මුළු සෙනඟ ඒ දැක මුහුණින් වැටී: ස්වාමීන්වහන්සේම දෙවියන්වහන්සේය, ස්වාමීන්වහන්සේම දෙවියන්වහන්සේයයි කීවෝය.
එස්රා 1:3 - Sinhala Revised Old Version උන්වහන්සේගේ මුළු සෙනඟගෙන් නුඹලා අතරේ සිටින්නේ කවුද? ඔහු සමඟ ඔහුගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සිටිනසේක්වා, ඔහු යූදාහි වූ යෙරුසලමට ගොස් යෙරුසලමෙහි සිටින ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ ගෘහය ගොඩනගවා. (උන්වහන්සේ දෙවියන්වහන්සේය.) Sinhala New Revised Version උන් වහන්සේගේ මුළු සෙනඟගෙන් ඔබ අතරේ සිටින කවර මිනිසකේ හෝ වේවා, දෙවි සමිඳාණන් වහන්සේ ඔහු සමඟ වැඩ සිටින සේක් වා! ඔහු ජුදාහි ඇති ජෙරුසලමෙහි සිටින ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ මාලිගාව ගොඩනඟන්නට ජෙරුසලමට යා යුතු ය. උන් වහන්සේ වූ කලී, ජෙරුසලමේ වැඩ සිටින දෙවියන් වහන්සේ ය. Sinhala New Revised Version 2018 උන් වහන්සේගේ මුළු සෙනඟගෙන් ඔබ අතරේ සිටින කවර මිනිසෙක් හෝ වේවා, දෙවි සමිඳාණන් වහන්සේ ඔහු සමඟ වැඩ සිටින සේක් වා! ඔහු ජුදාහි ඇති ජෙරුසලමෙහි සිටින ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ මාලිගාව ගොඩනඟන්නට ජෙරුසලමට යා යුතු ය. උන් වහන්සේ වූ කලී, ජෙරුසලමේ වැඩ සිටින දෙවියන් වහන්සේ ය. |
මුළු සෙනඟ ඒ දැක මුහුණින් වැටී: ස්වාමීන්වහන්සේම දෙවියන්වහන්සේය, ස්වාමීන්වහන්සේම දෙවියන්වහන්සේයයි කීවෝය.
ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්ස, ඉහළ ස්වර්ගයෙහිවත් පහත පොළොවෙහිවත් ඔබට සමානවූ දෙවිකෙනෙක් ඇත්තේ නැත. ඔබ වනාහි ඔබ ඉදිරියෙහි තමුන්ගේ මුළු සිතින් හැසිරෙන්නාවූ ඔබගේ මෙහෙකරුවන් සමඟ ගිවිසුමත් කරුණාවත් පවත්වන සේක.
තවද දාවිත් තමාගේ පුත්‍රවූ සාලමොන්ට කථාකොට: නුඹ ශක්තිමත්ව සවිව සිට ඒක ඉෂ්ටකරන්න; භයනොවන්න, නොකැලඹෙන්න. මක්නිසාද මාගේ දෙවියන්වහන්සේ වන දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ සමඟ වනසේක; ස්වාමීන්වහන්සේගේ ගෘහයේ මෙහෙය පිණිස සියලු කර්මාන්ත නිමවනතුරු උන්වහන්සේ නුඹෙන් ඉවත්නොවනසේක, නුඹ අත්නොහරිනසේක.
යම් කෙනෙක් ඉතිරිව යම් තැනක සිටීද ඔහුට ඒ ස්ථානයේ මනුෂ්‍යයෝ යෙරුසලමෙහි තිබෙන දෙවියන්වහන්සේගේ ගෘහය උදෙසා සිය කැමැත්තෙන් දෙන පඬුර හැර රන් රිදීද බඩු සහ මෘගයන්ද දෙමින් උපකාරකෙරෙත්වායි පාර්සියාවේ රජවූ කෝරෙෂ් කියන්නේය කියා හඬිනුත් ලියවිල්ලෙනුත් පතළකෙළේය.
නුමුත් සෙරුබ්බාබෙල්ද යේෂුවාද ඉශ්‍රායෙල් පියවංශවල අනික් ප්‍රධානියෝද ඔවුන්ට කථාකොට: අපේ දෙවියන්වහන්සේට ගෘහයක් ගොඩනැගීමේදී නුඹලා අප සමඟ එක්වීමට කිසි කරුණක් නැත. පාර්සියාවේ කෝරෙෂ් රජ්ජුරුවන් අපට අණකර තිබෙන හැටියට අපි පමණක්ම ඉශ්‍රායෙල්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට එය ගොඩනගන්නෙමුයයි කීවෝය.
