Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙසායා 45:5 - Sinhala Revised Old Version

5 මම ස්වාමීන්වහන්සේය, වෙන කෙනෙක් නැත; මා ඇර වෙන දෙවිකෙනෙක් නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 මම සමිඳාණන් වහන්සේ ය; අන් කෙනෙක් නැත. මා හැර අන් දෙවි කෙනෙක් නැත. නුඹ මා නොදන්න නමුත්, මම නුඹ ශක්තිමත් කරන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 මම සමිඳාණන් වහන්සේ ය; අන් කෙනෙක් නැත. මා හැර අන් දෙවි කෙනෙක් නැත. නුඹ මා නොදන්න නමුත්, මම නුඹ ශක්තිමත් කරන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙසායා 45:5
28 හුවමාරු යොමු  

පුරාණයේ පළමු කාරණා සිහිකරන්න. මක්නිසාද මමම දෙවියන්වහන්සේය, වෙන කෙනෙක් නැත; මම දෙවියන්වහන්සේය, මා සමාන කෙනෙක් නැත.


තැතිගන්ටවත් භයවෙන්ටවත් එපා; මම පුරාණයේ පටන් නුඹට ප්‍රකාශකර නොදැන්නුවෙම්ද? නුඹලා මාගේ සාක්ෂිකාරයෝය. මා ඇර වෙන දෙවිකෙනෙක් ඇද්ද? නැත, වෙන පර්වතයක් නැත; අන් කිසිවෙකු ඇති බවක් නොදනිමි.


ඉශ්‍රායෙල්ගේ රජද ඔහුගේ මිදුම්කාරයාද වූ ස්වාමිවූ සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: මම පළමුවෙනියාය, අන්තිමයාත් මමය; මා ඇර වෙන දෙවිකෙනෙක් නැත.


මා ඉශ්‍රායෙල්වරුන් අතරේ සිටින බවත් මා නුඹලාගේ දෙවිවු ස්වාමීන්වහන්සේ බවත් වෙන කෙනෙක් නැති බවත් නුඹලා දැනගන්නවා ඇත. මාගේ සෙනඟ කිසි කලෙකත් ලජ්ජාවට නොපැමිණෙන්නෝය.


තමන්ගේ මෙහෙකරුවන්ටත් තමන්ගේ සෙනඟවූ ඉශ්‍රායෙල්ටත් දවසින් දවස වුවමනා වන ලෙස යුක්තිය ඉෂ්ටකිරීමට ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි මා විසින් ඔප්පුකළ මේ කන්නලව් වචන රෑ දාවල් අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ සමීපයෙහි පවතීවා.


ඉතින් මා පමණක්ම උන්වහන්සේ බවත්, මා මිස අන් දෙවිකෙනෙක් නැති බවත් බලන්න. නසන්නෙත් ජීවත්කරන්නෙත් මමය; මම තුවාලකෙළෙමි, මම සුවකරමි. මාගේ අතින් ගළවන්ට පුළුවන් කිසිවෙක් නැත්තේය.


එසේ නුඹට පෙන්වනලද්දේ ස්වාමීන්වහන්සේම දෙවියන්වහන්සේ බවත් උන්වහන්සේ මිස වෙන දෙවිකෙනෙක් නැති බවත් නුඹ දැනගන්න පිණිසය.


උන්වහන්සේ අධිපතීන් කෙරෙහි නින්දාව වගුරුවා, සවි ඇත්තන්ගේ ඉඟපටිය මුදනසේක.


මක්නිසාද ඔබ මාගේ ඉණ බලයෙන් සැරසූසේක. මට විරුද්ධව නැගුටුණු අය ඔබ මා යටතේ මැඩපැවැත්වූසේක.


එබැවින් ස්වාමීන්වහන්සේම ඉහළ ස්වර්ගයෙහිත් පහත පොළොවෙහිත් දෙවියන්වහන්සේ බවද වෙන දෙවිකෙනෙක් නැති බවද අද දවසේ දැනගෙන ඒ බව නුඹේ සිතේ තබා ගන්න.


මාගේ ඉණ බලයෙන් සරසන්නේ දෙවියන්වහන්සේය, උන්වහන්සේ මාගේ මාර්ගය නිර්මල කරනසේක.


පටන්ගැන්මෙහිදී වාක්‍යයාණෝ සිටිසේක, වාක්‍යයාණෝ දෙවියන්වහන්සේ හා සමඟ සිටිසේක, වාක්‍යයාණෝ දෙවියන්වහන්සේව සිටිසේක.


