බලව, මම නුඹ සඵලකොට වැඩිකරන්නෙමි, නුඹෙන් ජාති සමූහයක් ඇතිකරවා, මේ දේශය නුඹෙන් පසු නුඹේ වංශයට සදාකාල උරුමයක් පිණිස දෙන්නෙමියි මට කීසේක.
එසකියෙල් 37:25 - Sinhala Revised Old Version මාගේ සේවකයාවූ යාකොබ්ට මා දුන්නාවූ, නුඹලාගේ පියවරුන් වාසයකළාවූ දේශයෙහි ඔවුන් වාසයකරනවා ඇත; එසේ ඔවුන් සහ ඔවුන්ගේ දරුවෝද ඔවුන්ගේ දරුවන්ගේ දරුවෝද සදාකාලේටම එහි වාසයකරන්නෝය. මාගේ සේවකයාවූ දාවිත්ද සදාකාලේටම ඔවුන්ට අධිපතියා වන්නේය. Sinhala New Revised Version මාගේ සේවක ජාකොබ්ට මා දුන්, නුඹලාගේ පියවරුන් වාසය කළ දේශයෙහි ඔවුන් වාසය කරනු ඇත; එසේ ඔව්හු ද ඔවුන්ගේ දරුවෝ ද ඔවුන්ගේ දරුවන්ගේ දරුවෝ ද සදාකාලයට ම එහි වාසය කරන්නෝ ය. මාගේ සේවක දාවිත් වැනි රජෙක් සදාකාලයට ම ඔවුන්ට අධිපතියා වන්නේ ය. Sinhala New Revised Version 2018 මාගේ සේවක ජාකොබ්ට මා දුන්, නුඹලාගේ පියවරුන් වාසය කළ දේශයෙහි ඔවුන් වාසය කරනු ඇත; එසේ ඔව්හු ද ඔවුන්ගේ දරුවෝ ද ඔවුන්ගේ දරුවන්ගේ දරුවෝ ද සදාකාලයට ම එහි වාසය කරන්නෝ ය. මාගේ සේවක දාවිත් වැනි රජෙක් සදාකාලයට ම ඔවුන්ට අධිපතියා වන්නේ ය. |
බලව, මම නුඹ සඵලකොට වැඩිකරන්නෙමි, නුඹෙන් ජාති සමූහයක් ඇතිකරවා, මේ දේශය නුඹෙන් පසු නුඹේ වංශයට සදාකාල උරුමයක් පිණිස දෙන්නෙමියි මට කීසේක.
නුඹේ වංශයද රජකමද නුඹ ඉදිරියෙහි සදාකාලේටම ස්ථිරකරනු ලබන්නේය. නුඹේ සිංහාසනයද සදාටම පිහිටුවනු ලබන්නේය කියා කියනසේකැයි කීවේය.
මක්නිසාද සෙනඟ සියොන්හි යෙරුසලමේ වාසයකරන්නෝය. නුඹ තවත් අඬන්නේ නැත; උන්වහන්සේ නුඹේ මොරගැසීමේ හඬට නුඹට දයාවෙනවාම ඇත; ඇසුණු කෙණෙහිම උන්වහන්සේ නුඹට උත්තරදෙනවා ඇත.
නුඹේ සෙනඟ සියල්ලෝම ධර්මිෂ්ඨව, මා විසින් සිටෙවු පැළයක්ව, මාගේ අත්වල කර්මාන්තයව සිට මා ගෞරවය ලබන පිණිස සදාකාලේටම පොළොව භුක්තිවිඳින්නෝය.
මක්නිසාද මා විසින් සාදන අලුත් අහසත් අලුත් පොළොවත් මා ඉදිරියෙහි පවතින්නාක් මෙන් නුඹලාගේ වංශය සහ නුඹලාගේ නාමය පවතින්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
මක්නිසාද මා විසින් මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල්වරුන්ගෙත් යූදාවරුන්ගෙත් වාල්කම පහකරන දවස් පැමිණෙන්නේයයි ස්වාමීන්වහන්සේ කියනසේක. මම ඔවුන්ගේ පියවරුන්ට දුන් දේශයට ඔවුන් නැවත ගෙනෙන්නෙමි, ඔව්හුද ඒක භුක්තිවිඳින්නෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
ඔව්හුද තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේටත් මා විසින් ඔවුන්ට නැගුටුවාදෙන තමුන්ගේ රජවූ දාවිත්ටත් සේවයකරන්නෝය.
එතැන්හි යූදා සහ එහි සියලු නුවරවල මනුෂ්‍යයෝද ගොවියෝද සිවුපා රැළ කැටුව යන්නෝද එක්ව වාසයකරන්නෝය.
ඔවුන්ටත් ඔවුන්ට පසු ඔවුන්ගේ දරුවන්ටත් ශුභසිද්ධවෙන පිණිස සෑම කල්හිම මා කෙරෙහි භයවීමට එක සිතක්ද එක මාර්ගයක්ද ඔවුන්ට දෙන්නෙමි.
