පූජකවූ හිල්කියාටත් ෂාපාන්ගේ පුත්‍රවූ අහිකාම්ටත් මිකායාගේ පුත්‍රවූ අක්බොර්ටත් ෂාපාන් ලේකමටත් රජුගේ සේවකයාවූ අසායාටත් අණකොට:
එසකියෙල් 8:11 - Sinhala Revised Old Version ඉශ්‍රායෙල් වංශයේ වැඩිමහල්ලන්ගෙන් සැත්තෑ දෙනෙක්ද ඔවුන් මැද ෂාපාන්ගේ පුත්‍රවූ යාසනියාද එක එකා තම තමාගේ අතේ තම තමාගේ දුම් භාජනය ඇතුව ඒවා ඉදිරියෙහි සිටියෝය; දුම් වලාකුළේ සුගන්ධය ඉහළට නැංගේය. Sinhala New Revised Version ඉශ්රායෙල් වංශයේ ප්‍රජා මූලිකයන්ගෙන් සැත්තෑදෙනෙකු ද ඔවුන් මැද ෂාපාන්ගේ පුත් ජාසනීයා ද සිටිනු දිටිමි. ඔව්හු තම තමාගේ අතේ තම තමාගේ දුම් භාජනය ඇති ව සිටියෝ ය. සුවඳ දුම් ඉහළට නැංඟේ ය. Sinhala New Revised Version 2018 ඉශ්රායෙල් වංශයේ ප්‍රජා මූලිකයන්ගෙන් සැත්තෑදෙනෙකු ද ඔවුන් මැද ෂාපාන්ගේ පුත් ජාසනීයා ද සිටිනු දිටිමි. ඔව්හු තම තමාගේ අතේ තම තමාගේ දුම් භාජනය ඇති ව සිටියෝ ය. සුවඳ දුම් ඉහළට නැංඟේ ය. |
පූජකවූ හිල්කියාටත් ෂාපාන්ගේ පුත්‍රවූ අහිකාම්ටත් මිකායාගේ පුත්‍රවූ අක්බොර්ටත් ෂාපාන් ලේකමටත් රජුගේ සේවකයාවූ අසායාටත් අණකොට:
එවිට පූජකවූ හිල්කියාද අහිකාම්ද අක්බොර්ද ෂාපාන්ද අසායාද හර්හස්ගේ පුත්‍රයා වන තික්වාගේ පුත්‍රවූ වස්ත්‍ර භාරකාරයාවූ ෂල්ලුම්ගේ භාර්යාව වන හුල්දා අනාගතවක්ත්‍රිය ළඟට ගොස් ඈට කථාකළෝය. ඈ යෙරුසලමේ දෙවෙනි කොට්ඨාසයෙහි වාසයකළාය.
යොෂියා රජ තමාගේ දහඅටවෙනි අවුරුද්දේදී මෙෂුල්ලාම්ගේ පුත්‍රයා වන අශලියාගේ පුත්‍රවූ ෂාපාන් ලේකම ස්වාමීන්වහන්සේගේ ගෘහයට යවමින් කථාකොට:
නායක පූජකවූ හිල්කියා ෂාපාන් ලේකමට කථාකොට: ව්‍යවස්ථා පොත ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි මට සම්බවීයයි කියා පොත ෂාපාන්ට දුන්නේය, ඔහු ඒක කියෙවුවේය.
තවද ඔහු යූදා දේශයෙහි ඉතුරුව සිටියාවූ, බබිලෝනියේ රජවූ නෙබුකද්නෙශර් ඉතුරුකර ගියාවූ සෙනඟ කෙරෙහි ෂාපාන්ගේ පුත්‍රයා වන අහිකාම්ගේ පුත්‍රවූ ගෙදලියා අධිපතියා කොට පත්කෙළේය.
නුමුත් ඔහු බලවත්වූ කල, නපුර කරන ලෙස ඔහුගේ සිත උඩඟුවිය; ඔහු දුම් පූජාසනය පිට සුවඳ දුම් ඔප්පුකරන පිණිස ස්වාමීන්වහන්සේගේ මාලිගාවට ඇතුල්වීමෙන් තමාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට විරුද්ධව වරද කෙළේය.
එවිට උස්සියා උදහස් විය; සුවඳ දුම් ඔප්පුකිරීමට දුම් භාජනයක් ඔහුගේ අතේ තිබුණේය; ස්වාමීන්වහන්සේගේ ගෘහයේ දුම් පූජාසනය ළඟ ඔහු පූජකයන් සමඟ උදහස්ව සිටියදී, පූජකයන් ඉදිරියෙහි ඔහුගේ නළලේ කුෂ්ඨරෝගය හටගත්තේය.
