිටින්න. ඔවුන්ගේ විපත්ති දවසේ දී ඉතිරි අය පාවා නොදෙන්න.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 ඔවුන්ගෙන් පලා යන්නන් සිඳ දැමීමට නුඹ මංසන්ධිවල රැක නොසිටින්න. ඔවුන්ගේ විපත්ති දවසේ දී ඉතිරි අය පාවා නොදෙන්න.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ඔබදියා 1:14
10 හුවමාරු යොමු  

නුඹේ සහෝදරයාගේ දවස වන ඔහුගේ විපත්ති දවස නොබලන්න, යූදා පුත්‍රයන්ගේ විනාශවීමේ දවසේදී ඔවුන් ගැන ප්‍රීති නොවන්න; ඔවුන්ගේ විපත්ති දවසේදී උඩඟුකමෙන් කථා නොකරන්න.


ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මම තීර්හි වරද තුනක්ද, එසේය, හතරක්ද නිසා එහි දඬුවම පහ නොකරන්නෙමි; මක්නිසාද ඔව්හු සහෝදර ගිවිසුම සිහි නොකර, මුළු සෙනඟ අල්ලා ඒදොම්ට පාවාදුන්නෝය.


ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ගාසාහි වරද තුනක්ද, එසේය, හතරක්ද නිසා මම එහි දඬුවම පහ නොකරන්නෙමි; මක්නිසාද ඔව්හු ඒදොම්ට පාවාදෙන පිණිස මුළු සෙනඟ වහල්කමට ගෙනගියෝය.


අහෝ! ඒ දවස මහත්ය, ඊට සමානවූ දවසක් නැත. ඒක යාකොබ්ගේ විපත්ති කාලයය; එහෙත් ඔවුන් එයින් ගළවනු ලබනවා ඇත.


ඔව්හු ඔහුට කථාකොට: හෙසකියා මෙසේ කියන්නේය–අද දවස දුකද තරවටුවද අපහාසයද ඇති දවසක්ය. මක්නිසාද ළදරුවෝ බිහිවෙන්ට ළංව සිටිති, නුමුත් බිහිකරන්නට ශක්තිය නැත.


ඔබ සතුරාගේ අතේ මා හිරකොට නොතැබූසේක; විශාල භූමියක මාගේ පාද පිහිටෙවුසේක.


නැගිට බෙතෙල්ට යමු; මාගේ විපත්තියේ දවසෙහි මට උත්තරදුන්නාවූ, මා ගිය මාර්ගයෙහිදී මා සමඟ සිටියාවූ දෙවියන්වහන්සේට එහි පූජාසනයක් සාදන්නෙමියි කීය.


ඒ නිසා නුඹලා මංසන්ධිවලට ගොස් සම්බවෙන සියල්ලන් මංගල්‍යයට කැඳවා ගෙනෙන්නැයි කීවේය.


උපදෙස් දෙන්න, යුක්තිය කරන්න; ඉරමුදුන් වේලෙහිම නුඹේ සෙවණැල්ල රාත්‍රියට සමානකරන්න. නෙරපනලද්දවුන් සඟවාගන්න; පලාඑන තැනැත්තා පාවා නොදෙන්න.


නෙරපනලද්දාවූ මාගේ ජනයාට නුඹ සමඟ සිටින්ට ඉඩදෙන්න; මෝවබ්ට නුඹ කොල්ලකාරයා ඉදිරියෙන් ආවරණයක්වෙන්න. මක්නිසාද පැහැරගන්නා නැතිවිය, කොල්ලකෑම නවතියි, පීඩා කරන්නෝ දේශයෙන් විනාශකරනු ලබති.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්