Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 7:50 - Sinhala Revised Old Version

50 අනර්ඝ රනින් තලිද පහන් කතුරුද තාලිද පාත්‍රාද ගිනි භාජනද රනින් ඇතුල් ගෘහය වන අති ශුද්ධස්ථානයේ දොරවලටත් ගෘහය වන මාලිගාවේ දොරවලටත් රන් අසව්-විලිද සෑදෙව්වේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

50 තනි රනින් කළ බඳුන් ද පහන් කතුරු ද තැටි ද පාත්‍ර ද ධූම පාත්‍ර ද ඇතුළු මැදුර වන අතිශුද්ධස්ථානයේ දොරවලටත්, මාලිගාවේ දොරවලටත් රන් සරණේරු ද සෑදෙව්වේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

50 තනි රනින් කළ බඳුන් ද පහන් කතුරු ද තැටි ද පාත්‍ර ද ධූම පාත්‍ර ද ඇතුළු මැදුර වන අතිශුද්ධස්ථානයේ දොරවලටත්, මාලිගාවේ දොරවලටත් රන් සරණේරු ද සෑදෙව්වේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 7:50
11 හුවමාරු යොමු  

සුගන්ධ ද්‍රව්‍යවලින් පිරී තිබුණාවූ රන් පාත්‍රා දොළොසක්ය; ශුද්ධස්ථානයේ ෂෙකෙල් හැටියට එක එක පාත්‍රය ෂෙකෙල් දසයක්ය. පාත්‍රාවල මුළු රන් බර ෂෙකෙල් එකසිය විස්සක්ය.


එවිට ඔහු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තිබෙන පූජාසනයේ ගිනි අඟුරුවලින් ධූප භාජනයක් පුරවා, කුඩුකළාවූ සුගන්ධ ද්‍රව්‍යයෙන් තමාගේ අත් පුරවාගෙන, තිරයෙන් ඇතුළට ඇවිත්,


එහි අලු ඉවත ගෙනයෑමට ඒකේ හැළිද ඒකේ හැඳිද ඒකේ තලිද ඒකේ මස්කොකුද ඒකේ ගිනි කබල්ද සාදන්න. ඒකේ සියලු භාජන පිත්තලෙන් සෑදිය යුතුය.


ඒකේ තැටිද ඒකේ හැඳිද ඒකේ කෙණ්ඩිද ඒකේ පාත්‍රාද ඒවායින් වත්කරන පිණිස පවිත්‍ර රනින් සාදන්න.


එහෙත් ස්වාමීන්වහන්සේගේ ගෘහය නිසා රිදී කුසලාන්ද පහන් කතුරුද තලිද හොරණෑද යම් රන් භාජන හෝ රිදී භාජනද නොසාදා,


ගිනිකබල්ද තාළිද රන් බඩුවල රන්ද රිදී බඩුවල රිදීද රැකවලුන්ගේ අධිපතියා විසින් ගන්නාලද්දේය.


තළිද ගිනි-භාජනද තාළිද ඇතිළිද පහන් කඳුද පාත්‍රාද කෙන්ඩිද යන රන් බඩුවල රන්ද රිදී බඩුවල රිදීද රැකවලුන්ගේ අධිපතියා ගෙනගියේය.


ඔහු මාළිගාවට ඉදිරිපිටින් ඒකේ දිගට රියන් විස්සක්ද පළලට රියන් විස්සක්ද මැන: මෙය අති ශුද්ධස්ථානයයයි මට කීවේය.


ඒකේ කතුරුද කතුරු තැටිද පවිත්‍ර රනින් විය යුතුය.


ඒ කාලයෙහි අශ්වයන්ගේ මිණිගෙඩිවල: ස්වාමීන්වහන්සේට ශුද්ධය කියා ලියා තිබෙනවා ඇත; ස්වාමීන්වහන්සේගේ ගෘහයේ සැළිද පූජාසනය ඉදිරියෙහි තිබෙන පාත්‍රා මෙන් වන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්