තවද රජ හිල්කියාටද ෂාපාන්ගේ පුත්‍රවූ අහිකාම්ටද මීකාගේ පුත්‍රවූ අබ්දොන්ටද ලේකම්වූ ෂාපාන්ටද රජුගේ සේවකයාවූ අසායාටද අණකොට:
උන්වහන්සේ මෝසෙස්ට කියනසේක්: නුඹ සහ ආරොන්ද නාදාබ්ද අබීහූද ඉශ්‍රායෙල්වරුන්ගේ වැඩිමහල්ලන්ගෙන් හැත්තෑ දෙනෙක්ද ස්වාමීන්වහන්සේ වෙතට කන්දට ඇවිත් දුරින් සිට නමස්කාරකරන්න.
එකල මෝසෙස්ද ආරොන්ද නාදාබ්ද අබීහූද ඉශ්‍රායෙල්වරුන්ගේ වැඩිමහල්ලන්ගෙන් හැත්තෑ දෙනෙක්ද නැගී ගොස්,
වඩුවා නූලක් ගසා, අඳින කටුවකින් ඒක සලකුණුකර, යතුවලින් යතුගා, කවකටුවෙන් සලකුණුකොට, ගෙදර වාසය කරන පිණිස මනුෂ්‍යයෙකුගේ රූපයේ හැටියටත් මනුෂ්‍යයෙකුගේ ශෝභනකම ප්‍රකාරයටත් ඒක සාදන්නේය.
ස්වාමීන්වහන්සේ මෙසේ කී සේක: නුඹ ගොස් කුම්භකාරයෙකුගේ මැටි කළයක් මිලේටගෙන, සෙනඟගේ වැඩිමහල්ලන්ගෙන්ද පූජකයන්ගේ වැඩිමහල්ලන්ගෙන්ද සමහරුන් කැඳවාගෙන,
මක්නිසාද ඔවුන් මා අත්හැර, මේ ස්ථානය අන්‍ය එකක් කර, ඔවුන්වත් ඔවුන්ගේ පියවරුන්වත් යූදාහි රජුන්වත් දැන නොගත් අන් දෙවිවරුන්ට මෙහි සුවඳ දුම් ඔප්පුකර, නිර්දෝෂයන්ගේ ලේවලින් මේ ස්ථානය පුරවා තිබේ.
නුමුත් යෙහෝයාකීම් රජ අක්බොර්ගේ පුත්‍රවූ එල්නාතාන්ද ඔහු සමඟ තවත් මනුෂ්‍යයන්ද මිසරයට යැවීය.
එහෙත් යෙරෙමියා මරන්ට ඔහු සෙනඟ අතට පාවා නොදෙන හැටියට ෂාපාන්ගේ පුත්‍රවූ අහීකාම්ගේ අත ඔහු සමඟ විය.
යූදාහි රජවූ ශෙදෙකියා විසින් බබිලෝනියේ රජවූ නෙබුකද්නෙශර් ළඟට බබිලෝනියට යැවුවාවූ, ෂාපාන්ගේ පුත්‍රවූ එලාසා සහ හිල්කියාගේ පුත්‍රවූ ගෙමරියා අතින් යෙරුසලමෙන් ඇරිය ලියුමේ වචන මේවාය:
එවිට බාරුක් ස්වාමීන්වහන්සේගේ ගෘහයෙහි ඉහළ මළුවේ ස්වාමීන්වහන්සේගේ ගෘහයේ අලුත් දොරටුව ළඟ තිබුණාවූ, ලේකම වන ෂාපාන්ගේ පුත්‍රවූ ගෙමරියාගේ ඇතුල් ගෙයි සිට යෙරෙමියාගේ වචන මුළු සෙනඟට ඇසෙන පිණිස පොතෙන් කියෙවුවේය.
ස්වාමීන්වහන්සේ විසින් සිහිකර සිතටගත්තේ නුඹලාද නුඹලාගේ පියවරුන්ද නුඹලාගේ රජවරුන්ද නුඹලාගේ අධිපතීන්ද දේශයෙහි සෙනඟද යූදාහි නුවරවලත් යෙරුසලමේ වීථිවලත් ඔප්පුකළ සුවඳ දුම් නොවේද?