එසේය, ඔවුන්ට යහපත කිරීම පිණිස මම ඔවුන් කෙරෙහි ප්‍රීතිමත්වන්නෙමි, සැබවින් මාගේ මුළු සිතින්ද මුළු ආත්මයෙන්ද මේ දේශයෙහි ඔවුන් පිහිටුවන්නෙමි.
ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: ඉශ්‍රායෙල් වංශය විසිරී සිටින ජනයන් අතරෙන් ඔවුන් මා විසින් රැස්කර, මා පිරිසිදු බව ඔවුන් කරණකොටගෙන ජාතීන්ගේ ඇස් හමුවෙහි පෙන්නූ කල්හි, මාගේ මෙහෙකරුවාවූ යාකොබ්ට මා විසින් දුන් රටෙහි ඔවුන් වාසයකරනවා ඇත.
ස්වාමීන්වහන්සේ වන මම ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි, මාගේ සේවකයාවූ දාවිත්ද ඔවුන් අතරේ අධිපතියා වන්නේය; ස්වාමීන්වහන්සේ වන මම ඒක කීමි.
මා විසින් නුඹලාගේ පියවරුන්ට දුන් දේශයෙහි නුඹලා වාසයකොට මාගේ සෙනඟව සිටිනවා ඇත, මමද නුඹලාගේ දෙවියන්වහන්සේ වන්නෙමි.
ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේකැයි ඔවුන්ට කියන්න. ඉශ්‍රායෙල් පුත්‍රයන් ගොස් සිටින තැන්වල ජාතීන් අතරෙන් මම ඔවුන් රැගෙන, වටකරින් ඔවුන් රැස්කොට, ඔවුන්ගේ රටට ඔවුන් පමුණුවා,
මාගේ සේවකයාවූ දාවිත් ඔවුන් කෙරෙහි රජවන්නේය; ඔවුන් සියල්ලන්ටම එක එඬේරෙක් වන්නේය. ඔව්හු මාගේ විනිශ්චයන් ලෙස හැසිර, මාගේ පනත් පවත්වා, ඒවා කරන්නෝය.
තවද මම සමාදාන ගිවිසුමක් ඔවුන් සමඟ කරන්නෙමි. එය ඔවුන් සමඟ සදාකාල ගිවිසුමක්වන්නේය. මම ඔවුන් පිහිටුවා, ඔවුන් වැඩිකොට, මාගේ ශුද්ධස්ථානය ඔවුන් අතරෙහි සදාකාලේටම පිහිටුවන්නෙමි.
අධිපතියාට නම් ඔහු අධිපතියා බැවින් එහි හිඳගෙන ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කෑම කන්ට ලැබෙනවා ඇත; ඔහු දොරටුවේ ශාලාවේ මාර්ගයෙන් ඇතුල්වෙනවා ඇත, ඒකේ මාර්ගයෙන්ම පිටතට යනවා ඇතැයි කීසේක.
මම ඔවුන්ගේ රටෙහි ඔවුන් පිහිටුවන්නෙමි, මා විසින් ඔවුන්ට දී තිබෙන රටෙන් ඔවුන් තවත් උදුරනු ලබන්නේ නැතැයි නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ කියනසේක.
එප්‍රායිම්වරු බලවන්තයෙකු මෙන් වන්නෝය, ඔවුන්ගේ සිත්ද මුද්‍රිකපානයෙන් මෙන් ප්‍රීතිවන්නේය. එසේය, ඔවුන්ගේ දරුවෝත් ඒ දැක ප්‍රීතිවන්නෝය; ඔවුන්ගේ සිත් ස්වාමීන්වහන්සේ තුළ සන්තෝෂවන්නේය.
ඔව්හු සැබෑකමෙනුත් ධර්මිෂ්ඨකමෙනුත් මාගේ සෙනඟවන්නෝය, මමත් එසේම ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක.
එබැවින් සමූහයා උන්වහන්සේට උත්තරදෙමින්: ක්‍රිස්තුස්වහන්සේ සදාකල් සිටිනසේකැයි අපි ව්‍යවස්ථාවෙන් ඇසීමුව. එසේවී නම්–මනුෂ්‍ය පුත්‍රයා ඔසවනු ලැබිය යුතුයයි ඔබ කියන්නේ කොහොමද? මේ මනුෂ්‍ය පුත්‍රයා කවුදැයි කීවෝය.
ආබ්‍රහම් සියල්ලෙන් දසයෙන් කොටසක් ඔහුට දුන්නේය. පළමුකොට ඔහුගේ නාමය, අර්ථයේ හැටියට, ධර්මිෂ්ඨකමේ රජය, දෙවනුව සමාදානයේ රජයයි අර්ථ ඇති සාලමේ රජ්ජුරුවෝය.
නුමුත් උන්වහන්සේ පූජකයෙක්ව සිටින්නේ: ඔබ සදාකාල පූජකයෙක්ය කියා තමන්වහන්සේ නොතැවෙන ලෙස ස්වාමීන්වහන්සේ දිවුළසේකැයි උන්වහන්සේට කී තැනන්වහන්සේ කරණකොටගෙන දිවුරුමක් ඇතුවය.