සේනාවල ස්වාමීන්වහන්සේ වෙතින් ගර්ජනාවක්ද පොළෝකම්පාවක්ද මහත් ඝෝෂාවක්ද සුළිහුළඟක්ද කුණාටුවක්ද විනාශකරන ගිනිදළුවක්ද ඈ පිටට පැමිණෙන්නේය.
එළිදරව් 16:18 - Sinhala Revised Old Version විදුලිද ශබ්දද ගර්ජනාද විය; මහත් භූමිකම්පාවක්ද විය, පොළොවේ මනුෂ්‍යයන් සිටි දා පටන් එපමණ බලවත්වූ මහත්වූ භූමිකම්පාවක් වුණේ නැත. Sinhala New Revised Version විදුලිය කෙටීම් ද ශබ්ද ද හෙණ හඬ ද විය. මහා භූමිකම්පාවක් ද විය. පොළොවේ මනුෂ්‍යයන් බිහි වූ දා පටන් ඒ සා බලවත්, මහා භූමිකම්පාවක් ඇති නො වී ය. සිංහල කාලීන පරිවර්තනය එවිට විදුලි අකුණු ද ශබ්ද රාව ද මේඝ ගර්ජනා ද දරුණු පොළෝ කම්පාවක් ද විය. මිනිසා පොළොවෙහි වූ දා පටන් කවර කලෙකවත් එවන් පොළෝ කම්පාවක් සිදුව නැත. ඒ සා සැහැසි විණි ඒ පොළෝ කම්පාව. Sinhala New Revised Version 2018 විදුලිය කෙටීම් ද ශබ්ද ද හෙණ හඬ ද විය. මහා භූමිකම්පාවක් ද විය. පොළොවේ මනුෂ්‍යයන් බිහි වූ දා පටන් ඒ සා බලවත්, මහා භූමිකම්පාවක් ඇති නො වී ය. |
සේනාවල ස්වාමීන්වහන්සේ වෙතින් ගර්ජනාවක්ද පොළෝකම්පාවක්ද මහත් ඝෝෂාවක්ද සුළිහුළඟක්ද කුණාටුවක්ද විනාශකරන ගිනිදළුවක්ද ඈ පිටට පැමිණෙන්නේය.
ඒ කාලයේදී නුඹේ සෙනඟගේ පුත්‍රයන් උදෙසා සිටින උතුම් අධිපතියාවූ මීකායෙල් නැගිටින්නේය. ඒ වනාහි මනුෂ්‍ය ජාතියක් පැවති තැන් සිට ඒ කාලය දක්වා නොවූ ආකාර විපත්ති කාලයක් වන්නේය. ඒ කාලයේදී නුඹේ සෙනඟගෙන් පොතේ නම් ලියා තිබෙන සියල්ලෝ ගැළවෙන්නෝය.
මක්නිසාද ලෝකයේ පටන්ගැන්මේ සිට මේ දක්වා නූණාවූ, මතු කොයිකලෙකවත් නොවන්නාවූ මහත් පීඩාවක් ඒ කාලයෙහි වන්නේය.
එම පැයේදීම මහත් භූමිකම්පාවක් වී, නුවරින් දසයෙන් කොටසක් වැටුණෝය; භූමිකම්පාවෙන් මනුෂ්‍යයන් සත්දහසක් මැරුණෝය. ඉතිරි අය භයපත්ව, ස්වර්ගයේ දෙවියන්වහන්සේට ගෞරව දුන්නෝය.
එවිට ස්වර්ගයෙහි තිබෙන දෙවියන්වහන්සේගේ මාළිගාව අරිනලද්දේය. උන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටියද උන්වහන්සේගේ මාළිගාවෙහි පෙනුණේය; එවිට විදුලිද ශබ්දද ගර්ජනාද භූමිකම්පාවක්ද මහත් ගල්වර්ෂාවක්ද විය.
සිංහාසනයෙන් විදුලිද ශබ්දද ගර්ජනාද නික්මුණේය. සිංහාසනය ඉදිරියෙහි ගිනි පහන් සතක් දැල්වෙමින් තිබුණේය, ඒවා නම් දෙවියන්වහන්සේගේ ආත්මයාණන් සත්දෙනාය;
උන්වහන්සේ සවෙනි මුද්‍රාව කැඩූ කල, මම දුටිමි, මහත්වූ භූමිකම්පාවක් විය; සූර්යයා කේශකම්බලයක් මෙන් කළුවිය,
දේවදූතයාද දුම් භාජනය රැගෙන පූජාසනයේ ගින්නෙන් ඒක පුරවා, පොළොවට හෙළුවේය. එවිට ගර්ජනාද ශබ්දද විදුලිද පොළෝකම්පාවක්ද විය.