Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එළිදරව් 8:5 - Sinhala Revised Old Version

5 දේවදූතයාද දුම් භාජනය රැගෙන පූජාසනයේ ගින්නෙන් ඒක පුරවා, පොළොවට හෙළුවේය. එවිට ගර්ජනාද ශබ්දද විදුලිද පොළෝකම්පාවක්ද විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 දේව දූතයා ද ධූම පාත්‍රය රැගෙන පූජාසනයේ ගින්නෙන් එය පුරවා පොළොවට හෙළී ය. එවිට අහස් ගිගුරුම් ද ශබ්ද ද විදුලි කෙටීම් ද භූමිකම්පාවක් ද විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

5 ඒ දේව දූතයා දුම් බඳුන ගෙන, පූජාසනයේ ගින්නෙන් එය පුරවා, එය පොළොව පිට හෙළී ය. එවිට මේඝ ගර්ජනා ද ශබ්ද රාව ද විදුලි අකුණු ධාරා ද භූමිකම්පාවක් ද ඇති විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 දේව දූතයා ද ධූම පාත්‍රය රැගෙන පූජාසනයේ ගින්නෙන් එය පුරවා පොළොවට හෙළී ය. එවිට අහස් ගිගුරුම් ද ශබ්ද ද විදුලි කෙටීම් ද භූමිකම්පාවක් ද විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එළිදරව් 8:5
24 හුවමාරු යොමු  

එවිට ස්වර්ගයෙහි තිබෙන දෙවියන්වහන්සේගේ මාළිගාව අරිනලද්දේය. උන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටියද උන්වහන්සේගේ මාළිගාවෙහි පෙනුණේය; එවිට විදුලිද ශබ්දද ගර්ජනාද භූමිකම්පාවක්ද මහත් ගල්වර්ෂාවක්ද විය.


සිංහාසනයෙන් විදුලිද ශබ්දද ගර්ජනාද නික්මුණේය. සිංහාසනය ඉදිරියෙහි ගිනි පහන් සතක් දැල්වෙමින් තිබුණේය, ඒවා නම් දෙවියන්වහන්සේගේ ආත්මයාණන් සත්දෙනාය;


හදිසියෙන් මහත් පොළෝකම්පාවක් විය, එයින් හිරගෙයි අත්තිවාරම් සෙලවුණේය. එකෙණෙහිම සියලු දොරවල් ඇරුණේය; සියල්ලන්ගේ බැඳුම්ද මිදුණේය.


සේනාවල ස්වාමීන්වහන්සේ වෙතින් ගර්ජනාවක්ද පොළෝකම්පාවක්ද මහත් ඝෝෂාවක්ද සුළිහුළඟක්ද කුණාටුවක්ද විනාශකරන ගිනිදළුවක්ද ඈ පිටට පැමිණෙන්නේය.


ස්වාමීන්වහන්සේ අහසෙහි ගර්ජනා කළසේක, මහෝත්තමයාණෝද තමන් හඬ නිකුත්කළසේක; ගල්වැසිද ගිනි අඟුරුද විය.


එවිට ඔහු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තිබෙන පූජාසනයේ ගිනි අඟුරුවලින් ධූප භාජනයක් පුරවා, කුඩුකළාවූ සුගන්ධ ද්‍රව්‍යයෙන් තමාගේ අත් පුරවාගෙන, තිරයෙන් ඇතුළට ඇවිත්,


එම පැයේදීම මහත් භූමිකම්පාවක් වී, නුවරින් දසයෙන් කොටසක් වැටුණෝය; භූමිකම්පාවෙන් මනුෂ්‍යයන් සත්දහසක් මැරුණෝය. ඉතිරි අය භයපත්ව, ස්වර්ගයේ දෙවියන්වහන්සේට ගෞරව දුන්නෝය.


