එළිදරව් 10:10 - Sinhala Revised Old Version එවිට මම දේවදූතයා අතින් කුඩා පොත රැගෙන කෑවෙමි; ඒක මාගේ කටේ මීපැණි ලෙස මිහිරිව තිබුණේය. ඒක කෑ පසු මාගේ බඩ තික්ත විය. Sinhala New Revised Version මම ද දේව දූතයා අතින් කුඩා පොත රැගෙන කෑවෙමි. එය මගේ කටේ මීපැණි ලෙස මිහිරි ව තිබුණේ ය. එය කෑ පසු මාගේ ආමාශය තික්ත විය. සිංහල කාලීන පරිවර්තනය දේව දූතයා අතින් මම ඒ පොත ගෙන කෑවෙමි. එය මා මුවෙහි මී පැණි සේ මිහිරි විය. එහෙත් මා එය කා නිම වූ කල මගේ බඩ තිත්ත විය. Sinhala New Revised Version 2018 මම ද දේව දූතයා අතින් කුඩා පොත රැගෙන කෑවෙමි. එය මගේ කටේ මීපැණි ලෙස මිහිරි ව තිබුණේ ය. එය කෑ පසු මාගේ ආමාශය තික්ත විය. |
ස්වර්ණයටත්, එසේය අනර්ඝ ස්වර්ණ රාශියකටත් වඩා ඊට ආශාවිය යුතුය. මීපැණියටත් මීවදයටත් වඩා මිහිරිය.
මෙලෙස ආත්මය මා ඔසවා, මා ගෙනගියේය. මමද මාගේ ආත්මයෙහි උදහසිනුත් තද දුකිනුත් යුක්තව ගියෙමි, ස්වාමීන්වහන්සේගේ අතද මා කෙරෙහි බලවත්ව තිබුණේය.
තවද: මනුෂ්‍ය පුත්‍රය, මා නුඹට දෙන මේ පොත නුඹ කා, නුඹේ බඩ පුරවා ගන්නැයි උන්වහන්සේ මට කීසේක. මම කෑවෙමි; එය මාගේ කටට මීපැණි මෙන් මිහිරිව තිබුණේය,
තවද: නුඹ බොහෝ සෙනඟද ජාතීන්ද භාෂාවන්ද රජුන්ද කෙරෙහි නැවතත් අනාගතවාක්‍ය කියන්ට ඕනෑයයි මට කියනලද්දේය.
මමද දේවදූතයා වෙතට ගොස්: කුඩා පොත මට දෙන්ට කීවෙමි. ඔහුද: ඒක අරගන කන්න, ඒක නුඹේ බඩ තික්ත කරන්නේ, එහෙත් ඒක නුඹේ කටේ මීපැණි ලෙස මිහිරිවන්නේයයි මට කීවේය.