ස්වාමීන්ගේ රහස උන්වහන්සේ කෙරෙහි භය ඇත්තන් හා සමඟය; උන්වහන්සේ ස්වකීය ගිවිසුම ඔවුන්ට දන්වනසේක.
එළිදරව් 2:17 - Sinhala Revised Old Version ආත්මයාණන්වහන්සේ සභාවලට කියන දේ කන් ඇත්තේ අසාවා. ජයගන්නාට නම් සැඟවී තිබෙන මන්නාවලින් දෙන්නෙමි, ලබන්නා මිස වෙන කිසිවෙක් නොදන්න අලුත් නාමයක් ලියා තිබෙන සුදු ගලක්ද ඔහුට දෙන්නෙමි. Sinhala New Revised Version ‘ආත්මයාණන් වහන්සේ සභාවලට වදාරන දේ කන් ඇත්තේ අසා වා! සැඟවී තිබෙන මන්නා ආහාරයෙන් ජයග්‍රාහකයාට දෙන්නෙමි. තවද ලබන්නා මිස අන් කිසිවෙකු නොදන්නා අලුත් නාමයක් ලියා තිබෙන සුදු ගලක් ද මම ඔහුට දෙන්නෙමි.’ සිංහල කාලීන පරිවර්තනය “ආත්මයාණන්වහන්සේ සභාවලට කියන දේ කන් ඇත්තා අසත්වා! ජයගන්නාට, සඟවන ලද මන්නා දෙන්නෙමි. ලබන්නා පමණක් මිස, අන් කිසිවකු දැනගනු නො ලබන අලුත් නමක් ලියන ලද සුදු ගලක් ද මම ඔහුට දෙන්නෙමි. Sinhala New Revised Version 2018 ‘ආත්මයාණන් වහන්සේ සභාවලට වදාරන දේ කන් ඇත්තේ අසා වා! සැඟවී තිබෙන මන්නා ආහාරයෙන් ජයග්‍රාහකයාට දෙන්නෙමි. තවද ලබන්නා මිස අන් කිසිවෙකු නොදන්නා අලුත් නාමයක් ලියා තිබෙන සුදු ගලක් ද මම ඔහුට දෙන්නෙමි.’ |
ස්වාමීන්ගේ රහස උන්වහන්සේ කෙරෙහි භය ඇත්තන් හා සමඟය; උන්වහන්සේ ස්වකීය ගිවිසුම ඔවුන්ට දන්වනසේක.
ඔව්හු ඔබගේ ගෘහයේ පූර්ණකමෙන් බොහෝසේ තෘප්තියට පැමිණෙන්නෝය; ඔබගේ ප්‍රීතිය නමැති ගංගාවෙන් ඔබ ඔවුන්ට පානයකරවනසේක.
මෝසෙස් ආරොන්ට කථාකොට: භාජනයක් රැගෙන මන්නාවලින් ඕමෙරයක් පුරවා නුඹලාගේ පරම්පරාවන් උදෙසා ප්‍රවේසම්ව තිබෙන පිණිස ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඒවා තබන්නැයි කීවේය.
මක්නිසාද වංක තැනැත්තා ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය. නුමුත් උන්වහන්සේගේ මිත්‍රකම අවංක අය සමඟ ඇත්තේය.
මක්නිසාද මාගේ සබත් දවස් රක්ෂාකර, මා ප්‍රසන්න දේ තෝරාගෙන, මාගේ ගිවිසුම අල්ලාගෙන සිටින නපුංසකයන් ගැන ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක.
එනම් මාගේ ගෘහයෙහිද මාගේ භිත්ති ඇතුළෙහිද පුත්‍රයන්ටත් දූවරුන්ටත් වඩා සිහිවීම් ලකුණක්ද නාමයක්ද ඔවුන්ට දෙන්නෙමි; සිදී නොයන සදාකාල නාමයක් ඔවුන්ට දෙන්නෙමි.
ජාතීන් නුඹේ ධර්මිෂ්ඨකමත් සියලු රජවරුන් නුඹේ තේජසත් දකිනවා ඇත. ස්වාමීන්වහන්සේගේ මුඛයෙන් කියවෙන අලුත් නමක්ද නුඹට කියන්ට යෙදෙනවා ඇත.
එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මෙන්න, මාගේ මෙහෙකරුවන්ට කන්ට තිබෙද්දී නුඹලාට බඩගිනි වන්නේය. මෙන්න, මාගේ මෙහෙකරුවන්ට බොන්ට තිබෙද්දී නුඹලාට පිපාසා වන්නේය. මෙන්න, මාගේ මෙහෙකරුවන් ප්‍රීතිවෙද්දී නුඹලාට ලජ්ජාව ඇතිවන්නේය.
නුඹලාගේ නාමය ශාපයක් පිණිස මාගේ තෝරාගත්තවුන්ට නුඹලා තබා යන්නහුය, ස්වාමිවූ දෙවියන්වහන්සේ නුඹ නසා තමන්ගේ මෙහෙකරුවන්ට වෙන නාමයක් තබනවා ඇත.
උන්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: ස්වර්ගරාජ්‍යයේ රහස් දැනගැනීම නුඹලාට දී තිබේ, නුමුත් ඔවුන්ට දීලා නැත.
නුමුත් ජම්මික මනුෂ්‍යයා දෙවියන්වහන්සේගේ ආත්මයාණන්වහන්සේගේ කාරණා පිළි නොගනියි. ඒවා ඔහුට මෝඩකමය; ඒවා ආත්මිකලෙස විමසිය යුතු බැවින් ඒවා දැනගන්ට ඔහුට බැරිය.
මක්නිසාද නුඹලා මළහුය, නුඹලාගේ ජීවනය ක්‍රිස්තුස්වහන්සේ සමඟ දෙවියන්වහන්සේ තුළ සඟවා තිබේ.
ඔව්හු සිංහාසනය ඉදිරියෙහිද ජීවමාන සත්වයන් සතරදෙනා සහ වැඩිමහල්ලන් ඉදිරියෙහිද අලුත් ගීතිකාවක් ගායනාකළෝය. ඒ ගීතිකාව එක්ලක්ෂ සතළිස් සාර දහසට, එනම් පොළොවෙන් මිලේටගනු ලැබුවාවූ අයින්ට මිස අන් කිසිවෙකුට ඉගෙනගන්ට නොහැකිවිය.
උන්වහන්සේගේ වස්ත්‍රයෙහිද කළවයෙහිද රජවරුන්ගේ රාජය, ස්වාමිවරුන්ගේ ස්වාමීන්වහන්සේය යන නාමය ලියා තිබේ.
ආත්මයාණන්වහන්සේ සභාවලට කියන දේ කන් ඇත්තේ අසාවා. ජයගන්නාට නම් දෙවෙනි මරණයෙන් අනතුරු නොවන්නේය.
ආත්මයාණන්වහන්සේ සභාවලට කියන දේ කන් ඇත්තේ අසාවා. ජයගන්නාට නම් දෙවියන්වහන්සේගේ පාරාදීසයෙහි තිබෙන ජීවන වෘක්ෂයෙන් කන්ට දෙන්නෙමි.