ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එසකියෙල් 8:10 - Sinhala Revised Old Version

මම ඇතුල්වී බැලූ විට, බඩගා යන සියලු ආකාර සතුන්ගෙන් පිළිකුල් තිරිසනුන්ගෙත් රූපද ඉශ්‍රායෙල් වංශයේ සියලු දේවරූපද භිත්තියේ වටකරින්ම සිතියම්කර තිබෙනවා දුටිමි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

මම ඇතුළු වී බැලූ විට, බඩගා යන සියලු ආකාර සතුන්ගේත්, පිළිකුල් තිරිසනුන්ගේත් රූප ද ඉශ්රායෙල් වංශයේ සියලු දේව රූප ද බිත්තියේ වටේට සිතියම් කර තිබෙනු දිටිමි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

මම ඇතුළු වී බැලූ විට, බඩගා යන සියලු ආකාර සතුන්ගේත්, පිළිකුල් තිරිසනුන්ගේත් රූප ද ඉශ්රායෙල් වංශයේ සියලු දේව රූප ද බිත්තියේ වටේට සිතියම් කර තිබෙනු දිටිමි.

පරිච්ඡේදය බලන්න



එසකියෙල් 8:10
22 හුවමාරු යොමු  

කැපූ රූපයක් හෝ උඩ අහසෙහිවත් පාත පොළොවෙහිවත් පොළොවෙන් යට ජලයෙහිවත් තිබෙන කිසිම දෙයක සමානත්වයක් හෝ සාදානොගනුව.


වඩුවා නූලක් ගසා, අඳින කටුවකින් ඒක සලකුණුකර, යතුවලින් යතුගා, කවකටුවෙන් සලකුණුකොට, ගෙදර වාසය කරන පිණිස මනුෂ්‍යයෙකුගේ රූපයේ හැටියටත් මනුෂ්‍යයෙකුගේ ශෝභනකම ප්‍රකාරයටත් ඒක සාදන්නේය.


ඔවුන් තමුන්ගේ අශික්ෂිත දේවල මළකඳන්වලින් මාගේ දේශය දූෂ්‍යකොට, තමුන්ගේ පිළිකුල්වලින් මාගේ උරුමය පුරවා තිබෙන නිසා, මම පළමුකොට ඔවුන්ගේ අයුතුකමටත් පාපයටත් දෙගුණයක් ප්‍රතිඵල දෙන්නෙමි.


ඇගේ වේශ්‍යාකමේ නින්දිතකමින් ඈ දේශය පිළිකුල් කළාය, ඈ ගල් සහ දඬු සමඟ කාමමිථ්‍යාචාරය කළාය.


ස්වාමීන්වහන්සේ විසින් සිහිකර සිතටගත්තේ නුඹලාද නුඹලාගේ පියවරුන්ද නුඹලාගේ රජවරුන්ද නුඹලාගේ අධිපතීන්ද දේශයෙහි සෙනඟද යූදාහි නුවරවලත් යෙරුසලමේ වීථිවලත් ඔප්පුකළ සුවඳ දුම් නොවේද?


මමද: අහෝ මා ද්වේෂකරන ඔය පිළිකුල් දෙය නොකරන්නැයි කියන්ට ප්‍රොපේතවරුන් වන මාගේ සියලු සේවකයන් අලුයම් වේලාවේ පටන්ම නුඹලා ළඟට එවුවෙමි.


එසේ මාගේ නියෝග ප්‍රකාර නොහැසිර, මාගේ විනිශ්චයන් ඉෂ්ට නොකොට, නුඹලා අවට සිටින ජාතීන්ගේ පනත් ප්‍රකාරයට කළාවූ නුඹලා මා ස්වාමීන්වහන්සේ බව දැනගන්නවා ඇතැයි කීසේක.


නුමුත් ඈ ඇගේ වේශ්‍යාකම් වැඩිකරගත්තාය; ඈ මනුෂ්‍යයන්ගේ රූප භිත්තියේ සිතියම්කර තිබෙනවා, එනම් කල්දිවරුන්ගේ ස්වරූප සාදිලිංගම්වලින් සිතියම් කර තිබෙනවා දුටුවාය.


ඉශ්‍රායෙල් වංශයේ වැඩිමහල්ලන්ගෙන් සැත්තෑ දෙනෙක්ද ඔවුන් මැද ෂාපාන්ගේ පුත්‍රවූ යාසනියාද එක එකා තම තමාගේ අතේ තම තමාගේ දුම් භාජනය ඇතුව ඒවා ඉදිරියෙහි සිටියෝය; දුම් වලාකුළේ සුගන්ධය ඉහළට නැංගේය.


උන්වහන්සේද ඇතුළට ගොස් ඔවුන් මෙහි කරන නපුරු පිළිකුල්කම් බලන්නැයි මට කීසේක.


ජරාවට නොපැමිණෙන්නාවූ දෙවියන්වහන්සේගේ මහිමය ජරාවට පැමිණෙන්නාවූ මනුෂ්‍යයාගේද පක්ෂීන් හා සිවුපාවුන්ගේද බඩගායන ජාතීන්ගේද රූපවලට සමානවෙන ලෙස මාරුකළෝය.


කිසි පිළිකුල් දෙයක් නොකන්න.


එබැවින් නුඹලාම දූෂ්‍යකරගන, පුරුෂයෙකුගේ හෝ ස්ත්‍රියෙකුගේ ආකාරයවත්,


භූමිය පිට බඩගා යන කිසි සතෙකුගේ ආකාරයවත්, පොළොව යට ජලයෙහි ඉන්න කිසි මත්ස්‍යයෙකුගේ ආකාරයවත් යන මේ කොයි රූපාකාරයකට නුමුත් සමානවූ කැපූ රූපයක් සාදානොගන්න හැටියටද,


නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹලා සමඟ කළාවූ උන්වහන්සේගේ ගිවිසුම මතක නැතිකොට නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට තහනම්කර තිබෙන කිසිවකට සමානවූ රූපයක් සාදා නොගන්ට බලාගන්න.


නුඹට දරුවන්ද දරුවන්ගේ දරුවන්ද ඉපද, නුඹලා දේශයෙහි බොහෝ කලක් සිටි කල්හි, නුඹලා දූෂ්‍යකම්කරමින්, කොයි දෙයකට නුමුත් සමානවූ රූපයක් සාදාගන, නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ උදහස්වන හැටියට උන්වහන්සේ ඉදිරියේ නපුරුව තිබෙන දෙය කළොත්,