Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




දානියෙල් 2:47 - Sinhala Revised Old Version

47 රජ දානියෙල්ට කථාකොට: සැබවින්ම නුඹලාගේ දෙවියන්වහන්සේ දෙවිවරුන්ගේ දෙවියන්වහන්සේය, රජවරුන්ගේ ස්වාමීන්වහන්සේය, රහස් එළිදරව්කරන තැනන්වහන්සේය, මක්නිසාද මේ රහස එළිදරව්කරන්ට නුඹට පුළුවන්වීයයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

47 රජතුමා දානියෙල්ට කතා කොට, “නුඹට රහස එළිදරව් කිරීමට හැකි වූයේ, සැබැවින් ම ඔබේ දෙවියන් වහන්සේ දේවාතිදේව රාජාතිරාජ වූ අබිරහස් එළිදරව් කරන දෙවියන් වහන්සේ වන බැවිනි”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




දානියෙල් 2:47
34 හුවමාරු යොමු  

නුමුත් රහස් එළිදරව්කරන දෙවිකෙනෙක් ස්වර්ගයෙහි සිටිනසේක, උන්වහන්සේ මතු දවස්වල සිද්ධවෙන්ට තිබෙන කාරණා නෙබුකද්නෙශර් රජුට දන්වා තිබේ. ඔබගේ ස්වප්නයද ඔබගේ යහනේදී පැමුණුණ ඔබගේ හිසේ දර්ශනද මෙසේය:


ගැඹුරුවූ රහස්වූ කාරණා එළිදරව්කරන්නෙත් අන්ධකාරයෙහි තිබෙන දේවල් දන්නෙත් උන්වහන්සේය, ආලෝකයද උන්වහන්සේ සමඟ වාසයකරන්නේය.


සැබවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ තමන්ගේ රහස තමන් මෙහෙකරුවන්වූ අනාගතවක්තෘවරුන්ට එළිදරව් නොකර කිසිවක් නොකරනසේක.


රජද තමාගේ කැමැත්තේ හැටියට කර, සියලු දෙවිවරුන්ට විරුද්ධව උසස්වී, උඩඟුවී, දෙවිවරුන්ගේ දෙවියන්වහන්සේටත් විරුද්ධව අපූරු දේ කථාකරනවා ඇත. උදහස තීන්දුවෙන තුරුද ඔහු සඵලවෙනවා ඇත; මක්නිසාද නියමය ඉෂ්ටවන්නේය.


මක්නිසාද නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ දෙවිවරුන්ගේ දෙවියන්වහන්සේය, ස්වාමිවරුන්ගේ ස්වාමීන්වහන්සේය, මහත්වූ බලසම්පන්නවූ භයංකරවූ දෙවියන්වහන්සේය, උන්වහන්සේ මනුෂ්‍යයන්ගේ තරාතිරම් බලන්නේවත් අල්ලසක් ගන්නේවත් නැත.


උන්වහන්සේගේ වස්ත්‍රයෙහිද කළවයෙහිද රජවරුන්ගේ රාජය, ස්වාමිවරුන්ගේ ස්වාමීන්වහන්සේය යන නාමය ලියා තිබේ.


මොව්හු බැටළුපැටවාණන්ට විරුද්ධව යුද්ධකරන්නෝය, බැටළුපැටවාණෝ ඔවුන් පරාජයකරනසේක, මක්නිසාද උන්වහන්සේ ස්වාමිවරුන්ගේ ස්වාමීන්වහන්සේය, රජවරුන්ගේ රජ්ජුරුවෝය; උන්වහන්සේ සමඟ සිටින්නෝද කැඳවාගත් තෝරාගත් විශ්වාස තැනැත්තෝයයි කීවේය.


විශ්වාස සාක්ෂිකාරයාවූ, මළවුන්ගෙන් නැගිටි කුලුඳුලාවූ, පොළොවේ රජුන්ගේ අධිපතියාවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන්ද, නුඹලාට කරුණාවත් සමාදානයත් වේවා. අපට ප්‍රේමකරන්නාවූ, තමන්ගේ ලෙයින් අපේ පාපවලින් අප මිදුවාවූ,


ශුභාන්විත එකම අධිපතියාණන්වහන්සේ වන රජවරුන්ගේ රජව, ස්වාමිවරුන්ගේ ස්වාමීව සිටින එකම අමරණීයවූ,


රජ්ජුරුවෙනි, ඔබ රජවරුන්ගේ රජය, මක්නිසාද ස්වර්ගයේ දෙවියන්වහන්සේ රජකමද බලයද පරාක්‍රමයද ඓශ්චර්යයද ඔබට දී තිබේ.


