Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 44:21 - Sinhala Revised Old Version

21 ස්වාමීන්වහන්සේ විසින් සිහිකර සිතටගත්තේ නුඹලාද නුඹලාගේ පියවරුන්ද නුඹලාගේ රජවරුන්ද නුඹලාගේ අධිපතීන්ද දේශයෙහි සෙනඟද යූදාහි නුවරවලත් යෙරුසලමේ වීථිවලත් ඔප්පුකළ සුවඳ දුම් නොවේද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 “ඔබ ද ඔබේ පියවරුන් ද ඔබේ රජවරුන් ද ඔබේ අධිපතීන් ද දේශයෙහි සෙනඟ ද ජුදාහි නගරවලත්, ජෙරුසලමේ වීදිවලත් කළ සුවඳ දුම් පූජා සමිඳාණන් වහන්සේ අමතක කළ සේක් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

21 “ඔබ ද ඔබේ පියවරුන් ද ඔබේ රජවරුන් ද ඔබේ අධිපතීන් ද දේශයෙහි සෙනඟ ද ජුදාහි නගරවලත්, ජෙරුසලමේ වීදිවලත් කළ සුවඳ දුම් පූජා සමිඳාණන් වහන්සේ අමතක කළ සේක් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 44:21
19 හුවමාරු යොමු  

අපේ මුඛයෙන් නික්මුණු සියලු වචනවල හැටියටම අපි කොට, අපද අපේ පියවරුන්ද අපේ රජවරුන්ද අපේ අධිපතීන්ද යූදාහි නුවරවලත් යෙරුසලමේ වීථිවලත් කළාක්මෙන් අපි අහස් දේවීහට සුවඳ දුම් ඔප්පුකොට, ඈට පානපූජාවන් වගුරුවන්නෙමුව. මක්නිසාද ඒ කාලයේ අපි බොහෝ කෑම ලැබ, කිසි විපත්තියක් නොදැක, සැපසේ සිටියෙමුව.


යූදා දේශයෙහිත් යෙරුසලමේ වීථිවලත් කළාවූ නුඹලාගේ පියවරුන්ගේ නපුරුකම්ද යූදාහි රජවරුන්ගේ නපුරුකම්ද ඔවුන්ගේ භාර්යාවන්ගේ නපුරුකම්ද නුඹලාගේම නපුරුකම්ද නුඹලාගේ භාර්යාවන්ගේ නපුරුකම්ද නුඹලාට මතකනැතිවීද?


ඔවුන් තමුන්ගේ පාද නවත්වා නොගෙන මුළාවයන්ට මෙපමණ ප්‍රියවූ බැවින් ස්වාමීන්වහන්සේ ඔවුන් කෙරෙහි අප්‍රසන්නවූසේකැයි කියාත් දැන් උන්වහන්සේ ඔවුන්ගේ අපරාධකම සිහි කොට ඔවුන්ගේ පාපවලට දඬුවම්කරනවා ඇත කියාත් ස්වාමීන්වහන්සේ මේ සෙනඟට කියනසේක.


මක්නිසාද, යූදා, නුඹේ නුවරවල ගණනට නුඹේ දෙවිවරු සිටිති; යෙරුසලමේ වීථි ගණනේ හැටියට නුඹලා ඒ නින්දිතයාට පූජාසන එනම් බාල්ට සුවඳ දුම් දවන්ට පූජාසන පිහිටුවා තිබේ.


ස්වාමීන්වහන්ස, ඉතා උදහස්නූව මැනව, අයුතුකම් සෑම කල්ම සිහිනොකළ මැනව. අනේ බැලුව මැනව, අපි සියල්ලෝම ඔබගේ සෙනඟය.


අපේ පියවරුන්ගේ අයුතුකම් අපට විරුද්ධව සිහි නොකළ මැනව. අප බොහෝසෙයින් පහත වැටී සිටින බැවින්, ඔබගේ මෘදුවූ දයාව වහාම අප කෙරෙහි පැමිණේවා.


ඔවුන්ගේ සියලු ක්‍රියාවල් කවදාවත් මතකනැති නොකරන්නෙමියි ස්වාමීන්වහන්සේ යාකොබ්ගේ තේජස ගැන දිවුරා තිබේ.


ඔවුන්ගේ සියලු දුෂ්ටකම් මට මතක තිබෙන බව ඔව්හු තමුන්ගේ සිත්වලින් කල්පනා නොකරති. දැන් ඔව්හු තමුන්ගේ ක්‍රියාවලින් වටවී සිටිති; ඒවා මාගේ මුහුණ ඉදිරිපිට තිබේ.


මක්නිසාද ඇගේ පව් ස්වර්ගය දක්වා නැංගේය, දෙවියන්වහන්සේද ඇගේ අපරාධ සිහිකළසේක


ඒ මහත් නුවරද තුන් කොටසකට බෙදනලද්දේය, ජාතීන්ගේ නුවරවල් වැටුණේය. දෙවියන්වහන්සේගේ උදහසේ සැරකම නමැති මුද්‍රිකපාන කුසලාන මහත් බබිලෝනියට දෙන පිණිස ඈ දෙවියන්වහන්සේ ඉදිරියෙහි සිහිකරනු ලැබුවාය.


නුඹ සියලු වීථිවල [වේශ්‍යා] මහලක් තනාගෙන උස්තැනක්ද සාදාගත්තෙහිය.


එවිට ඈ එලියාට කථාකොට: දෙවියන්වහන්සේගේ මනුෂ්‍යය, ඔබගෙන් මට කම මොකද? මාගේ පාපය සිහිකරවන්ටත් මාගේ පුත්‍රයා මරන්ටත් මා ළඟට ආයෙහියයි එලියාට කීවාය.


දැන් නුඹ ගොස් අමලෙක්ට පහරදී, ඔවුන් ඉතිරි නොකොට, ඔවුන් සතු සියල්ල සහමුලින්ම විනාශකරදමා, පුරුෂයන් හා ස්ත්‍රීන්ද බාලයින් හා කිරිදරුවන්ද ගවයන් හා බැටළුවන්ද ඔටුවන් හා කොටළුවන්ද මරාදමන්නැයි කියනසේකැයි කීවේය.


ස්වාමීන්වහන්සේ ඒ දැක, තමන් පුත්‍රයන්ගේද දූවරුන්ගේද කෝප ඉපදවීම නිසා ඔවුන් එපා කළසේක.


මෙය මා ළඟ සඟවා, මාගේ ගබඩාවල මුද්‍රකර තබා තිබෙනවා නොවේද?


එසේ වන්නේ මා කෝපකරවන හැටියට ඉශ්‍රායෙල් පුත්‍රයන්ද යූදා පුත්‍රයන්ද ඔවුන්ගේ රජවරුන්ද ඔවුන්ගේ අධිපතීන්ද ඔවුන්ගේ පූජකයන්ද ඔවුන්ගේ අනාගතවක්තෘවරුන්ද යූදාහි මනුෂ්‍යයන්ද යෙරුසලමේ වැසියන්ද කළාවූ ඔවුන්ගේ සියලු නපුරුකම් නිසාය.


එවිට යෙරෙමියා මුළු සෙනඟ වන පුරුෂයන්ටත් ස්ත්‍රීන්ටත් එනම් ඔහුට ඒ උත්තරය දුන් මුළු සෙනඟට කථාකොට:


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්