Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එසකියෙල් 34:24 - Sinhala Revised Old Version

24 ස්වාමීන්වහන්සේ වන මම ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි, මාගේ සේවකයාවූ දාවිත්ද ඔවුන් අතරේ අධිපතියා වන්නේය; ස්වාමීන්වහන්සේ වන මම ඒක කීමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

24 සමිඳාණන් වහන්සේ වන මම ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන්නෙමි. මාගේ සේවක දාවිත් ඔවුන් අතරේ අධිපතියා වන්නේ ය; සමිඳාණන් වහන්සේ වන මම එසේ කීමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

24 සමිඳාණන් වහන්සේ වන මම ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන්නෙමි. මාගේ සේවක දාවිත් ඔවුන් අතරේ අධිපතියා වන්නේ ය; සමිඳාණන් වහන්සේ වන මම එසේ කීමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 34:24
41 හුවමාරු යොමු  

මා විසින් නුඹලාගේ පියවරුන්ට දුන් දේශයෙහි නුඹලා වාසයකොට මාගේ සෙනඟව සිටිනවා ඇත, මමද නුඹලාගේ දෙවියන්වහන්සේ වන්නෙමි.


නුමුත් ඒ දවස්වලට පසු මා ඉශ්‍රායෙල් වංශය සමඟ කරන ගිවිසුම මේයයි ස්වාමීන්වහන්සේ කියනසේක. මම මාගේ ව්‍යවස්ථාව ඔවුන් තුළම තබා, ඒක ඔවුන්ගේ සිත්වල ලියන්නෙමි; මම ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි, ඔව්හුද මාගේ සෙනඟ වන්නෝය.


තවද: මෙන්න, දෙවියන්වහන්සේගේ මණ්ඩපය මනුෂ්‍යයන් සමඟය, උන්වහන්සේ ඔවුන් සමඟ වාසයකරනසේක, ඔව්හු උන්වහන්සේගේ සෙනඟ වන්නෝය, දෙවියන්වහන්සේම ඔවුන් සමඟ සිට ඔවුන්ගේ දෙවියන්වහන්සේ වනසේක.


මාගේ මණ්ඩපයද ඔවුන් වෙත වන්නේය; මම ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි, ඔව්හු මාගේ සෙනඟ වන්නෝය.


යේසුස්වහන්සේ ඔවුන් ළඟට ඇවිත් කථාකොට: ස්වර්ගයෙහිද පොළොවෙහිද සියලු බලය මට දී තිබේ.


ඔව්හු තමුන්ගේ දේවරූපවලින්වත් තමුන්ගේ අශික්ෂිතකම්වලින්වත් තමුන්ගේ සියලුම වරදවලින්වත් තමුන් කිලුටුකර නොගන්නෝය. ඔවුන් පව්කළාවූ තමුන්ගේ සියලුම වාසස්ථානවලින් මම ඔවුන් ගළවා ඔවුන් පිරිසිදුකරන්නෙමි. මෙසේ ඔව්හු මාගේ සෙනඟ වන්නෝය, මමද ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි.


මක්නිසාද උන්වහන්සේ සියලු සතුරන් තමන්වහන්සේගේ පාද යට දමන තුරු රජකම්කරන්ට ඕනෑය.


ඉශ්‍රායෙල්ට පශ්චාත්තාපයත් පව් කමාවත් දෙන අධිපතියෙක්ද ගැළවුම්කාරයෙක්ද වන පිණිස දෙවියන්වහන්සේ තමන්ගේ දකුණතින් උන්වහන්සේව උසස්කළසේක.


තුන්වෙනි කොටස මම ගින්නට පමුණුවා, රිදී පවිත්‍රකරන්නාක්මෙන් ඔවුන් පවිත්‍රකරන්නෙමි, රන් පරීක්ෂාකරන්නාක්මෙන් ඔවුන් පරීක්ෂාකරන්නෙමි. ඔව්හු මාගේ නාමය කියා යාච්ඤාකරන්නෝය, මම ඔවුන්ට උත්තරදෙන්නෙමි. ඔව්හු මාගේ සෙනඟයයි කියන්නෙමි; ඔවුන්ද: ස්වාමීන්වහන්සේ මාගේ දෙවියන්වහන්සේයයි කියනවා ඇත.


නුමුත් බෙත්-ලෙහෙම් එප්‍රාතා, යූදාගේ දහස් ගණන් අතරෙහි සිටීමට කුඩාව සිටින නුඹෙන්, ඉශ්‍රායෙල් කෙරෙහි ආණ්ඩුකාරයා වීමට මා වෙතට කෙනෙක් නික්ම එන්නේය; උන්වහන්සේගේ නික්මීම පුරාණයේ පටන්ද සදාකාලයේ සිටද වූයේය.


ඉශ්‍රායෙල් වංශයද මා ඔවුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ බව ඒ දවසේ පටන් මත්තට දැනගන සිටින්නෝය.


ඔව්හු මාගේ සෙනඟ වන්නෝය, මමද ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි.


ඒ කාලයෙහි මම සියලුම ඉශ්‍රායෙල් පවුල්වල දෙවියන්වහන්සේ වන්නෙමි, ඔව්හුද මාගේ සෙනඟ වන්නෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක.


ඔව්හුද තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේටත් මා විසින් ඔවුන්ට නැගුටුවාදෙන තමුන්ගේ රජවූ දාවිත්ටත් සේවයකරන්නෝය.


මම සියොන්නම් මාගේ පිරිසිදු කන්ද මතුයෙහි මාගේ රජ්ජුරුවන් පිහිටුවීමියි කියනසේක.