ඔහු තමාගේ රාජ්‍යය මුළුල්ලෙහි ප්‍රකාශයක් කරනුයේ: ස්වර්ගයේ දෙවිවූ ස්වාමීන්වහන්සේ පොළොවේ සියලු රාජ්‍යයන් මට දී තිබේ; තවද උන්වහන්සේ යූදාහි තිබෙන යෙරුසලමෙහි උන්වහන්සේට ගෘහයක් ගොඩනගන්ට මට අණකර තිබේ.


නුඹේ සළුව ඔහුට අඳවා, නුඹේ පටියෙන් ඔහු සවිකොට, නුඹේ ආණ්ඩුව ඔහු අතට භාරදෙන්නෙමි. ඔහු යෙරුසලමේ වැසියන්ටත් යූදා වංශයටත් පියෙක් වන්නේය.


උන්වහන්සේ රජුන්ගේ බැම්ම ලිහාදමා, ඔවුන්ගේ කටියෙහි පටියක් බඳිනසේක.


මක්නිසාද මුළු පොළොවෙහි මා සමාන කෙනෙක් නැති බව නුඹ දැනගන්නා පිණිස මේ වතාවේ නුඹේ සිතටත් නුඹේ සේවකයන් පිටටත් නුඹේ සෙනඟ පිටටත් මාගේ සියලු පීඩාවන් පමුණුවන්නෙමි.


මක්නිසාද ස්වාමීන් හැර දෙවිකෙනෙක් කවුද? අපේ දෙවියන්වහන්සේ හැර පර්වතයක් කවරේද?


මම ඒ තැනන්වහන්සේ බව නුඹලා දැනගන මා විශ්වාසකර තේරුම්ගන්න පිණිස, නුඹලා මාගේ සාක්ෂිකාරයෝව, මා විසින් තෝරාගත් මාගේ මෙහෙකරුවාව සිටින්නහුයයි ස්වාමීන්වහන්සේ කියනසේක. මා සිටින්ට පළමුවෙන් කිසි දෙවිකෙනෙක් සාදනු ලැබුවේ නැත, මට පසුව සිටින්නෙත් නැත.


තමන්ගේ අභිෂේකලත් තැනැත්තාවූ කෝරෙෂ් ඉදිරියෙහි ජාතීන් යටත්කිරීමටත් රජවරුන්ගේ ඉඟටි ලිහීමටත් දොරටු නොවසන ලෙස ඔහු ඉදිරියෙහි දොරවල් ඇරීමටත් ඔහුගේ දකුණත අල්ලාගත්තාවූ ස්වාමීන්වහන්සේ ඔහුට මෙසේ කියනසේක:


මා ඇර අන් කෙනෙක් නැති බව නැගෙනහිරද බස්නාහිරද පටන් මනුෂ්‍යයන් දැනගන්නා පිණිස නුඹ මා නෑඳින්න නුමුත් මම නුඹේ ඉඟටිය බඳින්නෙමි. මම ස්වාමීන්වහන්සේය, වෙන කෙනෙක් නැත.


ඉතින් සැප ජීවිකාවට ඇලුම්වූ, නොසැලකිලිකමින් වාසයකරන්නාවූ: තවත් කෙනෙක් නැතුව මමම සිටිමියි කියාද මා වැන්දඹුවක් වෙන්නේවත් දරුවන් නැතිවීමක් අත්දකින්නේවත් නැතැයි කියාද සිත තුළ කියාගන්නාවූ නුඹ මේක අසන්න.


මම බබිලෝනියේ රජුගේ බාහු බලවත්කොට, මාගේ කඩුව ඔහු අතට දෙන්නෙමි. ඵාරාවෝගේ බාහු බිඳින්නෙමි, ඔහු මරණීය තුවාල ලත් කෙනෙකුගේ කෙඳිරිගෑම්වලින් ඒ අය ඉදිරියෙහි කෙඳිරිගානවා ඇත.


උන්වහන්සේ මාගේ පාද මුවන්ගේ පාද මෙන් කරනසේක. මාගේ උස්තැන්වල මා පිහිටුවනසේක.


මක්නිසාද ඔබ උතුම්ය, ආශ්චර්ය ක්‍රියා කරනසේක. ඔබ පමණක් දෙවියන්වහන්සේය.


එබැවින් අපේ දෙවිවූ ස්වාමීන්වහන්ස, ඔබ, ඔබ පමණක්ම, ස්වාමීන්වහන්සේ බව පොළොවේ සියලු රාජ්‍යවල් දැනගන්නා පිණිස ඔහුගේ අතින් අප ගැළෙවුව මැනවයි කීවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්