ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එසකියෙල් 40:14 - Sinhala Revised Old Version

ඔහු මැන කණු හැට රියනක් දක්වා තිබෙන බව දැනගත්තේය; කණුවලට ඇතුළෙහි දොරටුව වටකර මළුව තිබුණේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔහු ප්‍රවේශ ශාලාව මැන්නේ ය. එය මීටර් දහයකි. ප්‍රවේශ ශාලාව වටේට මළුව තිබුණේ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඔහු ප්‍රවේශ ශාලාව මැන්නේ ය. එය මීටර් දහයකි. ප්‍රවේශ ශාලාව වටේට මළුව තිබුණේ ය.

පරිච්ඡේදය බලන්න



එසකියෙල් 40:14
11 හුවමාරු යොමු  

උන්වහන්සේ මට කථාකොට: නුඹේ පුත්‍රවූ සාලමොන්ම මාගේ ගෘහයද මළුද සාදන්නේය. මක්නිසාද මාගේ පුත්‍රයෙක් කොට ඔහු තෝරාගතිමි, මම ඔහුට පියෙක් වන්නෙමි.


ස්තුතිකරමින් උන්වහන්සේගේ දොරටුවලින් ඇතුල්ව, ප්‍රශංසාකරමින් උන්වහන්සේගේ මණ්ඩපවලට පැමිණෙව්. උන්වහන්සේට ස්තුතිකරමින් උන්වහන්සේගේ නාමයට ප්‍රශංසාකරව්.


මණ්ඩපයේ මළුවද සාදන්න. දකුණු පැත්තේ දකුණු දෙසට කටිනලද සිහින් හණ නූලින් කළ එක පැත්තට රියන් සියයක් දික්වූ තිර මළුවට විය යුතුය.


මළුවේ කඩතිර හා ඒවායේ කුළුනුද ඒවායේ අඩිද මළුවේ දොරකඩට කඩතුරාවද;


නුමුත් ඒවා එකතුකළ අය ඒවා කා, ස්වාමීන්වහන්සේට ප්‍රශංසා කරන්නෝය; ඒවා රැස්කළ අය මාගේ ශුද්ධ මළුවලදී ඒවා බොන්නෝයයි කීසේක.


ඔහු එක කාමරයක පියස්සේ සිට තවත් එකක පියස්ස දක්වා දොරටුව මැන්නේය; දොරකඩකට ඉදිරිපිට දොරකඩක් වශයෙන් පළල විසිපස් රියනක්ය.


ඇතුල්වෙන දොරටුවේ ඉස්සරහ පැත්තේ සිට ඇතුල් දොරටුවේ ශාලාවේ ඉස්සරහ පැත්ත දක්වා පනස් රියනක්ය.


මාළිගාවේ උළුවහු කණු සතරැස්ව තිබුණේය; ශුද්ධස්ථානයේ ඉස්සරහ පැත්තේ පෙනීමද මාළිගාවේ පෙනීම වාගේය.


තවද ඔහු උතුරු දෙසට පිට මළුවට මා ගෙනගොස්, වෙන්වූ මළුවටත් උතුරු දෙසට තිබුණු ගොඩනැගිල්ලටත් ඉදිරිපිට තිබුණු කාමරයට මා පැමිණෙවුවේය.


උන්වහන්සේ මළුවේ දොරකඩට මා ගෙනාසේක; මම බැලූ විට භිත්තියේ සිදුරක් තිබෙනවා දුටිමි.


එයින් ඉතිරි හරිය ආරොන් සහ ඔහුගේ පුත්‍රයෝ කත්වා. එය ශුද්ධවූ තැනකදී මුහුන් නැතුව කෑ යුතුය; ඔව්හු ඒක සම්මුඛවීමේ කූඩාරමේ මළුවේදී කත්වා.