Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 27:9 - Sinhala Revised Old Version

9 මණ්ඩපයේ මළුවද සාදන්න. දකුණු පැත්තේ දකුණු දෙසට කටිනලද සිහින් හණ නූලින් කළ එක පැත්තට රියන් සියයක් දික්වූ තිර මළුවට විය යුතුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 “නුඹ මණ්ඩපය සඳහා මළුව ද තැනිය යුතු යි. දකුණු දෙසට මූණ ලා, මළුවේ දකුණු පැත්තට, එක පැත්තක් මීටර් හතළිස්හතරක් දිග, සිහින් ව කටින ලද හණ පිළියෙන් තිර සෑදිය යුතු යි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 “නුඹ මණ්ඩපය සඳහා මළුව ද තැනිය යුතු යි. දකුණු දෙසට මූණ ලා, මළුවේ දකුණු පැත්තට, එක පැත්තක් මීටර් හතළිස්හතරක් දිග, සිහින් ව කටින ලද හණ පිළියෙන් තිර සෑදිය යුතු යි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 27:9
29 හුවමාරු යොමු  

ඇතුල් මළුවේ විසි රියනට ඉදිරිපිටත් පිට-මළුවේ ගල්-බිම ඉදිරිපිටත් පිට-ශාලාවක් ඉස්සරහ පිට-ශාලාවක් වශයෙන් මහල් තුනක් තිබුණේය.


ඇතුල් දොරටුවට පිටතින් උතුරු දිග දොර ළඟ ඇතුල් මළුවේ ගී කියන්නන්ගේ කාමර තිබුණේය; ඒවා දකුණු දෙසට තිබුණේය. පෙරදිග දොර ළඟ එකක් උතුරු දිගට තිබුණේය.


එවිට නැගෙනහිර මාර්ගයෙන් ඔහු ඇතුල් මළුවට මා පමුණුවා, ඒ මිමිවල ප්‍රකාරයට දොරටුව මැන්නේය;


ඔහු දකුණු දොරටුවෙන් ඇතුල් මළුවට මා පමුණුවා, දකුණු දොරටුව ඒ මිමිවල ප්‍රකාරයට මැන්නේය;


උතුරු දොරටුවට ඉදිරිපිටින් ඇතුල් මළුවට දොරටුවක් තිබුණේය, නැගෙනහිරටත් එසේමය; ඔහු දොරටුවෙන් දොරටුවට මැන්නේය, එය රියන් සියයක් විය.


උතුරට තිබුණු පිට-මළුවේ දොරටුවේ දිගත් පළලත් ඔහු මැන්නේය.


ඔහු මැන කණු හැට රියනක් දක්වා තිබෙන බව දැනගත්තේය; කණුවලට ඇතුළෙහි දොරටුව වටකර මළුව තිබුණේය.


ස්වාමීන්ගේ ගෘහ මළුවලදීත් එම්බා යෙරුසලම, නුඹ මැදදීත් එසේ කරන්නෙමි. ස්වාමීන්ට ප්‍රශංසාකරව්.


ස්තුතිකරමින් උන්වහන්සේගේ දොරටුවලින් ඇතුල්ව, ප්‍රශංසාකරමින් උන්වහන්සේගේ මණ්ඩපවලට පැමිණෙව්. උන්වහන්සේට ස්තුතිකරමින් උන්වහන්සේගේ නාමයට ප්‍රශංසාකරව්.


ස්වාමීන්ගේ ගෘහයෙහි හිඳුවනලද්දෝ අපේ දෙවියන්වහන්සේගේ මිදුල්වල සඵලවන්නෝය.


මක්නිසාද ඔබගේ මණ්ඩපවල එක දවසක් දවස් දහසකට වඩා යහපත. දුෂ්ටකමේ කූඩාරම්වල විසීමට වඩා මාගේ දෙවියන්වහන්සේගේ ගෘහයෙහි දොරටුපාලයෙක්ව ඉන්ට කැමැත්තෙමි.