දෙවිවරුන්ගේ දෙවියන්ට ස්තුතිකරව්; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.


දෙවියන්වහන්සේ දේව සභාවෙහි නැගිට සිටිනසේක; උන්වහන්සේ දෙවිවරුන් අතරේ විනිශ්චයකරනසේක.


එසේය, සියලු රජවරු උන්වහන්සේ ඉදිරියෙහි වැඳ වැටෙන්නෝය. සියලු ජාතීහු උන්වහන්සේට මෙහෙකරන්නෝය.


ඵාරාවෝ යෝසෙප්ට කථාකොට: දෙවියන්වහන්සේ මේ සියල්ල නුඹට දැක්වූ නිසා නුඹ පමණ දැනුම් තේරුම් ඇති ප්‍රඥාවන්ත කෙනෙක් නැත.


නුඹ මනුෂ්‍යයන් වෙතින් පන්වනු ලබන්නෙහිය, නුඹේ වාසය වනයේ මෘගයන් සමඟ වන්නේය; ගවයන්ට මෙන් නුඹට තෘණ කවනු ලබන්නේය; මෙසේ මනුෂ්‍යයන්ගේ රාජ්‍යය කෙරෙහි මහෝත්තමයාණන්වහන්සේ බලය පවත්වා, තමන් කැමැති කෙනෙකුට ඒක දෙන බව නුඹ දැනගන්න තුරු, නුඹ කාලවල් සතක් පසු කරනවා ඇතැයි නුඹට කියනලද්දේයයි කීවේය.


මනුෂ්‍යයන්ගේ රාජ්‍යය කෙරෙහි මහෝත්තමයාණන්වහන්සේ බලය පවත්වා, තමන් කැමැති කෙනෙකුට ඒක දී, මනුෂ්‍යයන්ගෙන් නීචයෙකු නුමුත් එය කෙරෙහි පත්කරන බව ජීවත්ව සිටින අය දැනගන්න පිණිස, මේ තීන්දුව රැකවලුන්ගේ නියමයෙන්ද මේ ආඥාව ශුද්ධ තැනත්තන්ගේ වචනයෙන්ද වන්නේයයි කීවේය.


එවිට රාත්‍රියේ දර්ශනයකින් ඒ රහස දානියෙල්ට එළිදරව්විය. දානියෙල් ස්වර්ගයේ දෙවියන්වහන්සේට ප්‍රශංසා කෙළේය.


උන්වහන්සේ පූජකයන් වහල්කමට පමුණුවනසේක, බලවතුන් හෙළාදමනසේක.


දෙවිවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ, දෙවිවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ, උන්වහන්සේම දන්නාසේක, ඉශ්‍රායෙල්ද දැනගන්නවා ඇත; අප විසින් කැරළිකාරකමින්වත් ස්වාමීන්වහන්සේට විරුද්ධව ද්‍රෝහිකමින්වත්, ස්වාමීන්වහන්සේ වෙතින් අහක්ව යන පිණිස අපට පූජාසනයක් ගොඩනගා තිබේ නම්, අද දවසේ අප නොගැළවුව මැනව.


ඔබ මනුෂ්‍යයන් වෙතින් පන්වනු ලබන්නෙහිය, ඔබගේ වාසය වනයේ මෘගයන් සමඟ වන්නේය, ගවයන්ට මෙන් ඔබට තෘණ කවනු ලබන්නේය, ඔබ අහසේ පින්නෙන් තෙමෙන්නෙහිය; මෙසේ මනුෂ්‍යයන්ගේ රාජ්‍යය කෙරෙහි මහෝත්තමයාණන්වහන්සේ බලය පවත්වා, කැමැති කෙනෙකුට ඒක දෙන බව ඔබ දැනගන්න තුරු, ඔබ කාලවල් සතක් පසුකරනවා ඇත.


ඔහුගේ සිතේ රහස් එළිදරව්වන්නේය; මෙසේ ඔහු සැබවින් දෙවියන්වහන්සේ නුඹලා අතරෙහියයි ප්‍රකාශකරමින්, මුහුණින් වැටී දෙවියන්වහන්සේට නමස්කාරකරන්නේය.


ස්වාමිවරුන්ගේ ස්වාමීන්ට ස්තුතිකරව්; මක්නිසාද උන්වහන්සේගේ කරුණාව සදාකල් පවත්නේය.


මක්නිසාද ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මෙන්න, මම රජවරුන්ගේ රජ වන බබිලෝනියේ රජවූ නෙබුකද්රෙශර් අසුන් සහ රථද අසරුවන් සහ සමූහයක්ද බොහෝ සෙනඟද ඇතුව උතුරෙන් තීර්ට විරුද්ධව පමුණුවන්නෙමි.


