Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 42:1 - Sinhala Revised Old Version

1 තවද ඔහු උතුරු දෙසට පිට මළුවට මා ගෙනගොස්, වෙන්වූ මළුවටත් උතුරු දෙසට තිබුණු ගොඩනැගිල්ලටත් ඉදිරිපිට තිබුණු කාමරයට මා පැමිණෙවුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 තවද, ඔහු උතුරු දෙස පිට මළුවට මා ගෙන ගොස් වෙන් වූ මළුවටත්, උතුරු දෙසට තිබුණු ගොඩනැඟිල්ලටත් ඉදිරිපිට තිබුණු කාමරයට මා පැමිණෙව්වේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 තවද, ඔහු උතුරු දෙස පිට මළුවට මා ගෙන ගොස් වෙන් වූ මළුවටත්, උතුරු දෙසට තිබුණු ගොඩනැඟිල්ලටත් ඉදිරිපිට තිබුණු කාමරයට මා පැමිණෙව්වේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 42:1
14 හුවමාරු යොමු  

උතුරට තිබුණු පිට-මළුවේ දොරටුවේ දිගත් පළලත් ඔහු මැන්නේය.


එවිට ඔහු පිට-මළුවට මා ගෙනාවේය, ඒ මළුවට කාමර සාදා වටකර ගල් අල්ලා තිබුණේය. ඒ ගල්-බිම පිට කාමර තිහක් තිබුණේය.


එවිට ඔහු මට කථාකොට: වෙන්වූ මළුවට ඉදිරිපිට තිබෙන උතුරු කාමරද දකුණු කාමරද ශුද්ධ කාමර වෙත්, එහි ස්වාමීන්වහන්සේ ළඟට පැමිණෙන පූජකයෝ අති ශුද්ධ දේවල් කන්නෝය. එහි ඔව්හු අති ශුද්ධ දේවල්ද ආහාර පූජාවද පාප පූජාවද අපරාධ පූජාවද තබන්නෝය; මක්නිසාද ඒ ස්ථානය ශුද්ධය.


කාමර ඉස්සරහ රියන් දහයක් පළල ඇති මාර්ගයක්ද ඇතුළට යාමට එක රියනක් පළල ඇති පාරක්ද තිබුණේය. ඒවායේ දොරකඩවල් උතුරු දෙසට තිබුණේය. ඉහළ කාමර කොටව තිබුණේය.


එවිට ඔහු මාළිගාවට මා ගෙනවුත් එහි කණු මැන්නේය, ඒවා එක පැත්තක හරියනක් පළලටද අනික් පැත්තෙහි හරියනක් පළලටද තිබුණේය, එය කූඩාරමේ පළලය.


මාළිගාවෙන් පිටත තිබෙන මළුව අන්‍යජාතීන්ට දී තිබෙන බැවින් ඒක නොමැන අත්හරින්න. ඔව්හු ශුද්ධවූ නුවර සතළිස් දෙමාසයක් පයින් පාගාදමන්නෝය.


නැගෙනහිර දෙසට තිබුණු මළුවේ තාප්පයේ පළලටම වෙන්වූ මළුවටත් ගොඩනැගිල්ලටත් ඉදිරිපිට කාමර තිබුණේය.


පිට පැත්ත දක්වා කාමරවලට තිබුණු භිත්තියේ පළල පස් රියනක්ය. ගෘහයට තිබුණු කාමර පේළි ඇතුළේ හිස් ඉඩමක් තිබුණේය.


ඔහු දකුණු පැත්තටත් මා ගෙනගියේය, දකුණු දෙසටත් දොරටුවක් තිබුණේය. ඔහු ඒකේ කණුද ඒකේ ශාලාද ඒ මිමිවල ප්‍රකාරයට මැන්නේය.


ඔහු මැන කණු හැට රියනක් දක්වා තිබෙන බව දැනගත්තේය; කණුවලට ඇතුළෙහි දොරටුව වටකර මළුව තිබුණේය.


ඔහු දකුණු දොරටුවෙන් ඇතුල් මළුවට මා පමුණුවා, දකුණු දොරටුව ඒ මිමිවල ප්‍රකාරයට මැන්නේය;


ඒවාටත් මළුවේ කාමරවලටත් අතරේ ගෘහය වටකරින්ම විසි රියනක් පළල ඇති ඉඩමක් තිබුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්