ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එස්රා 1:9 - Sinhala Revised Old Version

ඒවායේ ගණන නම්: රන් තළි තිහකුත් රිදී තළි දහසයකුත් පිහියා විසිනවයකුත්,

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

බඩු ලැයිස්තුව මෙසේ ය: රන් තලි තිහකි, රිදී තලි දහසකි, විවිධ බඳුන් විසිනවයකි;

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

බඩු ලැයිස්තුව මෙසේ ය: රන් තලි තිහකි, රිදී තලි දහසකි, විවිධ බඳුන් විසිනවයකි;

පරිච්ඡේදය බලන්න



එස්රා 1:9
14 හුවමාරු යොමු  

අනර්ඝ රනින් තලිද පහන් කතුරුද තාලිද පාත්‍රාද ගිනි භාජනද රනින් ඇතුල් ගෘහය වන අති ශුද්ධස්ථානයේ දොරවලටත් ගෘහය වන මාලිගාවේ දොරවලටත් රන් අසව්-විලිද සෑදෙව්වේය.


ගිනිකබල්ද තාළිද රන් බඩුවල රන්ද රිදී බඩුවල රිදීද රැකවලුන්ගේ අධිපතියා විසින් ගන්නාලද්දේය.


වැඩ නිමකළ පසු ඔව්හු ඉතිරි මිල රජු සහ යෙහෝයාදා ඉදිරිපිටට ගෙනාවෝය, එයින් ස්වාමීන්වහන්සේගේ ගෘහයට භාණ්ඩ එනම් මෙහෙයටත් පූජා ඔප්පුකිරීමටත් බඩුද හැඳිද රන් රිදී භාජනද සාදනලද්දේය. යෙහෝයාදාගේ සියලු දවස්වලදී ස්වාමීන්වහන්සේගේ ගෘහයේ දවන පූජා නිතරම ඔප්පුකරනලද්දේය.


තවද හූරාම් සැළිත් හැඳිත් තාලිත් සෑදුවේය. මෙසේ හූරාම් දෙවියන්වහන්සේගේ ගෘහයෙහි සාලමොන් රජුට කළ වැඩ ඉෂ්ටකොට නිමකෙළේය.


ඔහු මේස දසයක්ද සාදා, පහක් මාලිගාවෙහි දකුණේද පහක් වමේද තැබුවේය. ඔහු රන් තලි සියයකුත් සෑදුවේය.


රන් පාත්‍රා තිහකුත් දෙවෙනි තරමේ රිදී පාත්‍රා හාරසිය දසයකුත් වෙන භාණ්ඩ දහසකුත්ය.


රිදී තලෙන්ත හසිය පනහකුත් රිදී භාණ්ඩ තලෙන්ත සියයකුත්; රන් තලෙන්ත සියයකුත්;


දරික් මිල දහසක් වටින රන් තලි විස්සකුත්; රන්මෙන් අනර්ඝවූ හොඳ දීප්තිමත් පිත්තල භාජන දෙකකුත් ඔවුන් අතට කිරා දුනිමි.


මෙසේ පූජකයොත් ලෙවීවරුත් කිරනලද ඒ රිදීද රන්ද භාණ්ඩද යෙරුසලමේ අපේ දෙවියන්වහන්සේගේ ගෘහයට ගෙනෙන පිණිස භාරගත්තෝය.


ඔහුගේ පඬුර නම් ශුද්ධස්ථානයේ ෂෙකෙලේ හැටියට ෂෙකෙල් එකසිය තිහක් බර ඇති එක රිදී තැටියක් සහ ෂෙකෙල් සැත්තෑවක් බර ඇති එක රිදී තාලියකුත්ය; ඒ දෙකම ආහාර පූජාවක් පිණිස තෙල් මිශ්‍රවූ සිහින් පිටිවලින් පිරී තිබුණේය;


ඈද තමාගේ මවු විසින් පොළඹවනු ලැබ: යොහන් බව්තීස්තගේ හිස තැටියක ලා මෙහිදී මට දුන මැනවැයි කීවාය.