උන්වහන්සේ සවෙනි මුද්‍රාව කැඩූ කල, මම දුටිමි, මහත්වූ භූමිකම්පාවක් විය; සූර්යයා කේශකම්බලයක් මෙන් කළුවිය,


ඔවුන් යාච්ඤාකළ පසු, ඔවුන් රැස්ව සිටි ස්ථානය කම්පාවිය; ඔවුන් සියල්ලෝද ශුද්ධාත්මයෙන් පූර්ණව, දෙවියන්වහන්සේගේ වචනය නිර්භීත ලෙස කථාකළෝය.


පොළොව මතුයෙහි ගිනිලන්ට ආවෙමි; එය දැනටම ඇවිළ තිබේ නම් මම කොපමණ කැමතිවෙම්ද?


මක්නිසාද ජාතියක් ජාතියකටද රාජ්‍යයක් රාජ්‍යයකටද විරුද්ධව නැගිටිනවා ඇත. නොයෙක් තැන්වල සාගතද පොළෝකම්පාද සිදුවෙනවා ඇත.


ඝෝෂා හඬක් නුවරින් පැමිණෙන්නේය, දේව මාළිගාවෙන් හඬක් පැමිණෙන්නේය; එය වනාහි තමන්ගේ සතුරන්ට ප්‍රතිඵලදෙන ස්වාමීන්වහන්සේගේ හඬය.


ස්වාමීන්වහන්සේද තමන්ගේ මහිමාන්විත හඬ අස්වනසේක, උන්වහන්සේ තමන් කෝපයේ උදහසත් දවා දමන ගිනිදළුවත් වාතවේගයත් කුණාටුවත් ගල් වර්ෂාවත් ඇතිව තමන් හස්තයේ පහළවීම පෙන්වනසේක.


උන්වහන්සේද: පිටතට ඇවිත්, කන්ද උඩ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සිටින්නැයි කීසේක. එවිට ස්වාමීන්වහන්සේ ඒ ළඟින් ගියසේක, ස්වාමීන්වහන්සේට පෙරටුවෙන් මහත්වූ බලවත්වූ හුළඟක් කඳු දෙදරවා පර්වත බිඳගෙන ගියේය; එහෙත් ස්වාමීන්වහන්සේ හුළඟෙහි නොවූසේක. හුළඟට පසු පොළෝකම්පාවක් විය; එහෙත් ස්වාමීන්වහන්සේ පොළෝකම්පාවෙහි නොවූසේක.


නුඹලාද මාගේ කඳුවල මිටියාවතින් පලායනවා ඇත; මක්නිසාද කඳුවල මිටියාවත ආශෙල් දක්වා වන්නේය. එසේ යූදාහි රජවූ උස්සියාගේ දවස්වලදී නුඹලා පොළෝකම්පාව ඉදිරියෙන් පලාගියාක්මෙන් නුඹලා පලායනවා ඇත. මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේද ඔබ සමග සියලු ශුද්ධවන්තයන්ද එනවා ඇත.


ඊතල මැදලා උල්කර පලිස් තදින් අල්ලාගන්න. ස්වාමීන්වහන්සේ මේදියාවේ රජවරුන්ගේ සිත් පෙළඹෙවුසේක; මක්නිසාද බබිලෝනිය නටබුන් කිරීමට උන්වහන්සේගේ යෝජනාව ඊට විරුද්ධව තිබේ. මෙය වනාහි ස්වාමීන්වහන්සේගේ පළිගැනීමය, උන්වහන්ගේ මාළිගාව ගැන පළිගැනීමය.


තුන්වෙනි දින උදය වූ කල ගිගිරුම්ද විදුලිද කන්ද පිට ඝන වලාකුළක්ද ඉතා තද හොරණෑ ශබ්දයක්ද විය; එවිට කඳවුරෙහි සිටිය මුළු සෙනඟ වෙවුලුවෝය.


තවත් දේවදූතයෙක් රන් දුම් භාජනයක් රැගෙන ඇවිත් පූජාසනය ඉදිරිපිට සිටියේය; සිංහාසනය ඉදිරියෙහි තිබුණු රන් පූජාසනය පිට සියලු ශුද්ධවන්තයන්ගේ යාච්ඤා සමඟ ඔප්පුකරන පිණිස බොහෝ සුගන්ධ ද්‍රව්‍ය ඔහුට දෙනලද්දේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්