මම උත්තමයන් ළඟට ගොස් ඔවුන්ට කථාකරන්නෙමි; මක්නිසාද ඔව්හු ස්වාමීන්වහන්සේගේ මාර්ගයත් තමුන්ගේ දෙවියන්වහන්සේගේ විනිශ්චයත් දනිතියි කීමි. නුමුත් මොව්හු එක්ව වියගහ බිඳ, බැඳුම් කඩා දැමුවෝය.
බබිලෝනියේ රජ හමාත් දේශයේ රිබ්ලාහිදී ඔවුන්ට පහරදී ඔවුන් මැරුවේය. මෙසේ යූදාවරු තමුන්ගේ දේශයෙන් වහල්කමට ගෙනයනලද්දෝය.
නුඹලා සොරකම්කර, මිනීමරා, කාමමිථ‍්‍යාචාරයකර, බොරුවට දිවුරා, බාල්ට සුවඳදුම් ඔප්පුකර, නුඹලා නොදන්නා අන්‍ය දෙවිවරුන් පස්සේ ගොස්,
තවද සත්වෙනි අවුරුද්දේ පස්වෙනි මාසයේ දසවෙනිදා ඉශ්‍රායෙල් වැඩිමහල්ලන්ගෙන් සමහරෙක් ස්වාමීන්වහන්සේගෙන් විභාගකරන පිණිස ඇවිත් මා ඉදිරියෙහි හිඳගත්තෝය.
මම ඇතුල්වී බැලූ විට, බඩගා යන සියලු ආකාර සතුන්ගෙන් පිළිකුල් තිරිසනුන්ගෙත් රූපද ඉශ්‍රායෙල් වංශයේ සියලු දේවරූපද භිත්තියේ වටකරින්ම සිතියම්කර තිබෙනවා දුටිමි.
මාගේ ශුද්ධස්ථානයෙන් පටන් ගෙන මහල්ලන්ද යෞවනයන්ද කන්‍යාවන්ද බාලයන්ද ස්ත්‍රීන්ද මරා නාස්තිකර දමන්න. නුමුත් ලකුණ ඇති කිසිවෙකුට ළං නොවෙන්නැයි කීසේක. එවිට ඔව්හු ගෘහය ඉදිරියෙහි සිටි වැඩිමහල් මනුෂ්‍යයන්ගෙන් පටන්ගත්තෝය.
ස්වාමීන්වහන්ස, අප විසින් ඔබට විරුද්ධව පව්කළ නිසා අපට, එනම්, අපේ රජවරුන්ටත් අපේ අධිපතීන්ටත් අපේ පියවරුන්ටත් මුහුණු–ලජ්ජාව අයිතිය.
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: සෙනඟගේ වැඩිමහල්ලන්ව ඔවුන් කෙරේ මුලාදෑනීන්ව සිටින බව නුඹ දන්නාවූ ඉශ්‍රායෙල් වැඩිමහල්ලන්ගෙන් සැත්තෑදෙනෙකු මට රැස් කර ඔවුන් නුඹ සමඟ සිටින පිණිස සම්මුඛවීමේ කූඩාරම ළඟට කැඳවාගන එන්න.
ස්වාමීන්වහන්සේ වලාකුළ පිරිවරා බැස්සසේක්, ඔහුට කථාකොට ඔහු කෙරෙහි තිබුණු ආත්මයෙන් ගෙන වැඩිමහල්ලන් සැත්තෑදෙනා කෙරෙහි තැබූසේක. එසේ ආත්මය ඔවුන් කෙරෙහි පිහිටි කල ඔව්හු ප්‍රොපේත වාක්‍ය කීවෝය, නුමුත් පසුව එසේ නොකීවෝය.
එකිනෙකා තම තමාගේ ධූප භාජන රැගෙන එහි සුවඳ ද්‍රව්‍ය ලා එකිනෙකා ධූප භාජනයක් බැගින් ධූප භාජන දෙසිය පනසක්ද නුඹ හා ආරොන් තම තමාගේ ධූප භාජනයද ස්වාමීන්වහන්සේ ඉදිරියට ගෙනෙන්නැයි කීවේය.
තවද ස්වාමීන්වහන්සේ කෙරෙන් ගිනි නික්ම අවුත් සුවඳ දුම් ඔප්පුකළ දෙසිය පනස්දෙනා දවාදැමීය.
ඉන්පසු ස්වාමීන්වහන්සේ තවත් සැත්තෑ දෙනෙකු නියමකොට තමන් යන්ට සිටිය සියලු නුවරවලටත් ස්ථානවලටත් ඔවුන් දෙදෙනා බැගින් තමන්ට පෙරටුව යැවූසේක.