එහෙත් බබිලෝනියේ රජවූ කෝරෙෂ්ගේ පළමුවෙනි අවුරුද්දේදී දෙවියන්වහන්සේගේ මේ ගෘහය ගොඩනගන්ට කෝරෙෂ් රජ නියෝගයක් කෙළේය.
ඒ කාලයේදී ගඟ මෙගොඩ සිටි තත්තෙනයි නම් දිශාධිපතියාද ෂෙතර්-බෝසෙනයිද ඔවුන්ගේ සහකාරයෝද ඔවුන් ළඟට ඇවිත් කථාකොට: මේ ගෘහය ගොඩනගන්ටත් මේ පවුර නිමකරන්ටත් නුඹලාට නියෝගයක් කළේ කවුදැයි ඔවුන්ගෙන් ඇසුවෝය.
දෙවියන්වහන්සේගේ මේ ගෘහයේ වැඩ කෙරීගන ගියාවේ. යුදෙව්වරුන්ගේ දිශාධිපතියාද යුදෙව්වරුන්ගේ වැඩිමහල්ලෝද දෙවියන්වහන්සේගේ මේ ගෘහය ස්වකීය ස්ථානයෙහි ගොඩනගත්වා.
කෙරුබ්වරුන් අතරේ වැඩවසන ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්ස, පොළොවේ සියලු රාජ්‍යයන් කෙරෙහි ඔබ, ඔබ පමණක්ම, දෙවියන්වහන්සේය; අහසත් පොළොවත් මැවුවේ ඔබවහන්සේය.
කෝරෙෂ් ගැන: ඔහු මාගේ එඬේරාය, ඔහු මාගේ මුළු කැමැත්ත ඉෂ්ටකරමින්-යෙරුසලම ගොඩනගනු ලැබේය කියාද මාළිගාවේ අත්තිවාරම් තබනු ලැබේය කියාද කියනවා ඇතැයි කියන තැනන්වහන්සේය.
නුමුත් ස්වාමීන්වහන්සේ සැබෑවූ දෙවියන්වහන්සේය; උන්වහන්සේ ජීවමාන දෙවියන්වහන්සේය, සදාකාල රජකෙනෙක්ය. උන්වහන්සේගේ උදහසට පොළොව වෙවුළයි, ජාතීන්ට උන්වහන්සේගේ උදහස දරන්ට බැරිය.
රජ දානියෙල්ට කථාකොට: සැබවින්ම නුඹලාගේ දෙවියන්වහන්සේ දෙවිවරුන්ගේ දෙවියන්වහන්සේය, රජවරුන්ගේ ස්වාමීන්වහන්සේය, රහස් එළිදරව්කරන තැනන්වහන්සේය, මක්නිසාද මේ රහස එළිදරව්කරන්ට නුඹට පුළුවන්වීයයි කීවේය.
මාගේ රාජ්‍යයේ ආණ්ඩුව පවතින සෑමතැනම මනුෂ්‍යයන් දානියෙල්ගේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි වෙවුලා භය වෙන හැටියට අණකරමි. මක්නිසාද උන්වහන්සේ ජීවමානවූ සදාකාලයටම සිටින්නාවූ දෙවියන්වහන්සේය, උන්වහන්සේගේ රාජ්‍යය නැති නොවී, උන්වහන්සේගේ ආණ්ඩුව කෙළවර දක්වා පවත්නේය.
මා විසින් නුඹලාට අණකළ සියල්ලම පවත්වන්ට ඔවුන්ට උගන්වන්න. මමද ලෝකාන්තිමය දක්වා සෑම කල්හිම නුඹලා සමඟ සිටිමියි කීසේක.
උන්වහන්සේ සියල්ලන්ගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ කරණකොටගෙන සමාදානයේ යහපත් ආරංචිය ප්‍රකාශකරවමින් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට එවනලද වචනය නුඹලා දන්නහුය;
මා විසින් නුඹට අණකර තිබෙනවා නොවේද? ශක්තිමත්ව ධෛර්යවත්ව සිටින්න; තැතිනොගන්න, නොකැලඹෙන්න. මක්නිසාද නුඹ යන සෑම තැන්හිම නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ සමඟ සිටිනසේකැයි කීසේක.