නුඹලාගේ කන් යොමා මා ළඟට ඇවිත් අසන්න; එවිට නුඹලාගේ ප්‍රාණය ජීවත්වන්නේය. මමද දාවිත්ගේ සහතික කරුණාවල් වන සදාකාල ගිවිසුමක් නුඹලා සමඟ කරන්නෙමි.


බලව, උන්වහන්සේ ජනයන්ට සාක්ෂිකාරයෙක්ද ජනයන්ට අධිපතියෙක් හා ආණ්ඩුකාරයෙක්ද කොට දුනිමි.


ඔවුන්ගේ අධිපතියා ඔවුන්ගෙන්ම කෙනෙක් වන්නේය, ඔවුන්ගේ ආණ්ඩුකාරයාද ඔවුන් අතරෙන්ම නික්ම එන්නේය; ඔහු මා වෙතට ළංවන පිණිස ඔහු ළඟට පමුණුවා ගනිමි. මක්නිසාද මා වෙතට ළං වීමට නිර්භීතකම ඇති තැනැත්තා කවුදැයි ස්වාමීන්වහන්සේ කියනසේක.


පෙරළාදමන්නෙමි, පෙරළාදමන්නෙමි. පෙරළාදමන්නෙමි. අයිතිවාසිය ඇති තැනැත්තා එන තුරු ඒකත් තවත් නොවන්නේය; මම ඒක ඔහුට දෙන්නෙමි.


දේශයෙහි ඉශ්‍රායෙල් කඳු පිට ඔවුන් එක ජාතියක් කරන්නෙමි; එක රජෙක්ද ඔවුන් සියල්ලන්ටම රජ වන්නේය. ඔව්හු තවත් ජාති දෙකක් නොවන්නෝය, තවත් රාජ්‍ය දෙකකට නොබෙදෙන්නෝය.


මාගේ සේවකයාවූ දාවිත් ඔවුන් කෙරෙහි රජවන්නේය; ඔවුන් සියල්ලන්ටම එක එඬේරෙක් වන්නේය. ඔව්හු මාගේ විනිශ්චයන් ලෙස හැසිර, මාගේ පනත් පවත්වා, ඒවා කරන්නෝය.


මාගේ සේවකයාවූ යාකොබ්ට මා දුන්නාවූ, නුඹලාගේ පියවරුන් වාසයකළාවූ දේශයෙහි ඔවුන් වාසයකරනවා ඇත; එසේ ඔවුන් සහ ඔවුන්ගේ දරුවෝද ඔවුන්ගේ දරුවන්ගේ දරුවෝද සදාකාලේටම එහි වාසයකරන්නෝය. මාගේ සේවකයාවූ දාවිත්ද සදාකාලේටම ඔවුන්ට අධිපතියා වන්නේය.


අධිපතියාට නම් ඔහු අධිපතියා බැවින් එහි හිඳගෙන ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි කෑම කන්ට ලැබෙනවා ඇත; ඔහු දොරටුවේ ශාලාවේ මාර්ගයෙන් ඇතුල්වෙනවා ඇත, ඒකේ මාර්ගයෙන්ම පිටතට යනවා ඇතැයි කීසේක.


පඬුරවූ ශුද්ධ කොටසටත් නුවර කොටසටත් දෙපැත්තෙහි, එනම් උපහාරයවූ ශුද්ධ කොටසටත් නුවර කොටසටත් යාව දිගටම බස්නාහිර පැත්තෙහි සහ නැගෙනහිර පැත්තෙහි, අධිපතියාට කොටස්වේවා. ඒවායේ දිග බස්නාහිර සීමාවේ සිට නැගෙනහිර සීමාවට (ගෝත්‍ර) කොටස්වලින් එකක හරියේ තිබේවා.


ශුද්ධවූ උපහාරයටත් නුවර කොටසටත් දෙපැත්තෙන් එනම් උපහාරයේ විසිපන් දහස ළඟ සිට නැගෙනහිර සීමාව දක්වාද බස්නාහිර දෙසට විසිපන් දහස ළඟ සිට බස්නාහිර සීමාව දක්වාද [ගෝත්‍ර] කොටස් ළඟ ඉතිරිවෙන පංගු අධිපතියාට වන්නේය. ශුද්ධවූ උපහාරයද ගෘහයේ ශුද්ධස්ථානයද එහි මැද වන්නේය.


පසුව ඉශ්‍රායෙල් පුත්‍රයෝ හැරී තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේද තමුන්ගේ රජවූ දාවිත්ද සොයා, මතු දවස්වලදී භයින් යුක්තව ස්වාමීන්වහන්සේ වෙතටත් උන්වහන්සේගේ යහපත්කමටත් පැමිණෙන්නෝය.


එම්බා කඩුව, මාගේ එඬේරාටත් මාගේ සහායකාරවූ මනුෂ්‍යයාටත් විරුද්ධව පිබිදෙන්නැයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක. එඬේරාට පහරදෙන්න, එවිට බැටළුවන් විසිරී යනවා ඇත; නුමුත් කුඩා තැනැත්තන් පිටට මාගේ අත හරවන්නෙමි.


ඔවුන්ට මෙසේ කියන්න: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක–මම ඉශ්‍රායෙල් තෝරාගෙන, යාකොබ්ගේ වංශයට මාගේ අත ඔසවා, මිසර දේශයේදී මා ඔවුන්ට ප්‍රකාශවූ දවසේදී: මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේය කියා මාගේ අත ඔවුන්ට එසෙවුවෙමි.


නුඹලා එකිනෙකා තම තමාගේ ඇස්වලට ප්‍රියවූ අශික්ෂිතකම් පහකරදමා, මිසරයේ දේවරූපවලින් අපවිත්‍ර නොවී සිටින්න; මම නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේයයි ඔවුන්ට කීමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්