Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එස්රා 8:30 - Sinhala Revised Old Version

30 මෙසේ පූජකයොත් ලෙවීවරුත් කිරනලද ඒ රිදීද රන්ද භාණ්ඩද යෙරුසලමේ අපේ දෙවියන්වහන්සේගේ ගෘහයට ගෙනෙන පිණිස භාරගත්තෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

30 මෙසේ පූජකයෝත්, ලෙවීවරුත් කිරන ලද ඒ රිදී ද රන් ද භාණ්ඩ ද ජෙරුසලමේ අපේ දෙවියන් වහන්සේගේ මාලිගාවට ගෙනෙන පිණිස භාරගත්හ.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

30 මෙසේ පූජකයෝත්, ලෙවීවරුත් කිරන ලද ඒ රිදී ද රන් ද භාණ්ඩ ද ජෙරුසලමේ අපේ දෙවියන් වහන්සේගේ මාලිගාවට ගෙනෙන පිණිස භාරගත්හ.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්රා 8:30
6 හුවමාරු යොමු  

මාගේ ශුද්ධස්ථානය අලංකාරකිරීමට ලෙබනොන්හි තේජසද දේවදාර ගස්ද හල් ගස්ද තෂ්ෂුර් ගස්ද එක්ව නුඹ ළඟට පැමිණෙනවා ඇත; මමද මාගේ පාදස්ථානය තේජවත්කරන්නෙමි.


අපේ දෙවිවූ ස්වාමීන්ගේ ගෘහය නිසා නුඹේ යහපත සොයන්නෙමි.


මක්නිසාද: අපේ දෙවියන්වහන්සේගේ හස්තය උන්වහන්සේ සොයන සියල්ලන් කෙරෙහි යහපත පිණිස වන්නේය කියාත්, උන්වහන්සේගේ බලයද උදහසද උන්වහන්සේ අත්හරින සියල්ලන්ට විරුද්ධව පවත්නේය කියාත් අප විසින් රජුට කියා තිබුණු නිසා, ගමන් මාර්ගයේදී අප සතුරන්ගෙන් ආරක්ෂාකරන පිණිස හේවා හමුදාවක්ද අසරුවන්ද රජුගෙන් ඉල්ලන්ට ලජ්ජාවීමි.


ඒවායේ ගණන නම්: රන් තළි තිහකුත් රිදී තළි දහසයකුත් පිහියා විසිනවයකුත්,


සතරවෙනිදා ඒ රිදීද රන්ද බඩුද සියල්ලම ගණන හා බර ප්‍රකාරයට, පූජකයාවූ උරියාගේ පුත්‍රවූ මෙරේමොත් අතට අපේ දෙවියන්වහන්සේගේ ගෘහයේදී කිරා දෙනලද්දේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්