Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 119:103 - Sinhala Revised Old Version

103 ඔබගේ වචන මාගේ දිවට කොපමණ මිහිරිද! එසේය, ඒවා මාගේ කටට මීපැණිවලට වඩා මිහිරිය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

103 ඔබේ වචන මාගේ දිවට කොපමණ මිහිරි ද? එසේ ය, ඒවා මාගේ කටට මී පැණිවලට වඩා මිහිරි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

103 ඔබේ වචන මාගේ දිවට කොපමණ මිහිරි ද? එසේ ය, ඒවා මාගේ කටට මී පැණිවලට වඩා මිහිරි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 119:103
12 හුවමාරු යොමු  

මක්නිසාද ප්‍රඥාව රතුකැටවලට වඩා හොඳය; ආශාවිය හැකි සියලු දේවල්ද ඊට සමාන නොවේ.


ස්වර්ණයටත්, එසේය අනර්ඝ ස්වර්ණ රාශියකටත් වඩා ඊට ආශාවිය යුතුය. මීපැණියටත් මීවදයටත් වඩා මිහිරිය.


මාගේ යහනේදී ඔබ සිහිකරන කලද, රෑ යාම්වලදී ඔබ මෙනෙහිකරන කලද,


උන්වහන්සේගේ තොල්වල ආඥාවෙන් අහක්ව නොගොස්, මාගේ වුවමනා ආහාරයට වඩා උන්වහන්සේගේ මුඛයේ වචන අගේකොට තබාගතිමි.


ඇගේ මාර්ග ප්‍රසන්න මාර්ගවල්ය, ඇගේ සියලුම මාවත් සමාදානයය.


මාගේ සහෝදරිය මාගේ මනමාලිය, මම මාගේ උයනට ඇවිත්, මම මාගේ ගන්ධරස මාගේ සුවඳ බඩු සමඟ රැස්කරගතිමි, මාගේ මීවදේ සමඟ මාගේ මීපැණි කෑවෙමි, මාගේ කිරි සමඟ මාගේ මුද්‍රිකපානය බීවෙමි. මිත්‍රයෙනි, කන්න; ප්‍රිය තැනැත්තෙනි, බොන්න, එසේය, බොහෝසෙයින් බොන්න.


තවද එයින් ඔබගේ මෙහෙකරුවාට අවවාද ලැබේ. ඒවා පැවැත්වීමෙන් මහත් විපාක ඇත්තේය.


මක්නිසාද ප්‍රඥාව නුඹේ සිතට ඇතුල්වන්නේය, දැනගැන්මද නුඹේ ආත්මයට ප්‍රසන්නවන්නේය;


තවද: මනුෂ්‍ය පුත්‍රය, මා නුඹට දෙන මේ පොත නුඹ කා, නුඹේ බඩ පුරවා ගන්නැයි උන්වහන්සේ මට කීසේක. මම කෑවෙමි; එය මාගේ කටට මීපැණි මෙන් මිහිරිව තිබුණේය,


එවිට මම දේවදූතයා අතින් කුඩා පොත රැගෙන කෑවෙමි; ඒක මාගේ කටේ මීපැණි ලෙස මිහිරිව තිබුණේය. ඒක කෑ පසු මාගේ බඩ තික්ත විය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්