Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 23:14 - Sinhala Revised Old Version

14 නුමුත් ඈ ඇගේ වේශ්‍යාකම් වැඩිකරගත්තාය; ඈ මනුෂ්‍යයන්ගේ රූප භිත්තියේ සිතියම්කර තිබෙනවා, එනම් කල්දිවරුන්ගේ ස්වරූප සාදිලිංගම්වලින් සිතියම් කර තිබෙනවා දුටුවාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 “ඈ මිනිසුන්ගේ රූප එනම්, ස්වරූප, තද රතු පාටින් බිත්තිවල සිතියම් කර තිබෙනු දුටු විට ඔහොලීබා ඇගේ වේශ්‍යාකමෙහි කිඳා බැස සිටියා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 “ඈ මිනිසුන්ගේ රූප එනම්, ස්වරූප, තද රතු පාටින් බිත්තිවල සිතියම් කර තිබෙනු දුටු විට ඔහොලීබා ඇගේ වේශ්‍යාකමෙහි කිඳා බැස සිටියා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 23:14
9 හුවමාරු යොමු  

මම ඇතුල්වී බැලූ විට, බඩගා යන සියලු ආකාර සතුන්ගෙන් පිළිකුල් තිරිසනුන්ගෙත් රූපද ඉශ්‍රායෙල් වංශයේ සියලු දේවරූපද භිත්තියේ වටකරින්ම සිතියම්කර තිබෙනවා දුටිමි.


මම මහත් ගෙයක්ද විශාලවූ උඩුමහල්ද ගොඩනගන්නෙමියි කියමින් කවුළු කපාගන්නාවූ, කිහිරි ලීවලින් වසා සාදිලිංගම් ගාන්නාවූ අයට දුක්වේ.


නුඹ කානාන් දේශයේදී කල්දියාව දක්වාත් නුඹේ වේශ්‍යාකම් වැඩිකරගත්තෙහිය; එහෙත් එයිනුත් සෑහීමට නොපැමිණියෙහිය.


ජාතීන් අතරේ දන්වා ප්‍රකාශකොට, කොඩියක් නගන්න; නොසඟවා, ප්‍රසිද්ධකොට, මෙසේ කියන්න: බබිලෝනිය අසුවිය, බේල් ලජ්ජාවට පැමුණුණේය, මෙරොදක් කැලඹී සිටියි; ඇගේ දේවරූප ලජ්ජාවට පැමුණුණේය, ඇගේ රූප කැලඹී තිබේ.


බේල් පහත්වෙයි, නෙබෝ නැමෙයි; ඒවායේ රූප මෘගයින් පිටද සිව්පාවුන් පිටද තිබේ. නුඹලා විසින් ගෙනගිය ඒවා වෙහෙසවෙන මෘගයන් පිට බරක් කොට පටවා තිබේ.


ඈ අපවිත්‍රව සිටින බව දුටිමි; ඔවුන් දෙදෙනාටම තිබුණේ එක මාර්ගයය.


ඔවුන්ගේ ඉඟටිවල ඉඟපටි බැඳ, පාට ඇති දිග රෙදි ඔවුන්ගේ හිස්වල දමා තිබුණේය. ඔවුන් සියල්ලෝම තමුන් උපන් දේශයවූ කල්දියාවේ බබිලෝනිවරුන්ගේ ස්වරූපයේ හැටියට පෙනීමෙන් වංශාධිපතියෝව සිටියෝය.


ඔවුන් නම් බබිලෝනිවරු සහ සියලුම කල්දිවරුද පෙකොඩ්ද ෂෝවාද කෝවාද ඔවුන් සමඟ අෂූර්වරුද යන මොව්හුය. ඔවුන් සියල්ලෝම ප්‍රිය වඩන යෞවනයෝය, ආණ්ඩුකාරයොත් මුළාදෑනියොත්ය, ඔවුන් සියල්ලෝම අධිපතියෝය, අසුන් පිට නැගී යන්නාවූ කීර්තිමත් තැනැත්තෝය.


ඔහුගේ බලවතුන්ගේ පලිස්වලට රතු සායම් පොවා තිබේ, යුද්ධකාර මනුෂ්‍යයෝ රතු වස්ත්‍ර ඇඳගන සිටිති. ඔහුගේ සූදානම්වීමේ දවසේදී රථ වානෙන් දිලිහෙති, දේවදාර හෙල්ලද සොලවන්නේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්