රජ්ජුරුවෙනි, ඔබට වූකලී, මින්මතු සිද්ධවෙන්ට තිබෙන කාරණා ගැන ඔබගේ යහනේදී සිතිවිලි හටගත්තේය. රහස් එළිදරව්කරන තැනන්වහන්සේ සිද්ධවෙන්ට තිබෙන කාරණා ඔබට දන්වා තිබේ.


මටත් මේ රහස එළිදරව්වුණේ ජීවත්ව සිටින සියල්ලන්ට වඩා මට ප්‍රඥාව තිබෙන නිසා නොව, අර්ථය රජුට දන්වනු සඳහාත් ඔබගේ සිතේ සිතිවිලි ඔබ දැනගන්නා පිණිසත්ය.


ඉතින් නුඹලා සූදානම්ව සිට, හොරණෑවේද නළාවේද වීණාවේද මහ වීණාවේද කුඩා වීණාවේද මිහිරි නළාවේද සියලු ආකාර තූර්යභාණ්ඩවලද ශබ්දය නුඹලාට ඇසෙන විට, බිම වැටී මා විසින් සාදා තිබෙන රූපයට නමස්කාරකළොත්, යහපති. නුමුත් නුඹලා නමස්කාර නොකළොත්, එකෙණෙහිම නුඹලා ඇවිළෙන ගිනි උදුනක් මැදට හෙළනු ලබනවා ඇත; එවිට මාගේ අත්වලින් නුඹලා ගළවන දෙවියෝ කවුදැයි කීවේය.


නෙබුකද්නෙශර් කථාකොට: ෂද්‍රක්ගේද මේෂක්ගේද අබේද්-නෙගෝගේද දෙවියන්වහන්සේට ප්‍රශංසාවේවා; මක්නිසාද උන්වහන්සේ ස්වකීය දූතයා එවා, තමන්වහන්සේ කෙරෙහි විශ්වාස කළාවූ, තමුන්ගේම දෙවියන්වහන්සේට මිස වෙන කිසි දෙවිකෙනෙකුට සේවයකරන්ටවත් නමස්කාරකරන්ටවත් නොයෙදෙන පිණිස, රජුගේ වචනය කඩකර තමුන්ගේ ශරීර භාරදුන්නාවූ, ස්වකීය මෙහෙකරුවන් ගැළවූසේක.


එබැවින් ෂද්‍රක්ගේද මේෂක්ගේද අබේද්-නෙගෝගේද දෙවියන්වහන්සේට විරුද්ධව දෝෂ කියන සියලු සෙනඟද ජාතීන්ද භාෂාවන්ද කැබෙලිකොට, ඔවුන්ගේ ගෙවල් කසළගොඩක් කරන හැටියට නියමයක් කරමි. මක්නිසාද මේ ආකාරයෙන් ගළවාගන්ට පුළුවන්වූ වෙන දෙවිකෙනෙක් නැතැයි කීවේය.


ශුද්ධ දෙවිවරුන්ගේ ආත්මය ඇති මනුෂ්‍යයෙක් ඔබගේ රාජ්‍යයෙහි සිටියි; ඔබගේ පියාණන්ගේ දවස්වලදී ආලෝකයද නුවණද දෙවිවරුන්ගේ ප්‍රඥාවට සමාන ප්‍රඥාවද ඔහු තුළ සම්බවිය. ඔබගේ පියවූ නෙබුකද්නෙශර් රජ–ඔබගේ පිය රජ්ජුරුවෝ–ඔහු මන්ත්‍රකාරයන්ටද අනවිනකාරයන්ටද කල්දිවරුන්ටද පේනකියන්නන්ටද ප්‍රධානියා කළේය;


එවිට ඔහු තමාගේ මුළු පිරිවර සමඟ දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා ළඟට හැරී ඇවිත් ඔහු ඉදිරියේ සිට කථාකොට: ඉතින් ඉශ්‍රායෙල්හි සිටින දෙවියන්වහන්සේ මිස මුළු පොළොවේ වෙන දෙවිකෙනෙක් නැති බව දැන් දනිමි. එබැවින් දැන් ඔබගේ මෙහෙකරුවාගෙන් සතුටු පඬුරක් පිළිගත මැනවැයි කීවේය.


මක්නිසාද ස්වාමීන්වහන්සේ උතුම්ය, බොහෝ ප්‍රශංසනීයය; උන්වහන්සේ සියලු දෙවිවරුන්ට වඩා භයංකරය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්