තවද ඔහු ස්වාමීන්වහන්සේගේ ගෘහයේ මණ්ඩප දෙකේ මුළු අහස් සේනාවට පූජාසන ගොඩනැගුවේය.


එම දවසේ රජ ස්වාමීන්වහන්සේගේ ගෘහය ඉදිරිපිට තිබෙන මළුවේ ඇතුල් භාගය විශුද්ධකෙළේය; මක්නිසාද ඔහු දවන පූජාවද ආහාර පූජාවද ශාන්ති පූජාවල තෙල්ද එතන ඔප්පුකෙළේය. එසේ කළේ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තිබෙන පිත්තල පූජාසනය දවන පූජාවද ආහාර පූජාවද ශාන්ති පූජාවද තෙල්ද දරන්ට ඉඩ මදි නිසාය.


ඇතුළු මිදුල කැපූ ගල්පේළි තුනකින්ද කිහිරි දැව පේළියකින්ද සෑදුවේය.


වටේට මළුව පිහිටුවා මළුවේ දොරකඩ කඩතුරාව එල්ලන්න.


මළුවේ තිර සහ ඒකේ කුළුනුද ඒකේ අඩිද මළුවේ දොරටුවට කඩතුරාව සහ ඒකේ ලනුද ඒකේ ඇණද සම්මුඛවීමේ කූඩාරමට මණ්ඩපයේ මෙහෙයේ සියලු භාණ්ඩද,


මූට්ටුකළ තිරවල එක කෙළවරක තිරයේ වාටියෙහි පුඩු පනසක්ද මූට්ටුකළ අනික් තිරවල කෙළවරක තිරයේ වාටියෙහි පුඩු පනසක්ද සෑදුවේය.


ඒකේ කුළුනු විස්සක්ද ඒ කුළුනුවල අඩි විස්සක්ද පිත්තලෙන් විය යුතුය; කුළුනුවල කොකුද ඒවායේ පටිද රිදීයෙන් විය යුතුය.


මළුවේ කඩතිර හා ඒවායේ කුළුනුද ඒවායේ අඩිද මළුවේ දොරකඩට කඩතුරාවද;


ඔහු මණ්ඩපය හා පූජාසනය වටේට මළුව පිහිටුවා මළුවේ දොරකඩ කඩතුරාව තැබීය. මෙසේ මෝසෙස් වැඩ නිමකෙළේය.


මණ්ඩපය සහ පූජාසනය ළඟ වටකරින් මළුවේ තිරද මළුවේ දොරකඩ කඩතුරාවද ඒකේ සියලුම වැඩවලට ඕනෑකරන ලනුද බලාගැනීමය.


මළුවේ තිරද මණ්ඩපයටත් පූජාසනයටත් හාත්පසින් මළුවේ දොරටුවේ කඩතුරාවද ඒවායේ ලනුද ඒවායේ වැඩට ගන්නා සියලු බඩුද ගෙනයත්වා, ඒවායින් කිරීමට තිබෙන සියල්ලද ඔව්හු කරත්වා.


වටකරින් තිබෙන මළුවේ කුළුනුද ඒවායේ අඩිද ඒවායේ ඇණද ලනුද ඒවායේ සියලුම බඩුද ඒවාට අයිති සියල්ලද යන මේවාය. ඔවුන් විසින් ගෙන යා යුතු උපකරණ නම්වශයෙන් ගණන්කරදෙන්න.


පූජකයන්ගේ මළුවද මහ මළුවද ඒ මළුවට දොරවල්ද සාදා, ඒ දොරවල් පිත්තලෙන් වැසුවේය.


එවිට ඔහු පිට-මළුවට මා ගෙනාවේය, ඒ මළුවට කාමර සාදා වටකර ගල් අල්ලා තිබුණේය. ඒ ගල්-බිම පිට කාමර තිහක් තිබුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්